Monday, February 27, 2017

සීයා 21.......................................පොඩ්ඩක් මෙහාට එන්නකො මේක රහසක්......මම කීවෙමි.....රහසක් ?......කී ඔහු ප්‍රස්නාර්තව මාදෙස බැලුවේය....ඔව්....කී මම අපේ කතාව කිසිවෙකුට නොඇසෙන ස්තානයකට ගියෙමු. ප්‍රනීත් මේක ඔයා ඇහුවොත් විශ්වාස කරන එකකුත් නෑ. ඒත් මේක තමා ඇත්ත.......මම පැවසුවෙමි......මොකක්ද.....ඔහු ඇසුවේය. මම ඉන්දිකානෙවෙයි කුසල්.....මම කීවෙමි.....කුසල්?.....ප්‍රස්නාර්තව ඇසූ ඔහු මාදෙස බලා සිනාසී ඔයා මට විහිලුකරනවද ඇසූ ඔහු..... අර කුසල් හොද අගේට ඉන්නෙ.....කීවේය......ඒ කුසල් නෙවෙයි හලෝ ඒ ඉන්දිකා......මම කීවෙමි......අනේ මේ ඔයා මට විහිලුකරන්නෙ නැතුව ඉන්න.......ඔහු මා පැවසුව දෙය ගනනකට නොගෙන පැවසුවේය.....විහිලු නෙවෙයි අනේ.....අපිට ඊයෙ උන සිද්දිය අහගන්නකො......හරි හරි ඔයාගෙ කතා මම මීට ඉස්සෙල්ල අහල නෑනෙ කියන්න බලන්න......ඔහු මාව විහිලුවට ගෙන කීවේය.....ඉන්පසු මා ඔහුට අපිදෙදෙනාට උනු සිද්දිය පැහැදිලු කලෙමි.....මේකනම් පිලිගන්නත් බැරිකතාවක්.....ඔයා අපිදෙන්න අතරෙ තිබුන රහස් දේවල්කිව්ව හින්ද තමයි......ඔයා කුසල් කියල මට තේරෙන්නෙ......අවසානයේ ඔහුට මා කුසල්  බව පිළිගැනීමට සිදුවිය.  අර ලියුම ගැනනම් එයාගෙන් අහන්න එපා එයා ඉන්දිකා හින්ද අවුලක් වෙයි......ඒක ඇත්ත.....ඔහු කීවේය.......කුසල්.....මගේ සිරුරේ සිටි ඉන්දිකාට අපිඅසලට කතාකලෙමි......ඔහු අපි අසලට ආවේය......මම ප්‍රනීත් අපිදෙන්නට උනුදේගැන කිව්ව......මම කීවෙමි.....අපි දෙදෙනා දෙස තරහෙන් මෙන් බැලූ කුසල්......මේක ප්‍රනීත්ට  කිව්වට කමක් නෑ හැබැයි වෙන කාටවත් කියන්න එපා.......මේක රහසක් ප්‍රනීත් .....කුසල් ඔහුටද කීවේය......අද හවස් වෙනකල් විතරනෙ ප්‍රනීත් අපි මේවිදියට ඉන්නෙ.....මම කීවෙමි.....ඊට පස්සෙ ප්‍රනීත් ඇසුවේය.......සීය අද හවස් වෙනකොට මැශින් එක හදනව කිව්වනෙ. ඊට පස්සෙ අපි දෙන්නට මාරුවෙන්න පුලුවන්.......මම කීවෙමි......අපරාදෙ මාරුවෙන්නෙ........ප්‍රනීත් සිනාසෙමින් කීවේය....ඒ මොකද එහෙම කියන්නෙ.....මම ඇසුවෙමි......ඔයා කොල්ලෙක් වෙලා හිටියත් හැසුරුනේ කෙල්ලෙක් වගේනෙ.......ඉතින් ඔයා දැන් කෙල්ලෙක් හින්ද හොදට කෙල්ලෙක් වගේ ඉන්න පුලුවන්.......ප්‍රනීත් මෙසේ පවසන විට තරහා ගිය මම......අනේ මේ යනව යන්න ප්‍රනීත් මට ඕනැනෑ කෙල්ලෙක් වෙලා ජීවත්වෙන්න......ප්‍රනීත්.... මෙයාට ඕනැවෙලා තියෙන්නෙ කොල්ලෙක් වෙලා කෙල්ලෙක් වගේ ජීවත් වෙන්නද කොහේද.......කුසල් සිනාසෙමින් කීවේය.......ඒක හරියට නපුංසක චරිතයක් වගේනෙ.......ප්රනීත් කීවේය......මම නපුන්සකයෙකුත් නෙවෙයි කෙල්ලෙකුත් නෙවෙයි කොල්ලෙක්...... මා දැඩිලෙස කීවෙමි......හරි හරි ඕකට තරගන්න එපා අපි විහිලු කලේ.....ප්‍රනීත් කීවේය.
            අපේ මෙම කතාවෙන් පසු මා දිස්නී අසලට ගොස් වාඩිවූ අතර කුසල් ප්‍රනීත් සමග පිරිමි ලමුන් සිටින දිසාවට ගොස් මා සිටි ස්තානයේ වාඩිවනු දුටුවෙමි.......මොනවද අර කොල්ලො දෙන්නත් එක්ක කතා කලේ......දිස්නී ඇසුවාය......අපේ පුද්ගලික ප්‍රශ්නයක් මම කීවෙමි......යාලුවෙන්න ඇහුවද......ඇය නැවත ඇසුවාය......එහෙම එකක් නෑ එහෙම ඇහුවනම් ඔයා දන්නවනෙ මගෙ හැටි.......මා ඉන්දිකාව ආරූඩකරගෙන කීවෙමි......බියට පත්වූ ඇය ඉන්පසු කිසිවක් ඇසුවේ නැත........අපේ ශරීර මාරුව ගැන දන්නේ හතර දෙනෙක් පමනි.....මාත් ඉන්දිකාත් හැරුනු විට එය දන්නේ සීයා සහ ප්‍රනීත් පමනි. පන්තියේ වැඩ ආරම්භකරනවිට......මා සටහන් ලියා ගැනීමට සූදානම් උනෙමි......මා ලියන අත් අකුරු ඉන්දිකාගේ අත්කුරු වලට සමානව ලස්සනට ලියවෙන බව දැකීමෙන් මා පුදුදුමයට පත්වුනෙමි.......මගේ හිත විතරයි කුසල් අනිත් හැමද්යක්ම ඉන්දිකාගෙ වගේ.....මා කල්පනා කලෙමි.....අපේ මෙම රහස සගවාගෙන පාසැල් කාලය ගතකලේ බොහොම අමාරුවෙනි. පාසැල නිමවූ පසු මට හදිස්සිය තිබුනේ ඉන්දිකා සමග සීයා හමුවීමටය.....මාත් කුසලුත් එකටම ගියේ සීයාගේ මැසින් එක  අසලට යෑම සදහාය ......ඉන්දිකාගේ ගෙදර ගේට්ටුව අසල නැවතුනු මා ගේට්ටුව ඇර කුසල් දෙස බැලුවෙමි.......කුසල් දිගටම අපේ ගේ දෙසට යනු දුටුවෙමි.....එයා අයෙත් ඉන්දිකා වෙන්න එන එකක් නැද්ද.......එහෙම උනොත් මට වෙන්නෙ හැමදාම කෙල්ලෙක් වෙලා ඉන්න......දුකින් කල්පනා කල මා කුසල් යනුවෙන් පවසා ඔහුට අත්පුඩිගැසුවෙමි.

No comments: