Thursday, January 12, 2017

නත්තල් තෑග්ග(32 කොටස)...............................දුව අමාදා...... අම්මත් එක්ක ඇවිත් කෑමටිකක් කාලයන්න....පයින් යන්න ඕනැ නෑ මම ගිහින්දාන්නම්.......තාත්තා අමාදාට පැවසුවාය......අනේ මන්ද අපි හින්ද ඔයාලට කරදරේ......අමදාගේ මව පවසන විට මා ඇය අසලට ගොස්.....ඇගේ අතින් අල්ලා.... අම්ම අද අපේ ගෙදරින් කාලම යන්න ඕනැ.....පැවසූ මම....ඇගේ අතින් ඇදගෙන ගේ තුලට ගියෙමි....ඇය ලැජ්ජාවෙන්මෙන් මා සමග ගේ තුලට ගියාය......අම්මේ මමයි අද පාන්දර නැගිටල ඉව්වෙ අඩුපාඩු තියෙනවනම් කියන්න......ඇයව කුස්සියට එක්කගිය මම කීවෙමි......ඇය වෑංජනය එකින් එක පරීක්ශා කරමින් .....දුව රසට උයල තියෙනවනෙ...සිනාසෙමින් කී ඇය.... බත්නම් ටිකක් මදිවෙයි වගේ.......හාල්ටිකක් ගන්නකො දුවේ හොදල දෙන්න....කීවාය.....එම බත් ඉදුනු පසු කෑම මේසය පිලියෙල කල මා .....අමාදා අපි දෙන්න කෑම බෙදාගෙන කාමරේට යමු. මල්ලිල දෙන්නටත් කියමු බත් බෙදාගෙන කුස්සියෙන් යන්න කියල එතකොට ...අම්මයි තාත්තයි කුස්සියෙ තනිවෙනව......මා අමදාට පැවසූ විට.....මගේ සැලැස්මට අමාදා එකගවිය......තාත්තා කෑම බෙදාගත් පසු අමාට කෑම බෙදාගැනීමට උදවු කල මම.....සැලැස්ම පරිදි අපි හතරදෙනාම කෑම බෙදාගෙන කුස්සියෙන් පිටතට යන බව නොදත් අම්මා කෑම මේසයේ වාඩිවී තාත්තා සමග කෑම කෑමට සූදානම් විය.....යමු මා අතින් සංඥා කල පසු හතරදෙනාම කුස්සියෙන් පිටවූවෙමු.......කෝ මේ දූල කොහේ ගියාද.....අම්මා පවසනු ඇසුනි......එයාල කොහේ හරි ඉදන් කයි....බියට්‍රිස් ඔතැන ඉදන් කන්න .නොදන්න තැනක් නෙවෙයිනෙ......තාත්තා කියනු ඇසුනි......සුලු වෙලාවකින් මා කුස්සියට ගියෙමි......තාත්තා අම්මාට වෑන්ජන් බෙදනු දුටු මම මුවට නැගුනු සිනහව තද කරගෙන වතුර ටිකක් බී නැවත කාමරයට ගියෙමි......දෙන්න මොකද කරන්නෙ.....අමාදා ඇසුවාය.....වැඩේ සෙට් වෙලා වගේ බන්.....මා දුටු දේ ඇයට පැවසූ විට.....උබේ මොලේ බන් මොලේ.....සිනසෙමින් කීවාය.....
එදින සිට අමාදා සහ අම්මා නිතර අපේ ගෙදර පැමිනි අතර අපිට ඇය නොදැක සිටීමට අපහසුවිය.....මම තීරනයක් ගත්ත අම්මෙ.....අපි ආච්චිගේ ගෙදර ගියවිට තාත්තා ආච්චිට පවසනු ඇසුනි.....ඒ මොකක්ද බන්.....ආච්චි පුදුමයෙන් මෙන් ඇසුවාය......මම කසාද බදින්න තීරනයක් ගත්ත.....ඔහු පැවසූ විට.....ඒ කාවද......ආච්චි ඇසුවාය......අම්ම දන්නවනෙ අර බියට්‍රිස් .......තාත්තා පැවසුවේය.....ඒ ගෑනිනම් හොදයි බන් මම කීප දවසක් බලා හිටිය ඒකි උබේ දරුවන්ටත් ගොඩක් ආදරෙයි........ආච්චි පැවසුවාය......දැනටනම් ආදරෙයි ඒත් බැන්දට පස්සෙ මොනව වෙයිද කවුද දන්නෙ......තාත්තා කීවේය.......එහෙම වෙන එකක් නෑ ඒකි හොදයි......ආච්චි කීවාය......අම්මෙ අපි දවසක් දාගෙන පියට්‍රිස් ගෙ ගෙදර ගිහින් එමු.....තාත්තා පැවසුවේය.....
තාත්තා බියට්‍රිස් අම්මව කසාද බැදීමට තීරනය කර ඇති බව මට මෙම කතාවලින් වටහා ගැනීමට හැකිවිය.......මා අමාදාටද මේ ගැන කීවෙමි......අපේ අම්මත් මට කිව්ව ඔයාලගෙ තාත්ත එහෙ එන්න අහනව කියල.....මගෙන් ඇහුව කැමතිද කියල.....මටත් ඉතින් තාත්තා කෙනෙකුයි ඔයාල වගේ සහෝදරියො සහෝදරයොයි හම්බවෙනවනම් ඊට වඩා දෙයක් තියෙනවද බන්......ඇය සතුටින් පැවසුවාය......ඔන්න අපිට අම්ම කෙනෙක් ලැබෙන්න යනව....මම මල්ලිලා දෙදෙනාට කීවෙමි.....ඒ කොහොමද.....ලොකු මල්ලී ඇසුවේය......බියට්‍රිස් අම්ම අපේ ගෙදර පදින්චි වෙන්න එනව.......මම කීවෙමි......එතකොට අමාද අක්කත් එනවද අක්කෙ.....පොඩි මල්ලී ඇසුවේය.....එයත් එනව මල්ලි...මම පැවසූවිට.......එතකොට අපිට අක්කල දෙන්නයි ...පොඩිමල්ලී සතුටින් පවසන්ට විය......
දින කිහිපයකින් තාත්තාගේ සහ බියට්‍රිස් අම්මාගේ කසාදය පල්ලියේදී සිදුකෙරුනි.......එය චාම්ව සිදුකෙරුනු අතර නෑදෑ හිතවතුන් සුලුදෙනෙකුට පමනක් දන්වාතිබුනි.... එදින සිට අමාදා මගේ කාමරයේ පදින්චි වූ අතර අපි දෙදෙනාටම නිදාගැනීමට සිදුවූවේ ඩබල් ඇදක් වූ මගේ ඇදේය. තවමත් තෑගි ගවුම නොඇද සිටියොත් මාව නැවත කොල්ලෙක් බවට හැරීමේ අවදානම තිබුනි.....නිතර එම ගවුම ඇදීම අමාදාට ගැටලුවක් විය හැකි බැවින්....එය හොරෙන් ඇදීමට උපක්‍රමයක් කල්පානා කිරීමට සිදුවිය......

Transgender body swap ගේ ඡායාරූපය

No comments: