Wednesday, February 15, 2017

සීයා 6....................................මම ඔහුට ඉන්දිකා සමග කතාකරමින් ගිය ආකාරය පැහැදිලිකල්මි.....මචන් දැන්නම් උබට පොටක් පෑදීගෙන එන්නෙ......ඔහු සතුටින් කීවේය.......ඒත් උබ කිව්වනෙ මට කෙල්ලෙක් යාලුකරගන්න බෑ කියල......මම ඔහුට ඇනුම් පදයක් මෙන් කීවෙමි.......මම කිව්ව එකේ වැරැද්දක් නෑනෙ ඒකි කෙල්ලෙක් වගේ හිටියට හිත කොල්ලෙක් වගේනෙ... උඹ කොල්ලෙක් වගේ උනාට හිත කෙල්ලෙක් වගේනෙ ඉතින් උබල දෙන්න ගැලපෙනව.......ඔහු සිනාසෙමින් කීවේය......අනේ පලයන් බන් යන්න......මා ඔහුට සැර කලේ හිතට ඇතිවුනු ලැජ්ජාවටය........එයා මාත් එක්ක කතාකලාට මට කැමතිද කවුද දන්නෙ......මා ප්රස්න කලෙමි......ඒකත් ඇත්ත තමා.....කී ඔහු .....උඹ කලබල නොවී ටික දවසක් ඔහොම පලයන්කො අවස්තාවක් ආවහම උබේ අදහස කියහන්........ඔහු කීවේය.
               අද දිනද පාසැල ඇරුනු පසු ඉන්දිකා මා සමග ගමන් කිරීමට පටන්ගත්තාය.....ඇය සමග කතාකිරීමට බොහෝ දේ මගේ සිත තුල ඇතත්.....ඇයට තිබෙන බය සහ මගේ ලැජ්ජා සහගත ගතිගුන නිසා කිසිවක් පැවසීමට නොහැකිවිය......කුසල්.....ඔයාට අද නිසාන්තගෙන් කරදරයක් උනේ නෑ නේද.......ඇය ඇසුවාය.....අද ආවෙ නෑ ....ඌ හිතාගෙන ඇති ඌ මහ ලොකු චන්ඩියෙක් කියල එදා මට ගහන්න ඇවිල්ල තියෙන්නෙ උගේ කට්ටියක්.....ඌ හිතාගෙන ඇති මාත් අනිත් කෙල්ලො වගේ ඌට බය වෙලා ඌ කියන ඒවට කැමති වෙයි කියල......අනේ පව් මම හින්ද ඔයත් උගෙන් ගුටි කෑව.....මීට පස්සෙ කුසල්ට අතක් ඉස්සුවොත් මම බලා ගන්නම්.........ඇය එකදිගට කියාගෙන ගියාය......අනේ ඉන්දිකා...මම හින්ද ඔයා කොල්ලො එක්ක පැටලෙන්න යන්න එපා....උන් කොල්ලො ඔයා ගැහැනු ලමයෙක්......මම බයෙන් මෙන් කීවෙමි.....කුසල් මම ගැහැනු ලමයෙක් උන එක ඇත්ත ඒත් මගේ හිත හයියයි.....ඔයා ඇගපත තියෙන පිරිමි ලමයෙක් උනාට හිත හයිය නෑනෙ...හරියට ගැහැනු ලමයෙක් වගේනෙ.....ඔය පිරිමි ශරීරෙ මට තිබුනනම් මම දන්නව ඔය චන්ඩි මට්ටු කරන ව්දිය.......ඇය මෙසේ කීවිට මගේ ගැහැනු ගතිගුන ඇයද තේරුම් ගෙන ඇති බව දැනගත්විට මට මුහුන හන්ගා ගැනීමට තරම් ලැජ්ජාවක් ඇතිවිය.......මෙයා මාව තේරුම් අරන් තියෙන්නෙ ගැහැනු ගති තියෙන පිරිමි ලමයෙක් විදියටනෙ. දැන් මම කොහොමද  කොල්ලෙක් විදියට මෙයාගෙන් ආදරේ ඉල්ලන්නෙ.....මා කල්පනා කලෙමි.
              දවස් දෙකක් පමන ගතවනවිට ඉන්දිකා කොල්ලො කට්ටියකට ගැහුව ආරන්චිය පාසැල පුරා පැතිර ගියේය. මේ නිසා සෑම කෙනෙක්ම ඉන්දිකා දෙස අමුතු බයකින් බලන බව මා තේරුම් ගත්තෙමි......නිසාන්තගෙන්ද දැන් කරදරයක් පැමිනියේ නැත.....ඉන්දිකා මේපාසලට පැමින වැඩිදවසක් නොමැති නිසා අපි කවුරුවත් ඇය ගැන විස්තර දැන සිටියේ නැත....අපි සැවොම සිතා සිටියේ ඇය අහින්සක ගැමි තරුනියක ලෙසය. නිශාන්තද ඇයට අයුතු බලපෑම් කිරීමට පැමිනියේ මෙම අහින්සක පෙනුම නිසා බව අපි තේරුම් ගත්තෙමු.  ඉන්දිකා ගැන පාසැලේ අය කතාවීමටත් ඇය ගැන සෙවීමටත් පටන්ගත්තේ ඇයගේ මෙම දක්ශ සටන් සිල්පය නිසාය...කවුරු හෝ..ඇය එම සටන් ශිපය ඉගෙනගත් ආකාරය ඇසූවිට මොකක් හෝ කියා මග හරින බව මටද තේරුනි.....දින පතා පාසැල හැරුනු පසු ඇය මාසමග කතාකරමින් ගමන් කලත් ඇගෙන් මේ ගැන ඇසීමට මගේ හිත නොනැමුනේ ඇය එම ප්‍රශ්නයෙන් මග හරින නිසාය.....මෙසේ සති දෙකක් පමන ගතවිය......දිනක් උදෑසන පාසැල වෙත ගමන් කරන විට. ඉන්දිකා මා එනතුරු බලා සිටින බව ඈත තියා දුටුවෙමි.....වෙන්ද උදේට තනියම යන මෙයා අද මොකද බලාගෙන ඉන්නෙ.....මට ගැටලුවක් ඇතිවිය......මා ඇය අසලට ලගාවනවිට.....මම මේ ඔයා එනකන් හිටියෙ......පුදුමයට පත්වූ මම ඇයි යනුවෙන් ඇසුවෙමි......ඔයත් එක්ක ස්කෝලෙ යන්න හිතුනා... අහින්සක සිනාවක් පෑ ඇය ලැජ්ජා සහගත තරුනියක මෙන් ඇඟ අබරමින් කීවාය......ඇයසමග සිනාසුනු මම යමු යනුවෙන් කීවෙමි......
                  එදිනසිට සෑම දිනකම වගේ ඉන්දිකා පාසැලට ගියේ සහ ආවේ මා සමගය.......මේ නිසා මාත් ඇයත් අතර සම්භන්දය දිනෙන් දින දියුනු විය. එහෙත් මට අවශ්‍ය  දේ ඇය සමග කීමට දිනෙන් දින අතපසු කලේ මා ඇයට ආදරය ප්‍රකාශ කලහොත් ඇගේ ප්‍රචිචාරය කෙසේ වේදැයි නොදන්නා නිසාය..........

No comments: