සීයා 13.................................................දැන් මම ඔයාට මේ ගෙදර ඉන්න හැටිත් කියාදෙන්නම්කො.......පැවසූ ඉන්දිකා......සීය නිදාගන්නෙ එහා කාමරේ ......ඔයා ඒකට වැඩිය යන්න එපා.....සීය ගොඩක් වෙලාවට ඉන්නෙ පරීක්ෂණ කරන කාමරේ ඒ වෙලාවට අත්යාවසය දෙයක් හැර කිසිදෙයක් කතාකරන්න යන්න එපා ...ඒ වෙලාවට සීයට අපි කියන ඒව වැටහෙන්නෙ නෑ.......එයා මොකක් හරි උත්තරයක් දෙයි......ඒත් සීය ඒ උත්තරේ දෙන්නෙ හොද කල්පනාවෙන් නෙවෙයි.....එයා ඒ වෙලාවට ඉන්නෙ එයා කරන වැඩේ ගැන විතරක් හිත යොදාගෙන.....අනික ඒ වෙලාවට සීයට වැඩිය කරදර කරන්න යන්නත් එපා එතකොට එයාට කේන්තියනව......සීයා ගැන විස්තර කල ඉන්දිකා.......ගෙදර වැසිකිලිය සහ මුලුතැන් ගෙය තිබෙන ස්තානය පෙන්නුවාය......කුස්සිය පෙන්නුවට මට උයන්නනම් තේරෙන්නෙ නෑ.......මම කීවෙමි......ඔව් ඒකත් ඇත්ත......ඔයා ඉතින් කොල්ලෙක් වෙලානෙ මෙච්චර දවස් හිටියෙ......පවසා සිනාසුනු ඇය......සීයට හොදට උයන්න පුලුවන්.....ඒ හින්ද සීයට පොඩ්ඩක් උදවු කරන්නකො ඒ ඇති.......ඇය පැවසුවාය..... මෙම ගෙදර හැසිරෙන රටාව පිලිබද මට කියාදුන් ඇය......දැන් ඔයාගෙ ගෙදර විස්තරත් මට ඕනැ.......පැවසුවාය......තව මීටර දෙසීයක් විතර යනකොට අපේ ගෙදර හම්බවෙනව.....ගේ තියෙන්නෙත් පාරෙ මේ පැත්තෙමයි. ගේට්ටුවෙ නොම්මර 27 කියල ලියල ඇති....ඒ හින්ද හොයාගන්න ලේසියි......ගේට්ටුව වහල ඇත්තෙ.... ඒකෙ අගුල ඇරල ඇතුලට යන්න......ගෙදර දොර ගාවට ගිහින් අම්මේ කියල කතා කරන්න.......අම්ම දොර ඇරියහම.....කෙලින්ම යන්න මගේ කාමරේට......මම එසේ කියනවිට......ඔයාගෙ කාමරේ කොතැනද කියල මට කියල දෙන්න......කොලයක් සහ පෑන අතට ගත් මා අපේ නිවසේ සැලැස්ම අදිමින්. මගේ කාමරය පිහිටා ඇති ආකාරයත් අනිත් කාමර ගැනත් විස්තර කියා දුන්නෙමි......ඔයාගෙ අම්මයි තාත්තයි ගැනත් කියන්න.....ඉන්දිකා විස්තර ඇසුවාය...........අපේ අම්ම හරි හොදයි මට ගොඩක් ආදරෙයි......දැන් පරක්කුවෙලා හින්ද මග බලාගෙනත් ඇති......පරක්කු වුනා කියල බනින්නත් පුලුවන් ඔයා ඒකට කේන්ති ගන්න එපා යාලුවෙකුගෙ වැඩකට එහාට ගියා කියන්න...මම කීවිට..හරි හරි මම එහෙම කියන්නම් පැවසූ ඇය.....අම්ම වැඩකට යන්නෙ නැද්ද......නෑ එයා ගෙදර ඉන්නෙ.....තාත්තට උපාදි තියෙනව.....එයා මැනේජර් කෙනෙක් හැටියට වැඩ කරන්නෙ.....එන්නෙ රාජකාරී වාහනයේ.....එයා එනකොට පහ විතර වෙනව......තාම ඇවිත් නැතුව ඇති.....වෙලාව බැලූ මම කීවෙමි......මට මල්ලි කෙනෙකුත් ඉන්නව ....එයාගෙන් තමා කරදරේ......හැම තිස්සෙම මට විහිලුකරනව.......ඒ මොකටද......ඇය ඇසුවාය.....මම හැසිරෙන්නෙ කෙල්ලෙක් වගේනෙ ඒ හින්ද වෙන්න ඇති......ඉතින් ඔයා එයාට පාරක් ගැහුවනම් ඉවරනෙ....ඇය කීවාය......අනේ මම ඒවට කැමති නෑ.....මගේ මල්ලිනෙ.. පවූ....අනික එයාට ගැහුවොත් මටත් ගහනව....මම ගහගන්න කැමති නෑනෙ අනේ........මම කීවෙමි......හරි හරි මම එක්ක විහිලුවට ආවොත් ඒ පවු පින් මම බලා ගන්නම්......ඇය කීවාය......අනේ ඉන්දිකා මල්ලිටනම් ගහන්න එපා.....ඇයගැන දන්නා මා ඇගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෙමි........ඇය මගෙන් තවත්වත් විස්තර ඇසූ අතර මම ඇයට ගෙදර සම්භන්දව සියලු විස්තර පැවසුවෙමි........හරි දැන් ඔය ඇති මම දැන් යන්නම් ඔයා බය නැතුව ඉන්න ........පැවසූ ඇය.....එකක් මතක තියාගන්න......දැන් ඔයාගෙ නම ඉන්දිකා.....මගේ නම කුසල්...... වරද්ද ගන්න එහෙම එපා.......පැවසූ ඇය සීයා අසලට ගොස් .....සීයේ මම එහෙනම් යන්නම්......සීයගේ අලුත් දුවට ගැහැනු ජීවිතය ගැන ඒතරම් අවභෝදයක් නෑ......එයා ඇදුන් ඇන්දහම කොන්ඩෙ පීරන කොට ටිකක් කියාදෙන්න.....අනේ ඉන්දිකා මට කොන්ඩෙනම් පීරන්න තේරෙන්නෙ නෑ.....ඉන්දිකා...කවුද ඉන්දිකා.....ඇය මගෙන් ප්රස්නාර්තව ඇසුවාය......සොරි සොරි කුසල්......ඉන්දිකා.. සීය ඔයාගෙ කොන්ඩෙ පීරන්න උදවු කරයි......ඇය කීවාය......හරි හරි මම කොන්ඩෙ පීරලා දෙන්නම්කෝ......සීයා කීවේය.
මා ගේ පොත් බෑගය කරේ එල්ලා ගත් ඇය නියම කොල්ලෙක් මෙන් ගෙදරින් පිට වූවාය......මමද ඇය පිටුපසින් ගේට්ටුව අසලට ගියෙමි......මාත් ඔයත් එක්ක එන්නද.....තනියම යන හින්ද.....මම ඇසුවෙමි......මේ පේන්නෙ නැද්ද....මම දැන් කොල්ලෙක් මට දැන් ඕනැ ලෝකෙක තනියම යන්න පුලුවන්.......ඇය පැවසුවාය.....ගෙදර ගිහින් කෝල් කරන්න පැවසූ මම......හෙට සීය මැසින් එක හදයි......ඔයා හෙට එන්න.......මම කීවෙමි.....හරි හරි මැෂින් එක හදපුගමන් අපි මාරුවෙමු.......පැවසූ ඇය මාගේ පිරිමි සිරුරෙන් යුතුව මා ලෙසම මගේ නිවස දෙසට ගමන් කලාය....
No comments:
Post a Comment