Monday, February 20, 2017
සීයා 11.........................ස්වල්ප වේලාවක් ගතවිය. එහෙත් සීයා උපකරනය සාදා අවසන්වන බවක් නොපෙනුනු අතර තවමත් ඉන්දිකාද පැමිනියේ නැත........තව පරක්කුද සීයේ......ඉවසීමට නොහැකි තැන මා ඇසුවෙමි......පොඩ්ඩක් ඉන්නකො ලමයො ......මේකෙ ලොකු ගැටලුවක් වෙලා වගේ පේන්නෙ......සීයා උපකරනය පරීක්ෂා කරන අතරතුර පැවසුවේය.....හදා ගන්න බැරිවෙයිද.......මම ඇසුවෙමි.....ඒක තමා මාත් මේ බලන්නෙ......ඔහු එසේ පැවසූවිට මට බය සිතුනි......අනේ සීයේ දැන් මම කොහොමද ගෙදර යන්නෙ.......මම දුක්බරව පැවසුවෙමි......ඉතින් යන්න.....මම අල්ලගෙන ඉන්නෙ නෑනෙ......සියා මාව ගනනකට නොගෙන කීවේය.......මම කොහොමද මේවිදියට ගෙදර යන්නෙ...මම ඇසුවෙමි...ඇයි මොකද වෙලා තියෙන්නෙ.....සීයා පිලිතුරු වශයෙන් ඇසුවේය.......ඇයි සීයට පේන්නෙ නැද්ද මාව දැන් කෙල්ලෙක් වෙලා කියල...මේ විදියට කොහොමද මම යන්නෙ....මා එසේ පවසන විට මාදෙස බැලූ සීයා.....වෙන්න දෙයක් නෑ ඔයා දැන් කෙල්ලෙක් තමයි....මම හිතුවෙ කොල්ලෙක් වෙලා කියල......ඔව් ඉතින් ඔයාගෙ හැසිරීම කොල්ලෙක් වගේනෙ......මට හිතෙනව ඔයා කොයිවෙලාවෙ හරි කොල්ලෙක් වෙයි කියල....ඔහු මෙලෙස පවසනවිට...සීයා මොනවද මේ කියවන්නෙ......මැසින් එකට උනා වගේ මේ පොඩ්ඩට මෙයාගෙ මොලෙත් අයි.සී.එකක් පිච්චිලා වගේ.......සිතූ මම.......සීයේ මම කෙල්ලෙක් නෙවෙයි......දැන් ටිකකට ඉස්සෙල්ල ඔයාගෙ දුව ඉන්දිකා එක්ක මෙහාට ආව කුසල්.......මම ඔහුගේ මතකය අවදි කිරීමට පැවසුවෙමි......ආ කුසල්ද... අර හැඩිදැඩි කොල්ල නේද ........ඒ ලමය දැන් ටිකකට ඉස්සෙල්ල ගෙදර ගියානෙ.......ඔහු එසේ පවසනවාත් සමගම ඉන්දිකා මෙගේ සිරුරෙන් කාමරය තුලට ආවාය.....මා ඔහු දෙස බැලූ විට මාගේ කමිසයද ඇද මගේ පොත් බෑගයද පිටේ එල්ලාගෙන සිටියේය.......සීයට ඕක හදාගන්න බෑවගේ නේද සීයේ...ඉන්දිකා මගේ කටහඩින් ඇසුවේය...ඒක තමා මාත්මේ බැලුවේ.....පැවසූ සීයා ඔලුව උස්සා ඔහු දෙස බලා.......ඔය ලමය තාම ගෙදර ගියෙ නැද්ද......ප්රස්නකලේය.......සීය මැෂින් එක හදනකල් කුසල්ට ගෙදර යන්න බෑනෙ.......ඉන්දිකා මගේ වේශයෙන් කීවේය......ඒ මොකද.....සීයා ඇසුවේය........අයි සීයට මතක නැද්ද මායි කුසලුයි මාරුවුනා......සීයගේ ඔය විකාර මැෂින් එක හින්දනෙ එහෙම උනේ.......ඉන්දිකා සීයාට පැහැදිලි කර දුන්නාය......