Tuesday, February 28, 2017

සීයා 25................................සියල්ල සූදානම් කරගත් මම කමරයෙන් පිටවීමට පෙර කැඩපත අසලට ගියෙමි. මගේ මුහුන දුටුවිට අදත් පවුඩර් ගාගැනීමට අමතක වී ඇතිබව දුටුවෙමි. කොල්ලෙක් මෙන් නොව ගැහැනු ලමයෙක් වූ විට මුහුණ  ලස්සනට තබාගැනීමට අවසය බව මේ වනවිට මට වැටහීතිබුනි..... සියල්ල අවසන් කර ගෙදරින් පිටවීමට පෙර සීයා මාදෙස හොදින් බැලුවේ මගේ අඩුපාඩු තිබේදැයි පරීක්ෂා කිරීමට බව මට තේරුනි......ගේට්ටුව අසලට ගියමම කුසල් පැමිනෙන තුරු බලා සිටියෙමි......ඔහු කඩිනම් ගමනින් පැමිනෙන අයුරු දුටු මට මම කවදාවත් ඔහුතරම් ඉක්මනින් ගමන් නොකල බව සිහිවිය. ......ඒදවස්වල ඔක්කොමල මට කියන්නෙ මම හැසිරෙන්නෙ කෙල්ලෙක් වගේ කියලනෙ.....ඒක මගේ පිරිමි ශරීරෙ වරදක් නෙවෙයි මගේ හැසිරීමේ රටාවෙ වරද. මෙයා මේ ගමන් කරන්නෙ නියම පිරිමියෙක් වගේ.......මා ඔහු දෙස බලා කල්පනා කලෙමි.......මොකද දුකෙන් . වගේ බලාගෙන ඉන්නෙ....මා අසලට පැමිනි ඔහු සිනාසෙමින් ඇසුවේය......දුක් වුනා කියල මොනව කරන්නද කුසල්......මම කීවෙමි......තව ටිකදවසක් ඉවසගෙන ඉන්නකො......පැවසූ ඔහු.....මට නම් දැන් ගානක් නෑ හැමදාම වුනත් මේ විදියට ඉන්න පුලුවන්.....කොල්ලෙක් උනාම මට ප්‍රැක්ටිස් කරන්නත් ලේසියි.......කීවේය.  ....ඔයා කරාටෙ ප්‍රැක්ටිස් කරනවද.....මම ඇසුවෙමි......නැතුව බෑනෙ......නිතර ප්‍රැක්ටිස් කරන්න ඕනැ.....මේ දවස් දෙකේ මේ වෙස් මාරුව හින්ද බැරි වුනා දැන් අපිට තව ටික දවසක් ඉන්න ඕනැ හින්ද ප්රැක්ටිස් පටන් ගන්න ඕනැ......ඔහු කීවේය......ඔයා එක පාරටම කරටෙ ගහන්න ගියොත් කුසල්ට මේ මොකද වුනේ කියල ගෙදර අය කල්පනා කරයි......මම කීවෙමි.......ඒකත් ඇත්ත....එයාල හිතයි කුසල් දැන් නියම කොල්ලෙක් වෙලා කියල.......පැවසූ ඔහු හයියෙන් සිනාසුනේය.......මාත් නියම කොල්ලෙක් විදියට තමා හිටියෙ.......ඒකනම් මම ඊයෙ දැන ගත්ත......ප්‍රනීත් මට ඔයාගෙ හැසිරීම ගැන කිව්ව.....ඔහු මෙසේ පැවසූ විට......ප්‍රනීත් හරි නරකයි එයා තව මොනවද දන්නෙ නෑ මෙයාට කිව්වෙ........මා ලැජ්ජාවෙන් බිම බලාගෙන කල්පනා කලෙමි.......පන්තියට ගිය අපි ඊයේ කලාක් මෙන් අපි දෙදෙනාගේ ස්තාන මාරුකරගෙන වාඩිවුනෙමු.......කුසල් අසලට පැමිනි ප්‍රනීත් ඔහු සමග කතා කරනු දුටුවෙමි.......ටික වෙලාවකින් මා අසලට පැමිනි ප්‍රනීත් .....ඔයාලගෙ වැඩේ හරිගියෙ නැතිලු නේද......ඇසුවේය......අනේ බලන්න ප්‍රනීත් සීයට මැසින් එක හදන්න තව කල් යනව කිව්වනෙ......මම කනගාටුවෙන් පැවසුවෙමි........ඔව් මට ඒ ගැන කුසල් කිව්ව......හැබැයි ඔය උන වැඩේට මම නම් හරි කැමතියි......ඔහු සිනාසෙමින් කීවේය......ඒ මොකද එහෙම කියන්නෙ......මටනම් බෑ හැමදාම මේ විදියට ඉන්න......තරහෙන් ඔහු දෙස බැලූ මම කීවෙමි.......ඕකට තරහ ගන්න එපා මම ඒක කිව්වෙ තේරුම ඇතුව.....ඉන්දිකා......ඔහු කීවේය.....මොකක්ද ඒකෙ ඇති තේරුම.....මම නැවත ඔහුට සැරකලෙමි.......ඔයා කුසල් විදියට හිටියෙ ගැහැනු ලමයෙක් වගේනෙ.....පිරිමි ලමයෙක් ගැහැනු ලමයෙක් වගේ ඉන්නකොට ඒක ගැලපෙන්නෙ නෑනෙ......ඒක හින්ද තමයි ඔයාට හැමෝම විහිලු කලේ.......මම නැත්නම් ඔයාට වෙන යාලුවෙක්වත් නෑනෙ. ඔයාව කොල්ලන්ගෙන් කොන් උනේ ඔයාගෙ ඔය ගැහැනු ගතිගුන හින්ද.......දැන් ඔයාට  ගැහැනු ගතිගුනත් එක්ක ගැහැනු ශරීරෙකුත් ලැබිල ඒතියෙනව.....දැන් ඔයාට ඕනැ ඉදියට ඔයාට තිබුන ගැහැනු ගතිගුන පාවිච්චිකරන්න පුලුවන්. දැන් ඔයාට කවුරුවත් හිනාවෙන්නෙත් නෑ.......ඔහු කියන්ට විය........ඒ වුනාට මම කැමතිනෑ මේ ගැහැනු ශරීරෙට......පැවසූ මම සීයට කියල කොහොමහරි මේ මාරුව අරව ගන්නව......මා දැඩිව කීවෙමි......අනේ මන්ද ඒක ඔයාගෙ කැමැත්තක්.....කී ඔහු මා අසලින් ගියේය.......මොනවද අනේ ඔයා ඊයෙ ඉදන් අර කොල්ලොදෙන්නත් එක්ක රහසෙ කුටුකුටු ගාන්නෙ.......මා අසලට පැමිනි හිරුනි ඇසුවාය......අපේ පුද්ගලික කතාවක්.....මම කීවෙමි......ඉන් එහා ඇය කිසිවක් විමසීමට සූදානම් නොවුවේ ඉන්දිකා ගේ හැටි දන්නා නිසා බව මට වැටහුනි........ඉන්දිකා මට පොඩි අප්සට් එකක් වෙලා අනේ......ඇය කීවාය.....මොකක්ද මා ඇසුවෙමි......උදේ කලබලේට මම බ්‍රා එක ඇදල තියෙන්නෙ  කරකවල......ගවුම ගලවල ඒක හදාගන්න ඕනැ......පොඩ්ඩක් යමුද මාත් එක්ක බාත්රූම් එකට.......ඇය මගෙන් ඇසුවාය........යමු...කී මම ඇය අමග බාත්රූම් එක අසලට ගියෙමි......එය ගැහැනු ලමුන් භාවිතා කරන එකක් නිසා ඇයට ඇතුලට යෑමට ඉඩදී මම එලියට වී සිටීමට සූදානම් උනෙමි.....ඇයි අනේ එන්න මාත් එක්ක ඇතුලට......ඇය අඩගැසුවාය......දැන් මමද ගැහැනු ලමයෙකු බවට පත්වී ඇතිනිසා මෙය ඇතුලට යෑමට තහනමක් නොමැතිබව මට තේරුනි......එහෙත් මා ලැජ්ජාවෙන් යුතුව ඇතුල්ට ගියෙමි......එය ඇතුලේ ගැහැනු ලමුන් කිහිප දෙනෙක් සිටින බව මා දුටුවෙමි......සමහරු මුහුන සෝදමින් සිටි අතර සමහරු මුහුන කොන්ඩ හැඩකරමින් සිටි බව දුටුවෙමි........ඇතුලට ගිය හිරුනි ගවුම ගැලවීමට සූදානම් වනවිට මා ලැජ්ජාවෙන් අහක බලා ගත්තෙමි........මොකද අනේ ඔයා මේව දැකල නැද්ද?.......මා අහක බලනු බලා සිටි හිරුනි ඇසුවාය......එහෙම එකක් නෑ.....මා ගොතගසමින් කීවෙමි.......ගැලවූ ගවුම මගේ කරමත තැබූ ඇය.....බ්රා එක සකස්කිරීමට උත්සාහ කලාය.......උත්සාහය අතහැරි ඇය මා දෙසට පිට යොමුකර මෙන්න මේක පොඩ්ඩක් හදන්නකො.......මට කීවාය......වෙනත් ගැහනු ලමයෙකු අතගා පුරුදු නැති මට මෙසේ කිරීමට ටිකක් අදිමදි කලෙමි.......මොකද අනේ ගල් ගැහිල වගේ බලාගෙන ඉන්නෙ......මගේ ලස්සන දැකලද.....පිටුපස බැලූ ඇය.....සිනාසෙමින් ඇසුවාය......නෑ ...නෑ....කී මම ඇගේ බ්රෙසියරයේ ගාන්චු ගලවා ඇබරුම හරිගස්සා නැවත ඇමුනුවෙමි......මගේ කරමත තිබුනු ගවුම ගත් ඇය එය ඇදගත්තාය........කිසිම දිනක යෑමට තහනම් කර තිබුනු......ගැහැනු ලමුන් භාවිතාකරන බාත්රූම් එකට යෑමට මට හැකිවූවේ මමද දැන් ගැහැනු ලමයෙකු වී ඇතිනිසාය. තැන්කිවු ඉන්දිකා කී ඇය මගේ අතින් අල්ලාගෙන නැවත පන්තියට ගියාය.
                අද දවසද මාත් කුසලුත් අපේ වෙනස කිසිවෙකුට නොදැනෙන සේ ගතකලෙමු. සවස ගෙදර යන විට ඔහු මගේ ගෙදරටත් මම සීයාගේ ගෙදරටත් ගියෙමු.........මොකුත් ගැටලුවක් උනේ නෑ නෙද දුවේ.......මා නිවසට පැමිනෙනු දුටු සීයා ඇසුවේය.......මොකුත් අවුලක් නැතුව අද දිනෙත් ගෙවා ගත්ත.......මා පැවසූ විට සීයා සිනාසුනේය......මා කාමරයට ගොස් ඇදුම් ගලවා පෙරදින ඇද සිටි ගවුම ඇදගත්තෙමි........
Transgender body swap ගේ ඡායාරූපය

No comments: