තාත්තේ මම විභාගෙ හොදට කලානෙ මට සුවර් එකක් තියෙනව හොදට පාස් වෙයි කියල.....මා කීවෙමි...... දුව හොදට පාස් වුනොත් හොද ස්කෝලෙකෙට දාගන්න පුලුවන්.....තාත්තා කීවේය........එහෙනම් ඒ ස්කෝලෙට ආයෙත් යන්න ඕනෙ නෑනෙ තාත්තෙ අලුත් ස්කෝලෙටම යන්නම්.......මගේ අදහස කීවෙමි.....ඒකටනම් කමක් නෑ නිරෝෂා.....ඒත් මල්ලිලත් ස්කෝලෙ ගියහම ඔයා මේ ගෙදර තනියම ඉන්නෙ කොහොමද......තාත්තා ඇසූ විට.....මම මීට ඉස්සර කීදවසක් තනියම ඉදල තියෙනවද.....ඒ මම කොල්ල කලෙනෙ දැන් මම කෙල්ලෙක් වෙලා හින්ද තනියම ඉන්න හොද නෑනෙ......එසේ කල්පනා වූ මම......මල්ලිල එනකන් මම සුදු ආච්චිගෙ ගෙදරට වෙලා ඉන්නම්......මම කීවෙමි.....ඒක හොදැනෑනෙ සුදු ආච්චිට කරදරයක් නෙ......කොයිකටත් අපි සුදු ආච්චිගෙන් අහල බලමු.....තාත්තා යෝජනා කලේය.......මා තාත්තා සමග සුදු ආච්චිට කේක් එකක් රැගෙන ඇයගේ ගෙදරට ගියෙමු.......සුබ අලුත් අවුරුද්දක් සුදු ආච්චියේ....ඇයද අපිව සුහදව පිලිගත්තාය.......ඇන්ටී පොඩි වුදව්වක් ඉල්ල ගන්න ආවෙ......කියන්න මට පුලුවන් දෙයක් කරන්නම්......ආච්චි අපි දෙදෙනා දෙස බලා කීවාය......අපේ දුවට මේ දවස් ටිකේ ස්කෝලෙ යන්න බැරිලු ප්රතිඵල ආවට පස්සෙම යනවලු........මම කල්පනා කලේ මේ දවස් ටිකේ දුවව දවල්ට විතරක් මෙහාට එවන්න....ඇන්ටිට කරදරයක් නැත්නම් .......තාත්තා මෙසේ කියන විටම.......මට මොන කරදරක්ද මිස්ට...පීටර්.............
පොරොන්දු වූ පරිදි සුදු ආච්චි උදේට අපේ ගෙදර ආවාය......ඇය ආපසු ගියේ මල්ලිලා දෙදෙනා ගෙදර පැමිනියාට පසුවය......සුදු ආච්චී ලගින් ඇසුරු කිරීමට පටන් ගත් පසු ගැහැනු ලමයෙකු වශයෙන් මා ඉගෙන ගත යුතු බොහෝ දේවල් ඉගෙන ගැනීමට හැකිවිය........ඇයට ඕනෑම කෑම වර්ගයක් සෑදීමට හැකියාව තිබුනි.....මට ඒවා ඉගෙන ගැනීමට වාසනාව උදාවිය.........මාතුල ගැහැනු ආකල්ප තවදුරටත් දියුනු කරගැනීමට හැකියාව ලැබුනේ සුදු ආච්චිගෙන් බව මා කල්පනා කලෙමි.
එදින නිවාඩු දිනයකි. නිවාඩු දිනවල සුදු ආච්චී නොපැමිනියේ මා තනියම නොසිටින නිසාය.......එදින උදේ මට විශාල බඩේ කොරයක් සෑදුනි.....මා බඩ අත ගමින් අපහසුවෙන් කුස්සියට ගියෙමි........මොකද දුවේ අම්මාරුවෙන් වගේ......මා දෙස බැලූ තාත්තා ඇසුවේය......බඩ කොරවෙලා තාත්තෙ හරි අමාරුයි.....මම කීවෙමි.......කට කොනකින් සිනාසුනු තාත්තා කෝපිටිකක් හදාගෙන බොන්න එතකොට අඩුවෙයි......ඔයාගෙ අම්මත් ඔහොම උනාම බොන්නෙ කෝපි.......පැවසූ තාත්තා.....මේ දවස් වල අදින පෑඩ් තියෙනවද.......නැත්නම් කියන්න මම ඊව පැකැට් ටිකක් ගෙනත් දෙන්නම්.......තාත්තා සෙමින් පැවසුවේය.......තාත්ත මොකක්ද මේ කියන්නෙ.....කල්පනා කල මට.......ගැහැනු අයට මාසෙකට සැරයක් මාසෙ වෙනව කියන එකක් වෙනව කියල මම අහල තියෙනව.......ඒ දවස් වල එයාල පැන්ටියට යටින් ඊවා අදිනවලු......මගෙ බඩ කොරවුනේ එහෙම වෙන්නද දන්නෙ නෑ.......කල්පනා කල මම .....මාව ගැහැනු ලමයෙක් බවට පත්වී තවමත් දින කිහිපයක් පමනක් නිසා ඊවා පැකැට් මා ලග නොමැත........ඒවනම් නෑ තාත්තෙ මා ලැජ්ජාවෙන් මෙන් පැවසුවෙමි........මම තව පොඩ්ඩකින් කඩේට ගිහින් ගෙනත් දෙන්නම්......තාත්තා පැවසූ අතර මා කෝපි සෑදීමට සූදානම් උනෙමි....මේ දවස්වලට ගැහැනු ලමයින්ට ගොඩක් අමාරු වෙනව කියල මම අහල තියෙනව......මටත් ඒවගෙ අමාරු වෙයිද දන්නෙ නෑ.....මට බයක් ඇතිවිය......ඒවගෙ ලොකු අමාරුවක් උනොත් මම ආයෙ නිරෝස් වෙනව........අර ඇදුම් නොඇද හිටියහම නිකම්ම නිරෝෂ් නෙ....මේ ලෙඩේ තියෙන්නෙ දවස් හතර පහලුනෙ එතකන් නිරෝෂ් වගේ ඉදල ඊට පස්සෙ ආයෙත් නිරෝෂා වෙනව...........මා සිතාගත්තෙමි.....තාත්තා පැවසූ පරිදි මා කෝපි පානය කර ටික වෙලාවකින් තදබල ලෙස තිබුනු බඩේ කොරය අඩුවිය.
තාත්තා මට ඊවා පැකට් කිහිපයක් ගෙනත් දුන්නේය...ඒ සමග පැනඩෝල් පෙති කිහිපයක් දුන් ඔහු අමරු වැඩිනම් මෙයින් පෙති දෙකක් බොන්න.....පැවසුවේය........
No comments:
Post a Comment