Friday, January 13, 2017

නත්තල් තෑග්ග(33 කොටස).............................තාත්තට කියල අල්මාරියක් ගන්නකන් ඔයාට මගේ අල්මාරියෙ කොටසක් දෙන්නම් ඇදුම්ටික තියාගන්න.....මම අමාදාට කීවෙමි.....ඕනෙ නෑ නිරෝෂා මට අල්මාරියක් තිබුනෙ නෑනෙ......ඇය කීවාය.....දැන් ඔයා මගේ සහෝදරියෙක්නෙ ඒ හින්ද මට ලැබෙන දේවල් ඔයටත් තියෙන්න ඕනැ.....පැවසූ මම ඇයට මගේ අල්මරියේ කොටසක් අස්කර දුන්නෙමි....ඇය ඇදුම් මාරිකලේ මා ඉදිරිපිටදීමය....ගැහැනු ලමයෙක් ඇදුන් මාරුකරනු දැක නැති මෙය මට අමුතුම දෙයක් විය .....අමාදා එදා යෙහෙලියන් සමග පැමිනි දින ඇය ඇද සිටි බලවුසය ගලවන අයුරු සිහිවිය.......එදා මෙයා ගැලෙව්වෙ බලවුස් එක විතරයි අද බ්රෙසියරයත් ගැලෙව්ව .....ඇගේ පියයුරු දෙස යන්තම් බැලූ මට ඒවා මගේ ලෙසටම වැඩී තිබෙන බව දක්නට ලැබුනි.....පැන්ටිය පිටින් සිටි ඇයගේ ඉකිලි පෙදෙසට මගේ ඇස නොදැනීම ගැටුනි.....ඒකත් මගේ වගේම මට්ටම් වෙලා ඇගට තදවෙලා.....දැන් බලනකොට මෙයයි මායි අතර වෙනසක් නෑ....මට සිතුනි.....ඇය නයිට් ගවුමක් ඇදගත් අතර ..........ඔයා නයිට් ගවුම ඇදගෙන නෙවෙයිද නිදාගන්නෙ...මගෙන් ඇසුවාය....ඇදගන්න ඕනැ.....මම පැවසුවෙමි.....මා මෙසේ පැවසුවත් මේ වෙනවිට මගේ තෑගි ගවුම ඇදගෙන සිටිය යුතු බවත් නැතිනම් මාව නැවත නිරෝෂ් බවට පත්වෙන බවත් දැනගෙන සිටියෙමි.....දැන් මෙයාට හොරෙන් ඒගවුම ඇදගෙන ටිකවෙලාවක් ඉන්න ඕනැ.....කොහොමද ඒක කරන්නෙ....මට ඇදුන් වගයක් හෝදන්න බැරිවුනා හෙට හෝදන්න මේටික පොගන්න දාල එන්නම්.....පැවසූ මම තෑගි ඇදුම් ටික අතට ගෙන නාන කාමරයට ගොස් දොරවසාගෙන ගවුන් ටික ඇද ටික වෙලාවක් සිටියෙමි.....දැන් හෙට මේ වෙලාව වෙනකන් මට බය නැතුව කෙල්ලෙක් වෙලා ඉන්න පුලුවන්......සිතූ මම නැවත් එම ඇදුම් ටික ඉවත්කර ඇදගෙන සිටි ඇදුම් ඇදගත්තෙමි......ඇදුම්ටික ආපසු ගෙනෙනු බලාසිටි අමාදා ඇයි පොගන්න දැම්මෙ නැද්ද ...ඇසුවාය.....බාල්දිය එලියෙ බන් මේ රෑවෙලා දොර අරින්න බෑ.....මම කීවෙමි......මාත් එන්නම් යමු ඇය කීවාය.....ඕනෙ නෑ බන් හෙටම හෝදනව....මා ඇදුම් ටික රාක්ක්ය මත තබමින් කීවෙමි....ඇය ඉදිරිපිටදීම ඇදුම් මාරුකර ගැනීමට මටද සිදුවී ඇත.....දැන් මාත් එයා වගේ කෙල්ලෙක්නෙ මොනව හන්ගන්නද...සිතූ මම ඇද සිටි ගවුම ගලවා නයිට් ගවුම ඇදගෙන ඇදේ ඇලවුනෙමි......මා අසලින් නිදා ගත් අමාදා මගේ තුරුලට පැමිනෙන්ට විය. ....මාව කෙල්ලෙක් උනාට කවදාවත් මම ගැහැනු ලමයෙක්ව තුරුලු කරගෙන ඉදල නෑ.....මට ලැජ්ජාවක් වැනි හැගීමක් ඇතිවිය...මොකද මේ........ මම ඇසුවෙමි......ගෙදරදි මම අම්මට තුරුලුවෙලා නිදාගන්නෙ නැත්නම් නින්ද යන්නෙ නෑ..අනේ......පැවසූ ඇය ඔයාට මාව කරදරයක්ද ඇසුවාය.....අනේ නෑ කෙල්ලෙ....කී මම ඇයව තුරුලුකර ගත්තෙමි.......කිසිම දිනක ගැහැනු ලමයෙක් තුරුලුකරගෙන නිදා නොගත් මට මෙය අමුතුම අත්දැකීමක් විය.....මෙයත් මම වගේ අහින්සක කෙල්ලෙක්......සිතූ මම ඇයව මගේ සිරුරට තදින් තද කොට තුරුලට ගත්තෙමි........ඔයත් මගේ අම්මා වගෙනෙ.......අම්මත් මාව තුරුලුකර ගන්නෙ ඔහොම තමා......ඇය සෙමින් කියනු ඇසුනි.......අදනම් බොරුවක් කියල මාව කොල්ලෙක් වෙන එකෙන් බේරුනා.....දැන් හෙට මොකද කරන්නෙ......මා කල්පනා කලෙමි......බැරි වෙලාවත් මෙහෙම අමාදාව තුරුලුකරගෙන ඉන්න කොට මාව නිරෝෂ් බවට හැරුනොත් හරි වැඩේ වෙන්නෙ......ඒ හින්ද මගේ ගැහැනු කම කොහොම හරි රැකගන්න ඕනැ.....මා කල්පනා කලෙමි.....වෙනදා පරිදි එලාම් හඩට පාන්දර පිබිදුනි........මා සමග අමාදා නැගිට්ටත් සීතලයි අනේ පැවසූ ඇය නවත ඇලවුනාය......මා කුස්සිය දෙසට ගියෙමි.......ඒ වනවිට අම්මා අවදි වී චීත්ත රෙද්දක් පොරවාගෙන කුස්සිය දෙසට ගමන්කරනු දුටුවෙමි.....මමද ඇය පසුපසින් ගියෙමි.......මා දෙස බැලූ ඇය......ආ දුවත් පාන්දරම ඇහැරුනාද.....ඇසුවාය......ඔව් අම්මෙ තාත්තට කෑම ගෙනියන්න උයන්නත් තියෙනවනෙ.....මා කීවෙමි..... තාත්ත අද වැඩට යන්නෙ නෑ කිව්වනෙ දවසක් දෙකක් නිවාඩු දැම්ම කිව්ව.....පැවසූ ඇය.....දැන් දුව වෙනද වගේ පාන්දර නැගිටින්න ඕනෙ නෑ ...මම ඉන්නවනෙ දුවේ......ඇය කීවාය.......නෑ අම්මෙ මම අම්මට උදවු කරන්නත් එක්ක එන්නම්.....මම කීවෙමි.......අන්න එහෙම තමයි හොද දුවල........... ඇය මාව තුරුලට ගෙන පැවසුවාය......මේ මගේ අම්මද ඇගේ උනුසුමෙන් සතුටට පත්වූ මට සිතුනි......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: