Monday, February 13, 2017

සීයා 4........................................ඉන්දිකා අසලට පැමිනි කොල්ලෙක් ඇයට පොලු පහර එල්ල කරනවාත් සමග ඔහුගේ අතින් එම පොල්ල විසිවෙන ආකාරයත් ඔහු බිම වැටී සිටින ආකරයත් දුටුවෙමි....අනිකාටද එසේම පහර එල්ල කරන්ට වූවාය......මම මේ බලාගෙන ඉන්නෙ සටන් ජවනිකා තියෙන චිත්රපටියක්ද?.....සිතමින් මා ඇය ඔවුන්ට පහරදෙන ආකාරය බලා සිටියෙමි.....ඔවුන් ගුටිකනවිට නවතා තිබුනු වාහනය වේගයෙන් ඉදිරියට ඇදෙන අයුරුත් ඉන්දිකාගෙන්පහර කෑ හෙම්බත්ව සිටි කොල්ලො තිදෙනා වාහනය පසුපස එලවන ආකාරයත් මා බලා සිටියේ ඉන්දිකාට අනතුරක් නොවී ඔවුන් ඉන්දිකගෙන් පහර කෑම ගැන සතුටිනි.....මා අසල කිහිප දෙනෙක් මේ සිද්දිය බලා සිට ඇති බව දුටුවේ ඔව්න් ඉන්දිකා අසලට දුව යනවිටය......මමද ඔවුන් සමග ඇය අසලට ගියෙමි.......ඉන්දිකා සටන් කිරීමෙන් වෙනස්වූ ගවුම හරි ගස්සමින් හා ඇගේ දුහුවිල්ල පිසදමමින් අපිදෙස බලා සිනා සුනාය......අනතුරුව ඇය කිසිවක් සිදු නොවුනා ලෙස ගමන් කිරීමට පටන් ගත්තාය.......මොකද ලමයො උනේ.....අපේ පාසැලේ ගුරුවරයෙකු වූ වසන්ත සර් ඇයගෙන් ඇසුවේය......මොකුත් නෑ සර් උන් මට ගහන්න ආව මම උන්ව පැන්නුව.......ඔය ලමය සටන් පුරුදු වෙලා තියෙනවද.......නැත්නම් උන් මට ගහනවනෙ සර්.........ඇය අහින්සක ලෙස පැවසුවාය......මම දැක්ක අර වාහනය ඇතුලෙ ඉන්නව අපේ ස්කෝලෙ ඉගෙන ගන්න ලමයෙක් මට දැක්කොට හදුනගන්න පුලුවන් හෙට මම ඒකව පෙන්නන්නම් ......පැවසූ ඔහු ....කොයි එකටත් ඔය ලමය පරිස්සමින් ඉන්න......අවවාද කලේය.
මා ගෙදර ගියද කල්පනා කලේ ඇයගේ මම සටන් කල විලාසය ගැනය....අහින්සක පෙනුමක් තියෙන කෙල්ලෙකුට කොල්ලො තුන් හතර දෙනෙක් එක්ක ගහ ගන්න පුලුවන් කියන්නෙ පුදුමයක් නෙ......ඉස්සර හිටිය කියන බ්රූස්ලිගෙ ආත්මෙවත් මෙයාගෙ ඇගට වැහෙනවද දන්නෙනෑ එහෙම නැත්නම් ජැකී චෑන් මෙයාගෙ ගුරුවරයද දන්නෙ නෑ.....නැත් නම් මේ විදියට ගහගන්න බෑ......
අඩෝ උඹ නේද වසන්ත සර්ට මම ගැන කිව්වෙ.......පසුදින දහවල් විවේක කාලයේ දී මා අසලට පැමිනි නිසාන්ත ඇසුවේය.......අනේ නිසාන්ත අයියෙ මම කිව්වෙ නෑ වසන්ත සර් තමා දැකල තියෙන්නෙ.....ඔහුට බියවූ මම අත්දෙක එකතු කර වදිමින් කීවෙමි......නැත්තෙ මොකද ඩෝ .....ඔහු මගේ කමිස කරෙන් අල්ලා ගත්තේය....මම ඇත්තමයි කියන්නෙ වසන්ත අයියෙ මට ගහන්න එපා.....ඔහු අසල ගැහෙමින් පැවසුවෙමි.....එවිටම ඔහු එල්ල කල කම්මුල් පහරින් මගේ ඇස්වලින් තරු විසිවෙන බව දැනුනි......තෝ කියපිය මම වගේ දැක්කට ඒ මම නෙවෙයි කියල......නැත්නම් තෝව මම මරනව.....තෝ දන්නවනෙ මගේ හැටි......ඔහු මාව තල්ලු කල පහරට මාව විසිවී ගොස් බිම වැටුනි......මා අමාරුවෙන් නැගිටමින් ඔහු ඔහුගේ යහලුවන් සමග යන දෙස බලා සිටියෙමි.........මා අසලට පැමිනි පන්තියේ කිහිප දෙනෙක් මට නැගිටින්න උදවු කරමින් .....මොකද උබට නිසාන්ත ගැහුවෙ.......යනුවෙන් ඇසුවේය......දන්නෙ නෑ.......පහර කෑමෙන් පුපුරු ගසමින් තිබුනු කම්මුල අත ගාමින් පැවසුවෙමි.....නිකම්ම උබට ගැහුවද ......ඔවුන් ඇසුවේය......මම හිසින් ඔව් යනුවෙන් පැවසුවෙමි.......ඌට පිස්සුද බන් නිකම්ම මේවගේ අහින්සකයකුට ගහන්න......ඔව් ඉති දැන් ඌට වෙලා තියෙන්නෙ කෙල්ලන්ගෙනුත් ගුටි කන්නනෙ.....ඉතින් මේවගේ අහින්සක එකෙක් හොයා ගත්තම උගේ ඇගෙ හිරි ඇරගන්න පුලුවන්නෙ......මූටත් ඉතින් ඇගපත තිබුනට කෙල්ලෙක් වගේනෙ........ඔවුන් සියලු දෙනාම මගේ ගැහැනු හැසිරීම ගැන සිනාසෙන්ට විය. එදින සවස පාසැල ඇරී ගෙදර යනවිට පාසැල් ගේට්ටුව අසල ගුරුවරියන් කිහිප දෙනෙක් සහ වසන්ත සර්ද සිටිනු දක්නට ලැබුනි.....ඔවුන් ඉන්දිකාට කතාකල අතර මමද ඔවුන් අසලට ගියෙමි.....ඉන්දිකා ඔයා තනියම ඔය පාරෙ යන්න එපා....මේ ඉන්නෙ කුසල්....කුසල් කියන්නෙ අහින්සක ලමයෙක් එයත් යන්නෙ ඔය පාරෙන්නෙ එයා ලගින් යන්න.......මාදෙස බැලූ අපේ පන්තිය බාර ගුරුවරිය වන නදීකා ටීච කීවාය. ඕනෙ නෑ ටීච මට බයක් නෑ.....ඉන්දිකා කීවාය......ඒ උනාට කමක් නෑ මෙයා ගාවින් යන්න......අනේ ටීච මට කවුරු හරි ගහන්න ආවොත් මට බේරෙන්න පුලුවන් මන් ලගින් ගිහිල්ල උන්මෙයාටත් ගැහුවොත් මට බේරගන්න බැරිවෙයි......ඇගේ එම කතාවට ඔවුන් සිනාසෙන්ට විය.....මා ලැජ්ජාවෙන් බිම බලා ගත්තෙමි......ඒකට කමක් නෑ එයා කොල්ලෙක්නෙ දුවල හරි බේරෙයි. ......දුව තනියම යනවට වැඩිය හොදයි.......වසන්ත සර්.....කීවේය......හොදයි සර්......මා දෙස බැලූ ඉන්දිකා මට අපහාස සිනාවක්පලකර පැවසුවාය ......ඉන්දිකා අසල ගමන් කිරීමට කීම ගැන මට යම් සතුටක් ඇතිවුවද ඇයගේ අපහසාත්මක සිනහව ගැන දුකක් ඇතිවිය..............

Transgender body swap ගේ ඡායාරූපය

No comments: