Friday, February 17, 2017
සීයා 8...............................මඩ වලක පය වැටුනු මාව මුනිනතට බිම පතිතවිය. අතේ තබාගෙන සිටි ලියමන අතින් අත හරුනු බවදුටු මම එය සෙවුවෙමි.....කානුවට වැටී තිබුනු එය වතුරේ ගසාගෙන යන අයුරු දුටුවෙමි.....මා නැගිටිටීමට සූදානම් වනවිට මා අසලට පැමිනි ඉන්දිකා මගේ අතින් අල්ලා නැගිටීමට උදවුකලාය.....මොකද තුවාල වුනාද....ඇය ඇසුවාය......මට කිසි අපහසුවක් නොදැනුනු නිසා.....ගැටලුවක් නෑ......පැවසුවෙමි......හොද වෙලාවට පොත් බෑක් එක පිටේ තිබුනෙ නැත්නම් බෑක් එක ඇතුලටත් වතුර යනව ...පොත් බෑගය පරීක්ෂා කල මම කල්පනා කලෙමි.......සර්ට් එකේ හොදටම මඩ ගෑවිලා නේද......මා දෙසබැලූ ඉන්දිකා ඇසුවාය.....මා කිසිවක් නොකියා මඩ ඉවත් කිරීමට අතින් පිස දැමුවෙමි.....දැන් ඔහොම ගෙදර යන්න බෑ......අපේ ගේ ලගනෙ තියෙන්නෙ යමු මම ඕක හෝදල දෙන්නම්.......ඇය යෝජනාකලාය.....ඕනෙ නෑ ගෙදර ගිහින්ම හෝදගන්නම්......මම කීවෙමි.....ඔහොම ගෙදර යනකොට දකින අය මොනවද හිතන්නෙ යමු ඕක හෝදන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ වොශින් මැෂින් එකේ දැම්මම වැඩිවෙලා යන්නෙ නෑ....හෝදලා වේලලත් ගන්න පුලුවන්.......ඇය කීවාය....නෑ ඉන්දිකා මම මෙහෙමම යන්නම්.....මා නැවත කීවෙමි......මොකද අපේ ගෙදර යන්න බය වුනාද?...ගෙදර වෙනකවුරුත් නෑ මායි සීයයි විතරයි ඉන්නෙ යමු......ඇය කීවාය.....ඇගේ බල කිරීම මත මා ඇය පසුපස ගියෙමි......ගේට්ටුව ඇරගත් ඇය ගෙදර දොර අසලට ගොස් එයද ඇරියාය......ඇතුලට එන්න.....මා දෙස බලා පැවසූ ඇය. සීයේ මම ආවා හයියෙන් කීවාය.....හා දුවේ කාමරයෙන් සීයාගේ කටහඩ ඇසුනි.....ඔහොම වාඩිවෙන්න කුසල්.....පැවසූ ඇය ගේ ඇතුලට ගියාය......මා හිටගෙනම බලා සිටියේ වාඩිවූ විට පුටුවේ මඩගෑවේවි යන බයටය.....සුලුවෙලාවකින් කාමරයේ දොර අතරින් ඇගේ සීයා මාදෙස බලනු දුටුවෙමි.....වයස හැටක පමන පෙනුමක් තිබුනු අහුගේ කොන්ඩය සම්පූරනයෙන් සුදු පැහැගැන්වී තිබුනි....නිකටේ දිග රැවුලක් වවා තිබුනු ඔහුගේ මුහුනේ ප්රසන්න පෙනුමක් තිබුනි.....වැඩි උස මහතක් නොමැති ඔහු මාදෙස බලා සිනාසී.....කෙල්ලගෙන් ගුටිකෑව නේද.....ඕව ගනන් ගන්න එපා එයාට තරහ ගියොත් ඔහොම තමා ඒත් හරි හිත හොද කෙල්ල.......ඔහු මගේ මඩ පැල්ලම් දෙස බලමින් කීවේය......නෑ....නෑ....සීයෙ මාව පාරෙ වැටුන......මම සිදුවූ දේ කීවෙමි.....ඔහොම තමා කොල්ලො.....මේ කෙල්ලගෙන් පයින් පාරක් කෑවම කාටවත් කෙලින් ඉන්න බෑ බිමටම පත බෑවෙනව තමයි......ඔහු සිනාසෙමින් කීවේය.....ශික් වස ලැජ්ජාව....මේ සීය හිතාගෙන ඉන්නෙ ඉන්දිකාගෙන් ගුටිකාල ආවෙ කියල....ඒත් මේ සීයට තේරෙන්නෙ නෑ නෙ ගහපු කෙනාව ගෙදරට එක්ක එන්නෙ නෑ කියල.....මා කල්පනා කලෙමි.....මා අසලට පැමිනි සීයා .....මගේ සිරුර දෙස උඩසිට පහලටත් පහල සිට උඩටත් බලා.....මම ඔය ලමය වගේ එක්කෙනෙක් හොය හොය හිටියෙ.....ඔය ලමයනම් මට හොදට හිතට ඇල්ලුව......පැවසූ ඔහු.... මට ඔය ලමය වගේ තරුනයෙක් හොයා ගන්න බැරිවුනානෙ කොහේද ඉතින් මේ ගෙදරට කවුරුවත් එනවට අපේ දුව කැමති නෑ නෙ.....ඔය ලමයව මෙහාට එක්කගෙන ආව එකත් පුදුමයි....පවසා ටිකවෙලාවක් කල්පනා කර....ගුටිකාල අමාරු හින්ද බෙහෙත් තෙල්ටිකක් ගාන්න වෙන්න ඇති එක්ක එන්න ඇත්තෙ.....එයා එහෙම තමයි ඒ වෙලාවට කේන්ති ගිහිල්ල ගැහුවට ටික වෙලාවකින් දුක හිතෙනව.....ඔයලමයත් ඕව ගනන් ගන්න එපා......පැවසුවේය.....අනේ මන්ද මේ සීයට වෙච්ච දේ තේරුම් කරල දෙන්න බෑ..වයසක මනුස්සයෙක්නෙ.....ඕනැ එකක් හිතා ගත්තාවෙ........මා සිතුවෙමි.....මේ ලමයෝ යමු මගේ පරීක්ෂණාගාරෙට ඔය ලමයට මගේ අලුත්ම සොයාගැනීම පෙන්වන්න පුලුවන්. මේක හරිගියොත්නම් මට නොබෙල් තෑග්ග සුවර් තමා.....ඔහු කියවන්ට විය.....මේ සීයගෙනම් කල්පනාවෙත් අවුලක් තියෙනව වගේ.....මොනවද මේ කියවන විකාර.....මා සිතුවෙමි......බයවෙන්න එපා කාමරේ ඇතුලට ඇවිත් බලන්න......ඔහු නැවත කතා කලේය......මට ගෙදර යන්න පරක්කු වෙනව සීයෙ.....අයෙත් ආපුවෙලාවක බලන්නම්....ඔහුගේ කාමරයට යෑමට අකමැත්තෙන් කීවෙමි. ආයෙ ඔය ලමය එන්නෙ නෑ......එන්න එන්න ඇවිත් බලන්න මම හොය හොය හිටියෙ ඔය ලමය වගේ එක්කෙනෙක් තමයි මගේ අලුත්ම පරීක්ෂණය පෙන්වන්න.....ඔහුගේ බේරුමක් නැති තැන කාමරය තුලට ගියෙමි.....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment