Friday, January 20, 2017

නත්තල් තෑග්ග(41 කොටස)...............................මා මෙතෙක් කලක් මගේ ගැහැනු කම ස්තීර කරදෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියද . උන් වහන්සේ මට ස්තීර ගැහැණු කම ලබා දීමට දීමට සූදානම්වුවත් නිරෝෂ් ලෙස කාලයක් ජීවත්වූ මට එම පිරිමි ජීවිතය එකවරම සම්පූරනයෙන් නැතිකර දැමීමට යම්දුකක් හිත තුල වර්දනය වන්ට විය. මේ ලෝකෙ කාටවත් නැති වාසනාවක් මට තියෙනව මට ඕනැ වෙලාවක කොල්ලෙක් වෙන්න පුලුවන් මම මොකටද ඒ වාසනාව නැතිකර ගන්නෙ.....මා කල්පනා කරන්ට වුනෙමි....මම ටික දවසක් මෙහෙම ඉදල දෙකෙන් එකක් තෝර ගන්නව......ඒත් මට දිගටම නිරෝෂ් විදියටනම් ජීවත්වෙන්න උවමනාවක් නෑ....මම වඩියෙන්ම කැමති මේ සුන්දර ගැහැනු කම එක්ක නිරෝෂා විදියට ඉන්න.....මුද්ද නොදා හිටියොත් හිතුනොත් පොඩි වෙලාවකට හරි කොල්ලෙක් වෙන්න පුලුවන්.....මා මෙසේ කල්පනා කලද.....අමාදාට නොපෙනෙන ලෙසෙ දිනපතා එකම ගවුම අදින්නේ කෙසේ හැයි ගැටලුවක් ඇතිවිය. අසනීපයක් හරි වෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ගවුම ඇදගන්න බැරිවුනොත් හරි වැඩේ වෙන්නෙ.....මුද්ද දාගෙන ගැහැනු කම ස්ථීර කරගත්තොත් ඒ ගැටලුව නැතිවෙනව......මා සැටියේ වාඩිවී මෙසේ කල්පනා කරමින් සිටිනවිට කාගෙද අතක් මගේ ඇස් ඉදිරිපිට චලනය වන බව දුටුවෙමි......මා මේ කවුදැයි බැලුවෙමි.......කොහේද බන් මෙච්චර වෙලා ගිහින් හිටියෙ....අමාදා සිනාසෙමින් ඇසුවාය.....මම කොහේවත් ගියෙ නෑ.....මම පැවසුවෙමි......ලොකූ කල්පනාවක් දාගෙන හිටිය හින්ද ඇහුවෙ.....නෑ බන් ඊයෙ රෑ සිස්ට දුන්න මුද්ද ගැන කල්පනාකලේ.....මම කීවෙමි.....මොකක්ද බන් ඒකෙ තියෙන වටිනාකම තඹද පිත්තලද කොහේද.....ඔන්න රත්තරන් මුද්දක් උනානම් කල්පනා කලාට කමක් නෑ......ඇය මුද්දේ වටිනාකම සම්භන්දව කතාකරන්ට වූවාය......ඒක තබ උනත් පිත්තල උනත් ඒකෙ වටිනාකම තියෙන්නෙ මටයි.....මෙයාට ඒක ගැන කියන්නත් බෑ.....සිතූ මම......ඒක කටවත් නොදී මටම පාවිච්චි කරන්න කියල සිස්ට කිව්වෙ......පැවසුවෙමි.....ඒ සිස්ට උබට විහිලුවක්ද කොහේද කරල තියෙන්නෙ එයාගාව තිබුන පරන මුද්දක් දෙන්න කෙනෙක් නැතුව උබට දෙන්න ඇති.....ඔන්න ඕක අහකට විසි කරල ඕක ගැන කල්පනා කරන එක අතහැරල දාපන්......අමාදා කීවාය......ඒක විසිකරලත් බෑබන්.....මම කීවෙමි.......එහෙනම් තියාගෙන කල්පනා කරකර හිටපන්....ඇය කීවාය.
දුව නිරෝෂා......අම්මාගේ කටහඩ කුස්සිය දෙසින් ඇසුනි.....ඇයි අම්මේ.....මා නැගිට කුස්සිය දෙසට ගියෙමි......ඔන්න උදේ කෑමටික හරි.....මල්ලිලටත් කතා කරන්න......පැවසූ අම්මා.....අද උදේ ඉදන් දුවගෙ අමුත්තක් පේනව....මොකක් හරි ගැටලුවක්ද......අම්මා ඇසුවාය.......මොකුත් නෑ අම්මෙ.....මම කීවෙමි......මොකුත් නැතිවෙන්න බෑනෙ දුවේ.....දුව මගේ කුසෙන් වදන්න බැරි උනත් ඔයාව දැන් මගේම දුවෙක් වෙලා ඉවරයි......ඒ හින්ද දුවගෙ පොඩි වෙනසක් උනත් මට කියන්න පුලුවන්......අම්මා කීවාය......අම්මෙ මෙයාට ඊයෙ රෑ පල්ලියෙදි සිස්ට කෙනෙක් හම්බවෙලා මොකක්ද දීල ඊට පස්සෙ ඔය කල්පනාකරන්නෙ......මේ කතාව අසාසිටි අමාදා කීවාය......ඇත්තද.....මොකක්ද දුන්නෙ.....අම්මා මගෙන් ඇසුවාය......මොකද මුද්දක් අම්මෙ ඒක ඇති වටිනාකමක් නෑ....රත්තරන් උනානම් වටිනාකමක් තියෙනව.....මා උත්තර දීමට පෙර අමාදා කීවාය.....කොයි සිස්ටද ඒක දුන්නෙ.....අම්මා ඇසුවාය......මම මීට ඉස්සෙල්ල දැකල නෑ එයාට වැඩි වයසකුත් නෑ.....මම කීවෙමි....දුවට විහිලුවක් කරන්න ඇති ඕව ගනන් ගන්න එපා......අම්මා කීවාය.....මේ සැම කෙනෙකුටම එම මුද්ද වටිනා දෙයක් නොවුනද මගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් කල හැක්කේ එයට බව දන්නේ මාත් දෙවියන්වහන්සේත් පමනි......මා දැන් කල යුත්තේ මගේ ජීවිතය විසදීමට මුද්දට භාරදීමද.....තව එකදවසක් නිරෝෂ් බවට පත්වෙලා ඉදල තීරනයක් ගන්නව මා සිතාගත්තෙමි....ඒත් මම කොහොමද නිරෝෂ් බවට පත්වෙන්නෙ...... ගැටලුවක් ඇතිවිය.....එක දවසකටඅමාදා මගේ කාමෙරේ නිදාගත්තෙ නැත්නම් මට පුලුවන් රෑට නිරෝෂ් බවට පත්වෙලා ඉන්න.....එහෙම නැත්නම් මම වෙනකාමරේක තනියම නිදාගත්තොත් හරි.....මා තවදුරටත් කල්පනා කලෙමි.....

Transgender body swap ගේ ඡායාරූපය

No comments: