Wednesday, March 1, 2017

සීයා 26...............................අනේ මන්ද තව කීදවසක් මට මේ විදියට ඉන්න වෙයිද කියල.......කැඩපත අසලට ගොස් ඉන්දිකාගේ රුවදෙස බලමින් කල්පනා කලෙමි......දුව නාගෙන බත් කන්න.....මම කාමරේට යනව පරීක්ශනයක් කරන්න........සීයා පවසනු ඇසුනි........සීයා ඔහුගේ වැඩවල නිරතවී සිටින අතර තුර ඔහුගෙන් කිසිවක් විමසීමට නොහැකි නිසා සියලුම වැඩ මට කරගැනීමට සිදුවන බව දැනගත් මම නාන කාමරයේ අලුත් උපකරන ක්රියාත්මක නොකිරීමට වගබලාගත්තෙමි.....මා වෙනදා මෙන් සාමාන්‍ය  ලෙස නා ගත්තෙමි.....දවල් කෑමගෙන කාමරයට ගොස් මේ දවස් දෙක තුල අතපසුවූ පාඩම් වැඩ කිරීමට පටන්ගත්තෙමි. කුසලුත් පාඩම් කරනවද දන්නෙ නෑ.....මට කුසල් ගැනද මතක් විය......එයා වැඩ නොකලොත් මටයි පාඩුවෙන්නෙ.....තව ටිකකින් කුසල්ගෙන් අහන්න ඕනැ ......මා සිතාගත්තෙමි.  දුව කෑම කෑවද ටිකවේලාවකින් සීයා කාමරයට මුහුන යොමා ඇසුවේය......ඔව් සීයේ ...මම කීවෙමි.....සීයා කිසිත් නොකියා ආපසු ගියේය.
                 මා කුසල්ට කතාකරන විට අම්මා කතාකරන බව ඇසුනි......කුසල්ට කතාකරන ගැහැනු ලමයා කවුරුද යනබව අම්මාට සැකයක් ඇතිවෙන බව දැනගත් මා.....වෙන නමක් කියා ඇසුවෙමි......රෝන් නොම්බර්......පැවසූ ඇය ටෙලිපෝනය තැබුවාය.....දවස් කිහිපයකින් අම්මාගේ කඩහඩ ඇසීම නිසා සතුටක් ඇතිවුවද ඇය ලගට යෑමට නොහැකි වීම ගැන දුකක්ද ඇතිවිය.......තවත් ටික වෙලාවකින් නැවත දුරකතනය නාදවිය......මා දුරකතනය ගත්තෙමි.......ඔයා මට කෝල් එකක් ගත්තද........කුසල්ගේ කටහඩ ඇසුනි......ඔව් අනේ අම්ම කතාකලේ ඒ හින්ද ආපහු තිබ්බ..මම කීවෙමි...මම හිතුව ඒකයි දැන් කතාකලේ......ඔහු පැවසුවේය.......ඉතින් මොකද්ද ගැටලුව.....ඔහු ඇසුවේය......ගැටලුවක් නෑ.....ඔයා පාඩම් වැඩ කරනවද කියල අහන්න කතාකලේ......මම කීවෙමි.......නැතුව බෑනෙ මාව පේල් වුනොත් ඔයාටනෙ පාඩුව.......ඔහුකීවේය........ඔයා දැන් කරාටේ ප්‍රැක්ටිස් පටන්ගත්තද......මම ඇසුවෙමි.....තාම නෑ ඒකත් ඉක්මනට පටන්ගන්න ඕනැ...පුහුනුව දිගටම තියාගත්තෙ නැත්නම් ඒකත් අමතක වෙනව.....ඔහු කීවේය.......අම්ම එනව මම තියන්නම්.....ඔහු දුරකතනය තිබ්බේය......කුසල්ට කෙල්ලෙක් කතාකරනව කියල දැන ගත්තොත් එයාට ප්‍රස්න වැලකට උත්තර දෙන්න වෙයි.......අම්මා ගැන හොදින් දන්නා මා සිතුවෙමි.
             අපේ සිරුරු මාරුවී දින කිහිපයක් ගතවිය.......ඉන්දිකා මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනව......අපි පාසැල නිමවී ගෙදර යන අතර තුර කීවේය.......ඒ මොකක්ද......මම ඇසුවෙමි.....මේක කිව්ව  කියල හිත නරක්කරගන්න එපා මේක සාමාන්ය දෙයක්.......ඔහු පවසන්ට විය....මම හිත අව්ල් කරගන්නෙ නෑ.....මේ වෙලා තියෙන දේට ඔයිට වඩා හිත අවුල්වෙන්න ඕනැ.......මම කීවෙමි.....ඔයා දැන් ගැහැනු ලමයෙක් හින්ද මේව ගැන දැනුවත් වෙන්න ඕනැ.....නැත්නම් මේවගෙ දේවල් වලට මුහුන දෙන්න අමාරුයි......ඔහු එක හෙලා කාරනය නොකියා වටෙන් එනබව දැනගත් මා......මොකක්ද අනේ කෙලින් කියන්නකො.......මම කීවෙමි.......ටික වෙලාවක් කල්පනා කල ඔහු......මෙච්චර කාලයක් මටත් මේකට මුහුන දෙන්න වුනා.......සීය මැසින් එක හදාගත්තනම් මේක ඔයාට කියන්නෙ නෑ.......ඔහු නැවත කියන්ට විය.......ඔන්න ඉතින් තවත් අපබ්‍රංශ කියනව......මොනවද අනේ කෙලින් කතාව කියන්නකෝ......මම නැවත කීවෙමි.......ඔයා දන්නවනෙ ගැහැනු ලම්යෙක් උනාම මාසෙකට සැරයක් වෙනදේ......ඔහු කීවේය.....ආ එහෙම එකක් ගැන නම් අහල තියෙනව ඒත් මොකක්ද කියල දන්නෙ නෑ.......මම කීවෙමි........ඒකට කියන්නෙ මෙන්සස් වෙනව කියල.......ඔහු එසේ කියනවිට ....එහෙම වුනාම මොකද වෙන්නෙ......මම කුතුහලයෙන් යුක්තව ඇසුවෙමි......අතනින් ලේ පිටවෙනව ඊට ඉස්සෙල්ල යටිබඩ රිදෙන්න ගන්නව......කෝපි හරි පැරසිටිමෝල් පෙත්තක් බිව්වම වේදනාව අඩුවෙනව......ලේ යන එකට මොකද කරන්නෙ කියල මම කියල දෙන්නම් ඔහු කීවේය.......දැන් ඒ දිනේ ලග හින්ද මම කිව්වෙ.....පැවසූ ඔහු..... ගෙදරට යමු මාත් එන්නම්.... ඔහු කීවේය......ඔහු මා සමග ඉන්දිකාගේ නිවසට ආවේය.....ආ මේ අපේ හිටපු දුවත් ඇවිත් ඉන්නෙ......කුසල් දෙස බැලූ සීයා සිනාසෙමින් කීවේය.......ආවට වැඩක් නෑ දරුවො තාම මට මැසිමනම් හදාගන්න බැරිවුනා........මේ දවස්ටිකේම ඒකෙ අඩුපාඩු තමයි හෙව්වෙ.......තව කොච්චර කල්යයිද කියලනම් කියන්න අමාරුයි.......සීයා කියන්ට විය.......සීය හිමින් සැරේ ඒක හදන්නකො අපි එතකන් මේ විදියට ඉන්නම්.......පැවසූ කුසල්.......මම ආවෙ ඒක බලන්න නෙවෙයි......ඉන්දිකා නොදන්න දෙයක් කියල දෙන්න....... සීයාට කී ඔහු......මට ඔයාගෙ කාමරේට යන්න පුලුවන්ද......ඔහු මා දෙස බලා ඇසුවේය......යමු මා කීවෙමි.....ඔහු කමරයට ගිය අතර මාද ඔහු පිටුපස ගියෙමි .....සීයාද අපිසමග එනබව තේරුනි.......ඔහු කබඩ් එක ඇර පාර්සලයක් එලියට ගත්තේය........
Transgender body swap ගේ ඡායාරූපය

No comments: