Saturday, February 25, 2017
සීයා 18............................දැන් ඉන්දිකත් මගේ පිරිමි සිරුරෙ ඉදගෙන නානව ඇති.......මගේ මවිල් තියෙන අතපය අතගානකොට එයාට මොනව හිතෙනවද දන්නෙ නෑ........කකුල් දෙක අතරෙ මොකුත් නැතුව සැහැල්ලුවෙන් ඉදල මගෙ පිරිමි ගැජට් ටික එල්ලෙන කොට බරක් එල්ලලා වගේ දැනෙනව ඇති.....මම දවස් දෙකතුනකින් නෑවේ නැති බව මතක්වූවේ එවිටය......අම්මෝ ඇගේ කුනු ගොඩක් ඇති ......ඉන්දිකා බැන බැන කුනු අතුල්ලනව ඇති.....ශික් ලැජ්ජාවෙ බෑ......මේබවක් දන්නවනම් ඊයෙ නාගෙන එනව......මට මෙහෙම දෙයක් වෙයි කියල හීනෙකින්වත් හිතාගන්න පුලුවන්ද......මම නාගෙන ඇග පිසදා ගත්තෙමි. කොන්ඩෙ වේලගන්නෙ කොහොමද? මගේ මීලග ගැටලුව විය. ඉස්සරනම් මගේ කොන්ඩෙ කොටට තිබුනෙ.. දැන් කොන්ඩෙ දිග හින්ද කොන්ඩෙ දිගේ සෑහෙන්න වතුර බේරෙනව........මා සාලුව භාවිතාකරමින් ඇති තරම් කොන්ඩය පිසදැම්මෙමි.......ඩ්රයර් එකක්වත් තිබුනනම් කොඩෙ වේලගන්න තිබුන....ඉන්දිකාගෙන් අහල බලන්න ඕනැ.....මා සිතාගත්තෙමි. නැවත ඇදගෙන සිටි ඇදුම් ඇදීමට බ්රෙසියරයේ උරහිස් පටිදෙක අතරට අත් රින්ගවා එම පටි උරහිසේ තබා ගත්තෙමි......ඉන්පසු පිට මැදට අත්දෙක යැවුවේ පිටුපස කොකු ඇමිනීමටය......එහෙත් එය එතරම් පහසු කාරියක් නොවුනි......අනේ මන්ද කෙල්ලො මේව කොහොම ඇදගන්නවද කියල......එයාල හැමදාම මේව අදිනවනෙ ඒ හින්ද පුරුදු ඇති......මම ඉතින් අද බ්රෙසියර් එකක් අදිනවමනෙ.......මා කල්පනා කලෙමි......මා වදෙන් වදෙන් කොකු දෙක අමුනාගෙන කැඩපතෙන් බැලුවෙමි.......පියයුරු දෙක බ්රෙසියර කප්දෙකට පිටින් ඇතිබව දුටුමම ඒවා සෙමින් කප් අතරට ඇතුල් කලෙමි.......කප් අතරට පිවිසුනු පියයුරුදෙකට උනුසුම දනෙන්ටවූ නිසා සීතල අඩුවිය......ගවුමේ හොදපිට හරවාගත් මම ......ඉදිරි පස සහ පිටුපස සෙවීමට දෙපැත්ත හරවා බැලුවෙමි......කරේ පටිය තියෙන පැත්ත පිටුපස බව මතක් වූ මම එය පිටුපසට එනසේ ඇදගත්තෙමි.....යට සාය සහ පැන්ටිය දෙස බැලූ මම ......මේ දෙකනම් හෝදපු ඒව අදින්න ඕනැ......ඒ හින්ද මේදෙක හෝදල දාන්න ඕනැ සිතූ මම ඒ දෙක හොදින් සේදුවෙමි......මම කොල්ලෙක් වෙලා කෙල්ලන්ගෙ ඇදුනුත් හෝදන්න උනානෙ....ඒකටත් කෙල්ලන්ගෙ යට ඇදුම්......මේක මොන ලැජ්ජ නැති වැඩක්ද...කනගාටුවෙන් කල්පනාකල මම.....ඒත් කරන්න දෙයක් නෑ මාත් දැන් කෙල්ලෙක්......සිතූ මම සිත සැහැල්ලු කරගත්තෙමි......සෝදන ලද ඇදුම් ටික රැගෙන එලියට ගිය මම සීයා අසලට ගියෙමි.......සීයෙ මේ ඇදුම් වේලෙන්නෙ දානෙ කොහාටද ඇසුවෙමි.......ආ දුව රෙදිත් හේදුවද......හාන්සි පුටුවේ ඇලවී පොතක් බලමින් සිටි සීයා කන්නාඩි කුට්ටම අතරින් මා දෙස බලා ඇසුවේය. ඕක මැෂින් එකට දම්මනම් හේදිලා වේලිලා එනවනේ......දන් ඉතින් කමක් නෑ එලියෙ තියෙනව යකට බටයක් ඒකෙ වනන්න......මේ ගෙදර රෙදි ශෝදන මැෂිමක් ඇති බව මතක්වූවේ සීයා එසේ පැවසූවිටය......ඉන්දිකා මගේ මඩගෑවුනු කමිසය සෝදා දී ඇත්තේද එම යන්ත්රයෙනි. රෙදිටික වෙලෙන්න දැමූ මම ඉන්දිකාගේ කාමරය තුලට ගියෙමි........යටට සායකුයි පැන්ටියකුයි ඇන්දෙ නැත්නම් හෙලුවෙන් වගේ දැනෙන්නෙ......කොල්ලන්ට නම් කොට කලිසම් කෑල්ල ඇදගත්තම ගානක් නෑ....මා ඉන්දිකා සෝදා නවා තිබුනු යට සායක් සහ පැන්ටියක් ඇදගත්තෙමි........කකුල් අතරට සිරවූ පැන්ටියෙන් අමුතු සැහැල්ලුවක් සහ නිදහස් බවක් දැනෙන්ට විය......කෙස් වැටිය තවමත් වේලී නොතිබුනු බැවින් එය වේලා ගන්නා ආකාරය විමසීමට ඉන්දිකාට දුරකතන ඇමතුමක් ගත්තෙමි.... කුසල් ඉන්නවද .......මේ ඉන්දිකාද යන්න සැක හැර ගැනීමට ඇසුවෙමි......ඔව් කුසල් කතාකරන්නෙ.......රිසීවරයෙන් ඇසුනි........මම කුසල් කතාකරන්නෙ.... ඉන්දිකා ඔයා නාල කොන්ඩෙ වේලගන්නෙ කොහොමද......ඇසුවෙමි......ඔහුගෙන් පිලිතුරක් නොලැබුනි....මම හලෝ යනුවෙන් නැවත ඇමතුවෙමි......කුසල් මමනෙ කුසල්......ඔහු සැරෙන් මෙන් කතාකරන අයුරු ඇසුනි.......හොදට මතක තියාගන්න අපේ මාරුව ඇරගන්න කන් ඔයා ඉන්දිකා මම කුසල්......පැවසූ ඔහු......ඉතින් ඉන්දිකා මොකක්ද ඔයාගෙ ගැටලුව......ඔහු ඇසුවේය.....සොරි අනේ මට පැටලුනා......පැවසූමම ......ඔයා කොන්ඩෙ වේල ගන්න හැටි ඇහුවෙ..... මගේ ඩයර් එක මේසෙ යට පොඩි පෙට්ටියක් ඇති ඒකෙ ඇති........වැඩි වෙලා අල්ලන්න එපා කොන්ඩෙට හොදනෑ.....පැවසූ ඔහු ඒක පාවිච්චි කරල තිබුනු තැනම තියන්න......පැවසුවේය.........තාත්තල ආවද මම ඇසුවෙමි......තාම නෑ එනකොට රෑවෙයි කිව්ව.....ඔහු කීවේය.......ඉතින් ඔයාට බය නැද්ද රෑවෙලා තනියම ඉන්න......මම ඇසුවෙමි.......මම ඉන්දිකා කාලෙනම් බය තමයි ඒත් දැන් මම කොල්ලෙක්නෙ මොකට බය වෙන්නද......ඔහු කියනු ඇසුනි........දැන් මොකද කරන්නෙ මම ඇසුවෙමි.......නාගත්ත ඔයාගෙ ශෝටක් ඇදගත්ත දැන් පපුව වැහෙන්න සර්ට් ඕනැත් නෑනෙ මොනව වහගන්නද.....පපුවත් ඇරගෙන සැටියෙ වාඩිවෙලා ටීවී එක බලනව.......ඔහු පැවසුවේය......මටනම් මාර ජොලි......ඔහු එසේ පවසන විට මගේ හිසෙන් ගින්දර පිට වන්නාක් මෙන් දැනුනි.........
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment