නත්තල් තෑග්ග(23 කොටස)..................... .....................සවස මා මෙසේ කල්පනා කරමින් සිටිනවිට ගෙදර සීනුව නාද විය........මා කාමරයේ සිට දොස අසලට යනවිට.....අක්කේ අන්න ඔයාව හම්බවෙන්න යාලුවො වගයක් ඇවිල්ල.......ලොකු මල්ලී කියාගෙන ගේ ඇතුලට ගියේය.....යාලුවො කිව්වෙ ප්‍රදීප්ල තරන්ගල ද දන්නෙ නෑ. මම කොහොමද දැන් කෙල්ලෙක් විදියට එයාලට මුහුන දෙන්නෙ....මට බයක් ඇතිවිය......යාලුවො කිව්වෙ මල්ලි කොයිවගේ අයද?...මා ඉදිරියට නොගොස් මල්ලිගෙන් ඇසුවෙමි.....අක්කගෙ පන්තියෙ යාලුවො.....ඔහු පැවසුවේය......ශික් හරි වැඩේ දැන් වෙන්නෙ මුන්ට මම මොනවද කියන්නෙ.......සිතූ මම....අනේ මල්ලියෙ මොකටද ආවෙ කියල අහගෙන එනවද .....මා මල්ලිට කීවෙමි.....මට බෑ අක්කෙ ඔය කෙල්ලොත් එක්ක කතාකරන්න යන්න......අක්කත් කෙල්ලෙක්නෙ අනිත් එක අක්කගෙ පන්තියෙ යාලුවොනෙ ගිහින් කතාකරන්නකො....ඇයි ඔයතරම් බයවෙලා......මල්ලී මට කීවේය......මම හිතුවෙ කොල්ලො කට්ටියක් කියල.....මා පැවසුවෙමි.....අක්කව හම්බවෙන්න කොල්ලො ආවනම් මම මොකද කියල අහනවනෙ.....මල්ලී පැවසූ විට.....කවුද මේ කෙල්ලො ටික.....මා කල්පනාකරමින් එලියට ගියෙමි......අනේ නිරෝශා ඇයි බන් උඹ ස්කෝලෙ ආවෙ නැත්තෙ....මගේ පන්තියේ ගහැනු ලමයෙක් වන නෙත්මී මගේ අත්දෙකෙන් අල්ලාගෙන දීර්ග කාලීන මිතුරියක් ලෙස පැවසුවාය.....ඇයගේ අනිත් මිතුරියන් වන චතුරිකා සහ අමාදා ද පැමින සිටියාය......මට ඇස් අදහා ගැනීමට නොහැකි විය. මම මේ දකින්නෙ හීනයක් ද.....පුදුමයට පත්වූ මා සෙමින් මගේ අත කොනිත්තා ගත්තෙමි.....රිදෙනව හීනෙකුත්නෙවෙයි. මෙයාල මාව හම්බවෙන්න ඇවිත් ඉන්නෙ හැබැහින් මෙයාල මාව එයාලගෙ දීර්ග කාලීන මිතුරියක් වශයෙන් පිලිගන්නෙත් හැබැහින්ම තමයි.......දෙවියන් වහන්සේ මෙයාලගෙත් කල්පනාව වෙනස් කරල......මෙසේ සිතූ මම සිතින් දෙවියන් වහන්සේට ස්තූති කලෙමි.......වරෙල්ල වරෙල්ල ගේ ඇතුලට......මම සුහද සීලීව ඔව්න්ට කතාකලෙමි......ඔවුන් ගේ ඇතුලට පැමින වාඩිවිය......මොකද බන් උඹ නිවාඩුවෙන් පස්සෙ ආවෙ නැත්තෙ.....අපි හිතුවෙ අද රිසාල්ට් එන හිදවත් එයි කියල......උඹට අසනීපයක්වත් වෙලාද දන්නෙ නෑ කියල අපි මේ බලන්න ආවෙ.....මට ඇති අසනීපයක් නෑ බන් මට එන්න කම්මැලි හිතුන......මා පැවසුවෙමි......මේ කම්මැලි වුනාට කමක් නෑ ඔන්න අපිට පාටියක් ඕනැ......අමාදා පැවසුවාය.......ඒ මොකටද.....මා ඇසුවෙමි.....ඇයි බන් උඹ විභාගෙන් ගොඩ නෙ....අපේ ස්කෝලෙ හොදම රිසාල්ට් තියෙන්නෙ උබටනෙ......වෙන්න බෑ උබල බොරු කියන්නෙ ...උබල හරියටම මගේ නම බැලුවද....මම ඇසුවෙමි......ඉතින් උබේ නම අපි දන්නෙ නැද්ද......නිරෝෂා උදයංගනී පෙරේරානෙ....ඇය එසේ පැවසූවිට...පුදුමයකි මගේනම නිරෝෂ් උදයංග පෙරේරා වෙනුවට මෙයාල දැකල තියෙන්නෙ නිරෝෂා උදයංගනී පෙරේරා කියන ගැහැනු නමින්.....ඒ කියන්නෙ මගේ හැමදෙයක් ම ගැහැනු වෙලා.....කල්පනා කල මා ඉතින් කියහන්කො මගේ රිසල්ට්.....මම ඇසුවෙමි.....උබේ එකයි බන් බී අරන් තියෙන්නෙ අනිත් ඔක්කොම ඒ ......ඔවුන් පැවසූ විට දැන් උබලගෙ කොහොමද මා ඇසුවෙමි......අපි තුන්දෙනාම ගොඩ මට බී දෙකක් විතරයි අනිත්ව ඒ .....නෙත්මී කීවාය....දැන් උඹ මොකද කරන්නෙ හෙට ස්කෝලෙ එනවද.....අමාදා ඇසුවාය.....මේ ඕව කතාකරන්න ඉස්සෙල්ල අපි තේ එකක් බීල ඉම්මු ....මා ඔවුන්ට තේ සෑදීම සදහා කුසියට ගියෙමි......මා තේ රත් කිරීමට සූදානම් වනවිට ඔවුන්ද මා පිටුපසින් කුස්සියට පැමින ඇතිබව දුටුවෙමි.......ෂා උබ කුසිය ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවනෙ......අම්මත් නැති එකේ උඹ කොහොමද බන් මේව තනියම කරගන්නෙ. කුස්සිය වටේ බැලූ චතුරිකා ඇසුවාය......අපෝ මමනම් තම කුස්සිය පලාතෙ යන්නෙ නෑ අම්ම තමා ඒවකරන්නෙ......අමාදා කීවාය.....පවුනෙ බම් අම්මට ටිකක් වුදවු වෙන්න ඕනැනෙ.....නෙත්මී කීවාය......
දැන් කියහන්කො හෙට ස්කෝලෙ එනවද කියල......අමාදා ඇසුවාය......මෙයාල මේවිදියට මාව කෙල්ලෙක් විදියට පිලිගන්නවනම් මේ ස්කෝලෙට ගියත් ගැටලුවක් නෑ.....මට සිතුනි.....
දැන් කියහන්කො හෙට ස්කෝලෙ එනවද කියල......අමාදා ඇසුවාය......මෙයාල මේවිදියට මාව කෙල්ලෙක් විදියට පිලිගන්නවනම් මේ ස්කෝලෙට ගියත් ගැටලුවක් නෑ.....මට සිතුනි.....
No comments:
Post a Comment