Wednesday, February 22, 2017
සීයා 14................................මා ආපසු ගේ අතුලට ඇතුල්වනු බලා සිටි සීයා............මට සමාවෙන්න දුවේ මම හිතුවෙ නෑ මේවගේ දෙයක් වෙයි කියල. මට ඕනැවුනේ මගේ පරීක්ශනය සාර්තක වෙයිද කියල බලාගන්න විතරයි. මම හිතාගෙන හිටියෙ මේක සාර්තක වුනොත් ආපහු ඔය දෙන්නව නිවැරදිකරල මේ තාක්ශනය විද්යාසභාවට ඉදිරිපත් කරන්න.......පරීක්ශනේ සාර්තක උනත්......මැසින් එකටමොකක්ද අවුලක් උනා.....ඒක හදාගන්නෙ නැතුව වෙන මොකුත් කරන්න බෑ......සීයා දුක්බර මුහුනෙන් කියන්ටවිය.......ඔහු ඉතාකනගාටුවෙන් සිටිනබව දුටුමම.......සීයා ඕකට දැන් දුක්වෙන්න එපා......පුලුවන් ඉක්මනට මැසින් එක හදන්න......එතකොට මටත් ඉක්මනට ගෙදර යන්න පුලුවන්....... පැවසූ මම ඉන්දිකාගේ කාමරයට ගියෙමි.......දුවේ ඔයා දවල් කෑම කෑවෙනෑ නේද....කාමරය අසලට පැමිනි සීයා ඇසුවේය....තාම නෑ සීයේ......මම කීවෙමි......අර කුස්සියෙ තියෙනව ගිහින් ඕනැ තරම් බෙදාගෙන කන්න.......ඔහු කීවේය.......මා තවමත් කෑම නොගත් බව මතක් උනේ සීයා මතක් කල විටය......මා මුහුන දුන් මෙම ගැටලු සහගත තත්වය නිසා බඩගින්නද නැතිවී ඇති බව තේරුනි.......මා දැන් ජීවත්වන්නේ ඉන්දිකාගේ සිරුර තුලය මා එය පරිස්සම් කර ආපසු ඇයට භාරදිය යුතුය. මේ නිසා කෑම නොකා සිටියොත් ඉන්දිකා මෙතරම් සුන්දර ලෙස ලස්සනට තබාගෙන සිටින මේ ගැහැනු සිරුර කෙට්ටුවෙලා කැතවෙයි. ඒ හින්ද කෑම අඩුකරන්න හොදනෑ........සිතූ මම කුස්සියට ගියෙමි.......ඇය පෙන්වා තිබුනු ඇගේ පිගාන අතට ගත් මම බත් බෙදා ගත්තෙමි.......කුස්සියේම තිබුනු පුටුවේ වාඩිවුනු මම කෑම ගන්නාවිට මා අසලට පැමිනි සීයා.....කෑම ටික හොදයිද දුවේ......ඇසුවේය.......වරදක් නෑ සීයේ.....මේව උයන්නෙ ඉන්දිකාද......මම ඇසුවෙමි.......ඉන්දිකාට උයන්න තේරෙන්නෙ නෑ......මම බනින කොට මට පොඩ්ඩක් උදවුවෙනව එච්චරයි.......එයා කෙල්ලෙක් උනාට වැඩ කොල්ලෙක් වගේනෙ ලමයෝ.......ඔය ලමයනම් දැන් කොල්ලෙක් වගේ හිටිය කියල ගැටලුවක් නෑ. මොකද ඔය ලමය කොල්ලෙක් වෙලානෙ මෙච්චර කල් හිටියෙ....ඒත් ඉන්දිකා උපන්න දවසෙ ඉදන්ම කෙල්ලෙක්නෙ.....ඒ හින්ද ගැහැනු ලමයෙක් විදියට හැදෙන්න ඕනැ.....මම ආශ නෑ....කෙල්ලො කොල්ලො වගේ හැසිරෙනවට.....ඒ වගේම කොල්ලො කෙල්ලො වගේ හැසිරෙනවට.....කෙල්ලෙක් උනාම ලැජ්ජ බය ඇති කෙල්ලෙක් වෙන්න ඕනැ....ඒවගේම කොල්ලෙක් උනාම හොද එඩිතර හිතක් තියෙන කොල්ලෙක් වෙන්න ඕනැ......සීයා ඉන්දිකා සම්භන්දව මෙසේ පවසන්ට විය....ඔහුට කිසිවක් නොකියා අසා සිටි මම .....සීයා කෑවද......ඇසුවෙමි. .....මට වෙලාවට කන්න බොන්න ඕනැ........නැත්නම් කල්පනා කරන්න අමාරුනෙ ලමයෝ......සීයා සිනාසෙමින් කීවේය.......සීයගෙ මැසින් එක ඉක්මනට හදාගන්න බැරිවෙයිද සීයෙ ......මා මගේ හිතේ තිබෙන ප්‍රධාන ගැටලුව ඔහුගෙන් ඇසුවෙමි......ඒකට මොකද වුනේ කියල මටත් තාම හිතාගන්න බෑ.......මට හෙට ඕක හදා ගන්න පුලුවන් වෙයි.........ඔහු පැවසුවේය......ඔහුගේ එම වචනය මගේ දෙසවනට මී පැනි වත්කරන්නාක් මෙන් මිහිරිවිය.......එහෙනම් හෙට මට ආපහු කුසල් වෙලා ගෙදර යන්න පුලුවන්......සතුටින් කල්පනා කල මා කෑමගත් පිගාන සෝදා තිබුනු ස්තානයේ තබා ඉන්දිකාගේ කාමරයට ගියෙමි.......ඇයගේ ඇදමත වාඩිවූ මම.....දැන් ඉන්දිකා අපේ ගෙදර ගිහින් මොනව කරනවද දන්නෙ නෑ.....අම්මට තේරුනාද දන්නෙ නෑ ඒ මම නෙවෙයි කියල......බැරිවෙලාවත් අම්ම දැනගත්තොත් මාව කෙල්ලෙක් වෙලා මෙහෙට වෙලා ඉන්නව කියල එයාට මොනව හිතෙයිද.........සුලුවෙලාවකින් ගෙදර දුරකතනය නාදවන සබ්දය ඇසුනි......ඉන්දිකාද දන්නෙ නෑ.....එයා කිව්වනෙ ගියගමන් කෝල් එකක් දෙනව කියල......මා කල්පනා කරනවිට.......දුව.... මෙන්න ඔයාට කෝල් එකක්......සීයාගේ කට හඩ ඇසුනි......මොනව උනාද දන්නෙ නෑ.... දෙගිඩියාවෙන් යුතුව දුරකතනය අතට ගත්තෙමි.......මම මේ කතාකරන්නෙ කුසල්......මා මෙතෙක් කල් භාවිතා කල මගේම කටහඩ දුරකතනය තුලින් ඇසුනි......මොකද වුනේ......මම කුතුහලයෙන් යුක්තව ඇසුවෙමි.....මොකද වුනේ තමයි.....මම ඔක්කොම විස්තරේ අම්මට කිව්ව....ඔහු එසේ පවසනවිට මගේ හිසවටා තරු කිහිපයක් කැරකෙනවාක් මෙන් දැනුනි.....ඔයා මොකක්ද මේ කලේ ඔයාට තිබුනෙ හෙට වෙනකන් මම විදියට ඉන්නනෙ.....මම තරහෙන් සහ දුකෙන් කීවෙමි. .......
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment