නත්තල් තෑග්ග(40 කොටස)...........................මුද්දක් දීල කිව්ව ඒක දාගන්න කියල... වෙනකාටවත් දෙන්න එපා කිව්ව....මම පැවසුවෙමි....ඉතින් දාගත්තද..... නෑ අනේ කවුද දන්නෙ මොකක්ද කියල....මම ඇයට මුදුව පෙන්වමින් කීවෙමි....මේක නිකම්ම නිකන් මුද්දක් විතරනෙ වටිනාකමකුත් නෑ නේද?.....ඇසූ ඇය මුදුව ගැන තැකීමක් නොකලාය..මෙයා මේ මුද්දෙ ඇත්ත තත්වය දන්නෙ නෑනෙ ....සිතූ...මා මුදුව නැවත බෑගයේ දමාගත්තෙමි......වාහනේට නගින්න ගෙදර යන්න....අම්මා අපිට පැවසූ අතර අපි සියලුදෙනාම ගෙදර ගියෙමු......දැන්නම් ගොඩක් නිදිමතයි නිරෝෂා ...පැවසූ අමාදා ඉක්මනින් ඇදුම් මාරුකරගෙන ඇදේ ඇලවුනාය.....පසුගිය නත්තලට තෑගි ලැබුනු ඇදුම් ඇදගෙන සිටි මා ඒවා සෙමින් ගලවමින් හොදින් නවා වෙනම තැබුවෙමි.....නයිට් ගවුම ඇදගත් මා ...ඇදෙහි ඇලවුනෙමි....දැන් මුද්දට මොකද කරන්නෙ....මා කල්පනා කිරීමට පටන්ගත්තෙමි.....ඒක දාගත්තොත් ආයෙත් කවදාවත් මට කොල්ලෙක් වෙන්න ලැබෙන්නෙ නැතිලු....මම උපන්නෙ කොල්ලෙක් විදියට අවුරුදු ගානක් හැදුනෙ වැඩුනෙ කොල්ලෙක් විදියට.....මා එම පිරිමි ජීවිතය ගැන කල්පනා කලෙමි.....කොල්ලොත් සමග එකතුවී සෙල්ලමට කල දඟ වැඩ.....කොල්ලොත් සමග ගහගත්ත ආකාරය චන්ඩි කොල්ලන්ගෙන් ගුටිකෑව ආකාරය එකින් එක සිහිපත් විය......මා උදෑසන පිබිදෙන විට මා එම කල්පනාවෙන්ම නින්දගොස් ඇතිබව සිහිවිය......දැන් ඒ මුද්දට මොකද කරන්නෙ අතේ දාගන්නවද?.....මට දෙගිඩියාවක් ඇතිවිය......ඒක දාගත්තොත් නිරෝෂ කියන පිරිමි චරිතයට සදහටම සමුදෙන්න වෙනව......ඒක නොදැම්මොත් මට ඕනැ වෙලාවක ආයෙත් නිරෝෂ් වෙන්න පුලුවන්......මට ඕනැ වෙලාවක නිරෝෂ් වෙන්න ඒක පලදින්නෙ නැතුව හිටියොත් හොදයි......මා කල්පනා කලෙමි......මා මුද්ද අල්මාරියේ පරිස්සමට තබා.....කුස්සියට ගියෙමි......රෑ නිදිමරපු හින්ද මටත් ටිකක් නින්ද ගියා දුවේ......ඒ වෙනවිටත් ඇහැරී සිටි අම්මා කීවාය......අද ඉතින් නිවාඩු දවස හින්ද අවුලක් නෑනෙ අම්මෙ.....මම පැවසුවෙමි.....ඒ වුනාට හවසට නත්තල් පාටියට ලෑස්ති වෙන්න තියෙනවනෙ.....ගේ මිදුල ටිකක් අස්කරල පාටියට මොනවහරි හදන්නත් ඕනැ.....අම්මාපැවසුවාය.......අවුලක් නෑනෙ අම්මෙ මායි අමාදයි ඉන්නවනෙ.....මම හිතන්නෙ සුදු ආච්චිත් එයි උදවුවෙන්න.....මා පැවසුවෙමි.....ආ... ඔව්.... තාත්ත සුදු ආච්චිට මේ ගැන කිව්ව තමයි......අම්මා කීවාය.....අපි කුස්සියේ තේ පිලියෙල කල පසු අමාදා එනුදුටු අම්මා.....දැන්ද ඇහැරුනේ.....බලන්නකො නිරෝශා ඇහැරිලා කොච්චර වෙලාද කියල......රෑ නිදි මැරුවනෙ අම්මෙ ඒකයි නින්ද ගියේ.....ඇය කීවාය......ඒකෙන් කමක් නෑ මේ තේ බීල මිදුල අතුගාන්න.....අම්මා අමාදාට කීවාය......මිදුලට බහින්නෙ කොහොමද සීතලයිනෙ අම්මෙ.....අත් දෙක පොරයාගෙන සිටි ඇය කීවාය.....අමාදා ගේ ඇතුල අතු ගාන්න මම මිදුල අතුගාන්නම් මම කීවෙමි......ඒකනම් හොදයි.....ඇය සිනාසෙමින් කීවාය......බලන්නකො නිරෝශා මේකිට මිදුලට බහින්න තියෙන කම්මැලිකම....අම්මා තරහෙන් මෙන් කීවාය......කමක් නෑ අම්මෙ.....මා සිනාසෙමින් පැවසුවෙමි...
අද රෑ දෙකට ඉස්සෙල්ල මුද්ද දාගත්තෙ නැත්නම් මාව ආයෙත් කොල්ලෙක් වෙයි.....ඒ ගවුම ගැලෙව්වෙ රෑ දෙකට විතර.......ඊට ඉස්සෙල්ල මේ මුද්ද දාන්න ඕනැ නැත්නම් තාවකාලිකව පිරිමි කම නවත්ත ගන්න වෙනද වගේ ගවුම ඇදගෙන ඉන්න ඕනැ.....මොකක්ද දැන් මම කරන්නෙ......තාව කාලික ගැහැනු කම තියාගන්නවද? ගැහැනු කම ස්ථීර කර ගන්නවද?.....මා තෝරා ගතයුත්තේ මේ දෙකෙන් කුමක් ද.....මාගැහැනු සහ පිරිමි භවදෙක අතර අතමන් විය....ගැහැනු සහ පිරිමි භවදෙක අතර අතමන් විය.......
No comments:
Post a Comment