සීයා 1....................................මචන් ඉන්දිකාව මට යාලුකරගන්න හිතෙනව බන්.....මා මෙසේ පැවසූවිට හයියෙන් සිනාසුනු ප්‍රනීත් ......මේ උබට පුලුවන්ද බන් කෙල්ලොත් එක්ක යාලුවෙන්න.....උබට හරියන්නෙ හොද හැන්ඩ්සම් කොල්ලෙක්....ඕනෙනම් කොල්ලෙක් යාලුකරගනින් මාත් උබට සපෝර්ට් එක දෙන්නම්......මොකද උඹ එහෙම කියන්නෙ.....මම තරහෙන් ඇසුවෙමි.....මේ ඉන්දික උබට තේරෙන්නෙ නැති උනාට උබත් කෙල්ලෙක් වගේනෙ බන්....අනේ පලයන් බන් යන්න මේ බලපන් මගේ ඇග දිහා....පැවසූ මම මේ වනවිට මගේ හොදින් වැඩී තිබුනු මස්පිඩු පෙන්වමින් පැවසුවෙමි....කොල්ලෙක් වගේ ඇගතිබුනට මස්පිඩු තිබුනට හරියන්නෙ නෑ.....කෙල්ලෙක් වගේ හැසිරෙනවනම්.....උබේ හැම වැඩක්ම කෙල්ලෙක් වගේනෙ.....කිසිම පිරිමි ගතියක් පේන්නෙ නෑනෙ.....ප්‍රනීත් මෙසේ පවසනවිට.....ඔහු කියන දේ ඇත්තක් යයි මටද තේරුනි......මගේ සිරුර හැඩිදැඩි කොල්ලෙක් මෙන් වැඩී තිබුනද මගේ සිතතුල කෙල්ලෙකුට වැනි ලැජ්ජා බය ගතිය වඩිපුර තිබුනි.....මා පාසැලේ දීත් සමාජයේ දීත් වැඩිපුර සමාජය ඉදිරියට යෑමට අපහසු වූවේ එම අසාමාන්‍ය ගතිගුන නිසාය. ......මොකක්ද බන්.... උඹ පිරිමියෙක් වෙලා උපන්නට වඩා හොදයි......අනේ මගේ කට....මගේ කුලෑටි ගතිය නිසා අම්මාගෙන් බැනුන් ඇසූ වාර අනන්ත තිබුනි......මේ ගතිගුන නිසාම මා මගේ මල්ලීගෙන්ද තාඩන පීඩනවලට ලක්වුනි.....මොනද බන් උබ ලොකු එකා නේද කෙල්ලෙක් වගේ මල්ලිගෙන් පාච්චල් වෙනව......පිරිමියෙක් වගේ හිටහන්කො......ඇගපත තියාගෙන කෙල්ලෙක් වගේ හැසිරෙන්නෙ නැතුව.....තාත්තාද මගේ මේ බියසුලු හැසිරීම් රටාවට දොස් කියන්ට විය.
ඔය ඇගපත ලොකුවට තිබුනට අපේ ලොකු පුතා හරිම අහින්සකය.....කවුරුහරි සැරෙන් කතාකලත් ඇති බයේ හැන්ගෙනව......අම්මා පිට අය ඉදිරියේ මගේ අහින්සක කමගැන වර්නා කරන වාරද තිබුනි......
මට කුඩාකල සිට තිබුනු මේ ගතිගුන දැන් උසස්පෙල විභාගයට වාඩිවීමට සිටියත් අතහැර ගැනීමට නොහැකිවී ඇත.....උබ විභාගෙ පාස්වෙලා කැම්පස් ගියොත් උබේ ඔය ගැහැනු ගති හින්ද ගැටලු ඇතිවෙන්න පුලුවන් ඒ හින්ද ඔය ගතිගුන දැන්ම වෙනස්කර ගන්නව......තාත්තා මට අවවාද දුන්නේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන තාත්තා දන්නා නිසා බව මට තේරුනි......විස්වවිද්යාල උපාධි කිහිපයක් ලබා ඇති තාත්තා දැනට පුද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කරයි.... අම්මාද උසස් පෙල සමත්වී සිටියද ඇය රැකියාවක් නොකලේ තාත්තා අකමැති නිසා බව ඇය පවසා තිබුනි.
ඉන්දිකා අපේ පන්තියට පැමින මාසයක් පමන ගතවී තිබුනි.....ඇය එතෙක් ඉගෙන ගෙන තිබුනේ ගමක පාසැලක බව අපිට දැනගැනීමට ලැබුනි.....කොන්ඩය දිගට වවා තිබුනු ඇගේ මුහුනේ කිසියම් සුරතල් බවක් දිස්වුනි.....ගැනු ලමයෙකුට තිබිය යුතු සිරුරේ හැඩය ඇයටද පිහිටා තිබුනු නිසා පාසැලේ සිටින රූමත්ම ගැහැනු ලමයා ඇයදැයි මට කිහිපවරක් සිතුනි.....කෙසේ හෝ මගේ සිත ඇය කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙන් බව මට තේරුනි......එහෙත් මගේ තිබුනු ලජ්ජා සීලී ගතිය නිසා ඇය සමග වචනයක් හෝ කතා කිරීමට දහිරියක් නොතිබුනි.....මගේ හොදම යහලුවා වන ප්‍රනීත් හට මගේ හිතේ තුබුනු අදහස පැවසුවේ මෙය හිත තබාගෙන සිටීමට අපහසු නිසාමය....
No comments:
Post a Comment