සීයා 7..................................දැන් උඹල දෙන්න ගොඩක් යාලු හින්ද ඔය අදහස හිතේ තියාගෙන ඉන්නෙ නැතුව ඉන්දිකාට කියහන්කො........ප්රනීත් මට කීවේය...... මට අහන්න හිතෙන්නෙ නෑ බන්.....මම කීවෙමි......ඒ මොකද.......ඔහු ප්රස්නකලේය. එහෙම කිව්වොත් ගැටලුවක් එයි කියල බයයි අනිත් එක ලැජ්ජයි බන්........මොනව හරි වෙයිනෙ.... ඕක කිය්ල දාපන් බන්......ඔහු කීවේය......උබනම් කියයි ගුටිකන්න වෙන්නෙ මටනෙ......මම එසේ පැවසූවිට ඔහු හයියෙන් සිනාසුනේය.....මේ ඕක කටින් කියන්න බැරිනම් ලියුමකින් ලියල දීපන්.......ප්රනීත් යෝජනා කලේය......ඔව් ඒකනම් හොද අදහස....මම කෙල්ලන්ට ලියුම් ලියල නෑනෙ ඉතින් කොහොමද ලියන්නෙ.....මම කීවෙමි.......උඹ කෙල්ලන්ට ලියුම් ලියල නැත්නම් කොල්ලන්ට ලියන විදියට ලියහන්කො.....මම ඒක පොඩ්ඩක් වෙනස්කරල උබට දෙන්නම්. ඔහු සිනසෙමින් කීවේය......හරි හරි උබට ඒක වෙනස් කරන්න දෙන්න ඕන නෑ මමම ලියල දෙන්නම්......මම කීවෙමි.
මට ලියුමක් ලියා ගැනීමට උවමනාවක් තිබුනද මින් පෙර මෙසේ ආදර ලියුමක් ලියා නැති මට එහි ආරම්භයවත් හිතා ගැනීමට නොහැකිවිය....මා කොල කැබලි කිහිපයකම ලියුම ලිවීම ආරම්භ කලත් එහි වචන මගේ සිතට එතරම් සතුටු දායක වූවේ නැත.....ආදරනීය ඉන්දිකා......ඒක පරන සම්ප්රදාය......මේ ලියුම අලුත් විදියට ලියන්න ඕනැ......ඒත් කෙටි වෙන්නත් ඕනැ......මම කොලයත් පෑනත් අතට ගෙන කල්පනා කලෙමි.....හරි මෙහෙම ලියනව.....මගේ සිතට එකවරම පැන නැගුනු වචනයකින් ලියුම ආරම්භ කලෙමි......අම්මෝ පැය ගානක් දගලල දගලල යන්තම් ලියුමක් ලියාගත්ත.....ලියුම ලියාගත් මම එය ඉන්දිකාට දෙන ආකාරය ගැන කල්පනා කලෙමි.....මේ කෙ තියෙන ඒව දැක්කම මට ගුටිකන්න වෙයිද දන්නෙ නෑ......මා බිය මුසුව කල්පනා කලෙමි.....මා කිහිප දවසක් එම ලියුම සාක්කුවේ දමාගෙන සිටියත් ඇයට දීමට තරන් මගේ සිත එඩිතර නොවුනි......ඕක සාක්කුවේ දාගෙන හිටියට වැඩක් නෑ කොහොම හරි දීපන්.....මා ලියුම ගැන පවසන සෑම වාරයක් පාසාම ප්රනීත් පවසන්ට විය.....මේක තියාගෙන හිටියට දෙන්න හිතෙන්නෙ නෑ බන් දැන් එයා මාත් එක්ක මෙහෙමවත් යාලුවෙලා ඉන්නව එයා මේක දැක්කොත් මොනව වෙයිද දන්නෙ නෑ....ඉන්දිකා මේක දැකල සතුටුවුනොත් හරි....බැරි වෙලාවත් කේන්ති ගියොත් මොනව වෙයිද කියල කවුද දන්නෙ......මම පැඅවසුවෙමි.....ඒකි දැන් උබත් එක්ක පිට්නෙ මොකුත් කියන එකක් නෑ......ඔහු පැවසුවේය......ඒ වුනාට කෙල්ලො තේරුම් ගන්න බෑනෙ බන් මේ හොදට ඉන්නව පොඩ්ඩ බැරිවෙනකොට කේන්තියනව.....උන්ව තේරුම් ගන්න පුලුවන් තවත් කෙල්ලෙකුටම තමා......මම පැවසූවිට......එහෙනම් උබටත් උන්ගැන හොදට තේරෙනව ඇතිනේ......ඔහු සිනාසෙමින් පැවසුවේය........ඔව් ඉතින් උබ කියන දේ මට තේරෙනව....මගෙත් ගතිගුන කෙල්ලෙක් වගේ හින්දනෙ උඹ ඔහොම කියන්නෙ.....මගේ ගතිගුන කෙල්ලෙක් වගේ උනාට කෙල්ලෙක් වගේ ඉන්න ආශනෑ බන් මටත් ඕනැ අනිත් කොල්ලො වගේ කෙල්ලෙක් යාලුකරගෙන පෙම්වතෙක් වෙන්න.......එහෙනම් ඉතින් කොල්ලෙක් වගේ පපුව ඉස්සරට දාගෙන ගිහින් ඉන්දිකාට ඔය ලිවුම දීපන්......ඔහු එසේ පවසන විට මා කිසිවක් නොකියා හිටියේ එම කටයුත්ත එතරම් භයානක බැවිනි.
මා අද දෙන්නම් අද දෙන්නම් සිතමින් ඇය අසලට ලන්වුවද එය ඇයට දීමට තරම් මගේ සිත එඩිතර නොවුනි.......එදින වැසි සහිත දිනයක් විය අපි පාසැල ඇරී යනවිට පාර අයිනේ කානුවේ විශාල ජල දහරාවක් බැසයමින් තිබුනි......පාරේ තැනින් තැන මඩ වලවල් වලින් ගහනව තිබුනි......එම අදුරු සහිත කාලගුනය තිබුනු දිනයේ......අදමම් මේ ලියුම කොහොම හරිදෙනව ගැහුවොත් ගහපුවාවෙ.....එතකොට දෙකින් එකක් බලා ගන්න පුලුවන්නෙ......සිතූ මම ලියුම අතේ තබාගෙන ඇය එන තෙක් බලා සිටියෙමි......මා අසලට ලන්වූ ඉන්දිකා.......මොකක්ද ඔය අතේ තියාගෙන ඉන්නෙ ලියුමක් නේද......කෙල්ලෙක් දුන්නද එහෙම නැත්නම් කෙල්ලෙකුට දෙන්නද ....ඇසුවාය......ඇය මෙසේ අසනවිට සීතල දේශගුනයක් පැවතියද මගේ ගතට දහඩිය දමන්ට විය....ඇයට බියවූ..මා එය නැවත සාක්කුවේ දමා ගැනීමට සූදානම් වන විට ....කෝ දෙන්න බලන්න පැවසූ ඇය මගේ අතින් ලියුම උදුරා ගැනීමට සැරසුනාය.....මා ලියුම අත තබා ගෙනම ඉදිරියට දිවගියේ ලියුම ඇය සතුවීම වැලැක්වීම සදහාය.....එහෙත් ඇය මා පසුපසින් දිව එන බව දුටුවෙමි.......අදනම් මෙයා ලියුම උදුරගනියි......සිතූ මම වේගවත් පියවරක් ඉදිරියට තබනවාත් සමගම........
No comments:
Post a Comment