මගේ මේ පරීක්ශන ඔක්කොටම විකාරයක් වගේ තමා පේන්නෙ......මම නොබෙල් තෑග්ග ගත්තම උඹල ඔක්කොටම තේරෙයි මම කවුද කියල......මගේ ඔලුව අව්ල් කරන්නෙ නැතුව මට මේක හදා ගන්න ඉඩදීල උබල පලයල්ල එලියට......සීයා අපිට දොස් කියන්ට වූවේය.......අපි පොඩ්ඩක් එලියට යමු සීයා හිමිසැරේ ඕක හදල අපිට කතාකරයි......ඉන්දිකා කීවාය......මම ඇය සමග කාමරයෙන් පිටතට ගියෙමි.......කාමරයෙන් පිටවූ ඉන්දිකා මාදෙස ඉතා ඕනෑකමින් බලා සිටිනු පෙනුනි.....ඇයි....මම ඇසුවෙමි.......මම මේ කල්පනා කලේ කොල්ලෙක් උනාම තමයි කෙල්ලෙක්ගෙ හැඩරුව සුන්දරත්වය හොදට පේන්නෙ.......මෙච්චර කල් කෙල්ලෙක් වෙලා හිටිය මට කොච්චර කෙල්ලො ආස්සරේ කලත් කෙල්ලො අතරෙ හිටියත් මට කෙල්ලො දිහා ඒවිදියට බලන්න බැරිවුනානෙ.......පැවසූ ඇය......ඔයා හරි ලස්සනයිනෙ ඉන්දිකා.....එන්න කන්නඩියෙන් බලන්න ඔයාගෙ ලස්සන කොහොමද කියල ....පැවසූ ඇය මගේ අතින් ඇදගෙන ඇගේ කාමරයට ගියාය.......ඔන්න බලන්න......මගේ රුව කැඩපතෙන් පෙන්නමින් පැවසුවාය.......ඇත්තවසයෙන් ම ඉන්දිකා ඉතාමත් රූමත් සුන්දර යුවතියක් බව මා දැනගෙන සිටියෙමි.....ඇගේ තිබුනු එම සුන්දරත්වය අද මාතුලින්ද මතුවී ඇතිබව කැඩපතේ පිලිඹිබුවෙන් පෙනෙන්ට තිබුනි......ඉන්දිකා කොච්චර ලස්සන වුනත් මටනම් බෑ කෙල්ලෙක් වෙලා ඉන්න......මට ඕනැ ආයෙත් කුසල් වෙලා ඉන්දිකාට ආදරේ කරන්න.......මා කිසිත් නොකියා ඇගේ රුව දෙස බලමින් කල්පනා කලෙමි.......ඒක නෙවෙයි ඉන්දිකා සීය මැෂින් එක හදල ඉවරද දන්නෙ නෑ....මට ඉක්මනට ගෙදර යන්න ඕනෑ........පවසූ මම නැවත සීයාගේ කාමරයට ගියෙමි......ඉන්දිකාද මගේ පසුපසින් ආවාය.....අපිදෙස බලා සිනාසුනු සීයා......ඔන්න මෙච්චර වෙලා ගිහින් දැන් තමා වෙලා තියෙන වැඩේ තේරුනේ......සීයා පැවසුවේය.......එහෙනම් හරිද සීයේ......මම සතුටින් ඇසුවෙමි.......හරි නේන්නම්.....ඔහු සතුටින් කීවේය.......එහෙනම් මට දැන් ගෙදර යන්න පුලුවන් ......පැවසූ මම ඉක්මනින් පුටුවේ වාඩිවුනිමි.......ඉන්දිකාද මා අසල තිබුනු පුටුවේ වාඩිවුනාය.......සීයා මුහුනේ සහ බෙල්ලේ දාඩිය පිසද්මමින් යන්ත්රය අසලින් නැගිට්ටේය.......දැන් සීය ලිවර් එක උස්සයි.......ඊට පස්සෙ මම ආයෙත් කුසල්....මා සතුටින් බලා සිටියෙමි......
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment