සීයා 20........................................සීයා මගේ දිගු කොන්ඩය පීරා පාසැල් දැරියකට සුදුසු ලෙස කොන්ඩා කැරලි දෙකකට බෙදා ගෙතුවේය. එහි අග කලු පැහැති රිබන් පටි දෙකකින් ගැටගැසූ ඔහු......දැන් හරි කීවේය.......නැවත කාමරය තුලට ගිය මා අඩුපාඩු තිබේදැයි කැඩපතින් බැලුවෙමි.....පාසැල් ඇදුමට ඉන්දිකා කොච්චර ලසනද .....මා ඇය දෙස විනාඩි කීපයක් බලා සිටියෙමි. ඇගේ පොත් බෑගය අතට ගත් මම ස්තෝප්පුවට ගොස් සපත්තු දෙක පැලද ගත්තෙමි......සීයෙ මම යන්නම්......මා කීවෙමි......මාගේ මුහුන දෙස හොදින් බැලූ සීයා.....ඇයි දුවේ මුහුනට පවුඩර් ටිකක් දාගත්තෙ නැද්ද?...... අසුවේය......මා කොල්ලෙක් ලෙස එතරම් පවුඩර් පාවිච්චි නොකරන බැවින් එම පුරුද්දට මුහුනේ පවුඩර් තවරා නොගත්තෙමි. එහෙත් දැන් මම සිටින්නේ ඉන්දිකාගේ ගැහැනු සිරුර තුලය. ගැහැනු ලමයෙක් වූවිට සුන්දරව සිටිය යුතුබව තේරුම් ගත්මා....නැවත කාමරයට ගොස් මුහුනටත් බෙල්ලට සහ අත්දෙකටත් පවුඩර් ගාගත් මා නැවත කැඩපත අසලට ගියෙමි. මගේ ගැහැනු සිරුර පෙරට වඩා ලස්සනට පෙනෙන බව දුටුවෙමි.......සීයේ හරිද.....මා සීයා අසලට ගොස් ඇසුවෙමි......දැන් හොදයි.....පැවසූ සීයා......ඔයා ස්කෝලෙ ගිහින් කොල්ලෙක් විදියට ඉන්න එපා අපේ ඉන්දිකා විදියට ඉන්න......ඔයාල එනකොට මම මැෂින් එක හදල තියන්නම්......මගේ හිස අතගාමින් කීවේය.
මා මිදුලට බැස්සත් මා ගැහැනු ලමයෙකු වීම ගැන හිත තුල දැඩි ලැජ්ජා සහගත හැගීමක් ඇතිවූනිසා බිම බලාගෙනම ගේට්ටුව අසලට ගියෙමි......මා එතැන රැදීසිටියේ කුසල් එන තෙක්ය. එයා අද එන එකක් නැද්ද.....මගේ හිතට බියක් දැනුනි.......එහෙම උනොත් මාත් යන්නෙ නෑ.....මම සිතුවෙමි. සුලුවෙලාවක් ගතවිය. ඔහු ඈත එනබව දුටු මට සිතට යම් සහනයක් ඇතිවිය.....මාව දුටු ඔහු සතුටින් සිනාසෙමින් මා අසලට පැමිනියේය......මොකද බොහොම ජොලියෙන් මම ඇසුවෙමි.....කොල්ලෙක් උනාම ජොලි නැද්ද අනේ.....ඔහු කීවේය.....ඒකියන්නෙ ඔයා. මගෙ ඔය සිරුර ආපහු දෙන්නෙ නැද්ද......ප්රස්නකාරී හැගීමක් ඇතිවූ මම ඇසුවෙමි......කවුද දෙන්නෙ නෑ කිව්වෙ......ඔහු ප්රස්නකලේය. නෑ මම හිතුවෙ ඔයා ඔය සිරුරට කැමති හින්ද ආපහු මාරුවෙන්න එකක් නැද කියල.....කොල්ලෙක් වෙන එක හොදවුනත් මේක ඔයාගෙනෙ......ඔයා අකමැත්තෙන් මේක මම තියාගෙන ඉන්න එක හොද නෑනෙ......පැවසූ ඔහු දුකෙන් මෙන් දිගු සුසුමක් පිට කරන අයුරු දුටුවෙමි......අද හවසට සීය මැෂිම හදනව කිව්ව........මම පැවසුවෙමි. ....ඔව් ඒක හොදයි එතකොට ඔයාට ආපහු ගෙදර යන්න පුලුවන්......ඔහු අහක බලාගෙන කියනු ඇසුනි......ඔහුට මගේ සිරුර ආපසු දීමට අකමැති බවක් ඔහුගේ හැසිරීමෙන් තේරුනි. එහෙත් මට මේ ගැහැනු ජීවිතයෙන් මිදී ආපසු ගෙදර යෑමේ අවශ්‍යතාවය දැඩිව තිබුනු බැවින් කිසිවක් නොකීවෙමි......ඔයා පන්තියෙදි ඉන්දිකා හොදද.....ඔයා ඉන්න ඕනැ මම හිටිය තැන.....මම අද ඉන්නෙ ඔයා හිටිය තැන.. මේ බව කාටවත් නොදැනෙන්න වැඩකරන්න......මගේ නිහැඩියාව බිදිමින් පැවසූ ඔහු......ඔයාගෙ හොදම යාලුවා ප්‍රනීත් නේද ඇසුවේය......ඔව් එයා විතරයි මම ලගින් ආස්සරේ කරන්නෙ.... මම කීවෙමි.....එහෙනම් අද මගේ හොද යාලුව වෙන්න ඕනැ ප්‍රනීත්......ඔහු කීවේය.....ඔයාගෙ යාලුවො කවුද මම ඇසුවෙමි.......එක්කෙනෙක් කියල නෑ කෙල්ලො කවුරුත් මගෙ යාලුවො......මගේ ලගින් ඉන්නෙ දිස්නි......එයා හරි හොදයි......ඔහු කීවේය.
අපි පන්තියට පැමිනි පසු ඔහු මගේ ස්තානයට ගිය අතර මම ගැහැනු ලමුන් අතරට ගොස් ඉන්දිකා වාඩිවූ ස්තානයට ගියෙමි......ප්‍රනීත් කුසල්ගෙන් අහයිද දන්නෙ නෑ අර ලියුම ගැන......එහෙම උනොත් හරි වැඩේ වෙන්නෙ......මට හදිසියේ මතක් විය....කොහොම හරි ප්රනීත්ට කියන්න ඕනැ. කුසල්ගෙන් ලියුම ගැන අහන්න එපා කියල....ඒත්..මම දැන් ඉන්දිකා.....කොහොමද මේක එයාට කියන්නෙ......මේක නොකිය හිටියොත් ඉන්දිකා මම ගැන මොනව හිතයිද දන්නෙ නෑ ...මගේ සිතට බිය මුසු හැගීමක් ඇතිවිය ....කොහොමද මේක කියන්නෙ.......මම කල්පනා කලෙමි.......මොකද ඉන්දිකා ලොකු කල්පනාවක මා අසලට පැමිනි දිස්නි මගේ අතින් අල්ලාගෙන ඇසුවාය. .... ඇගේ සිනිදු අල්ල මගේ සිනිදු සමේ ගෑවෙන විට අමුතු සුවයක් දැනුනු බව තේරුනි..එහෙත් ගැහැනු ලමයෙක් අතින් ඇල්ලීම ගැන සියුම් ලැජ්ජාවක්ද ඇතිවිය....නෑ නිකන්.......මම කීවෙමි......කෙල්ලො අතරෙ ඉන්න එකත් ලැජ්ජයි ඒත් මොනව කරන්නද කොහොම හරි අද දවස ගෙවාගන්නව......මා සිතුවෙමි.......කොහොම හරි ප්රනීත්ට කියන්න ඕනැ.......කුසල්ගෙන් ලියුම ගැන අහන්න එපා කියල......මා සිතාගත්තෙමි.......මේ ප්‍රනීත් මට ඔයත් එක්ක පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද........මා කුසල්ට හොරෙන් ඔහුගෙන් ඇසුවෙමි.......පුදුමයෙන් සහ මට බයෙන් යුතුව මා දෙස බැලූ ප්‍රනීත්.......මාත් එක්ක?...... ප්රස්නාර්තව ඇසුවේය.......
No comments:
Post a Comment