Monday, February 20, 2017

සීයා 12........................................එහෙත් ඔහු යන්ත්‍රය ක්‍රියාත්මක කරන වගක් නොපෙනුනි......ඇයි සීයෙ මොකක් හරි ගැටලුවක්ද.........මම ඇසුවෙමි.....ඔව් ලමයිනේ මේක හදන්න ලේසිනෑ........ඔහුගේ මේ වචනය ඇසීමෙන් මගේ හිස කැරකෙනවා මෙන් දැනුනි.....හිස මත අත්දෙක තබාගත් මා .....එහෙනම් සීය කිව්වෙ දැන් ඔක්කොම හරි කියල.........මම තරහෙන් කීවෙමි.......මම මේක හැදුව කිව්වෙ නෑ......සීයා උත්තර දුන්නේය........එහෙනම් සීය කිව්වෙ දැන් තමා වෙලා තියෙන වැඩේ  තේරුනේ කියල.......මා සීයා මීට සුලුවේලාවකට පෙර පැවසූ දේ මතක් කර දුන්නෙමි......ආ ඒකද.....බලන්න ලමයිනේ මට ඔයදෙන්න මාරුවුනා කියල අමතක වෙලා තිබුනනෙ............මීට ටිකවෙලාවකට ඉස්සෙල්ල තමා ඔයදෙන්නට එහෙම දෙයක් උනාකියල මතක්වුනේ......සීයා සිනාසෙමින් කීවේය......මට සීයා ගැන තරහක් ඇතිවිය....එම තරහා සගවා ගත් මා.....ඔයාගෙ සීයනම් මාර ටියුබ් ලයිට් එකක් තමා....පරන ටියුබ් ලයිට් එකක් උනත් ගැස්සිලා ගැසිලා තත්පර ගානකින් හරි පත්තුවෙනව මේ ටියුබ්ලයිට් එකනම් පත්තුවෙන්න සෑහෙන වෙලාවක් යනව......මා සෙමින් ඉන්දිකාට පැවසුවෙමි......ඕව ගනන් ගන්න එපා සීයගෙ හැටි ඔහොම තමා.....ඇය සිනාසෙමින් පැවසුවාය......ඔයාටනම් හිනා..... බලන්න දැන් මම මේවිදියට ගෙදර යන්නෙ කොහොමද......මම ඇසුවෙමි.......හා හා ඔයලමය කොහේ යන්නද.....මේ මැෂින් එක හදාගන්නකන් ඔය ලමය මෙහෙ ඉන්න.......එය ඇසුනු සීයා කීවේය.......මට බෑ මෙහෙ ඉන්න එතකොට මාව ගෙදරින් හොයයි.......ඔය ලමයව මොකටද ගෙදර්න් හොයන්නෙ .....ගෙදරින් හොයන්නෙ මේ ලමයවනෙ.....පැවසූ සීයා ......ඔය ලමය මේ ලමයගෙ ගෙදෙට්ට යන්න .......මාගේ පිරිමි සිරුරේ සිටි ඉන්දිකා දෙස බලා සීයා පැවසුවේය.....අනතුරුව මා දෙස බැලූ සීයා.....දැන් තියෙන්නෙ ඔය ලමයට ඉන්දිකා දුව විදියට මෙහාට වෙලා ඉන්න......සීයා පැවසුවේය........සීය කියන එක ඇත්ත කුසල් ....... දැන් අපිට තියෙන්නෙ ගෙවල් දෙක මාරුකරගෙන ජීවත්වෙන්න.......ඉන්දිකා කීවේය......අනේ මටනම් බෑ මේ විදියට ඉන්න......මට කුසල් වෙලා ගෙදර යන්න ඕනැ......මම කැමතිනෑ කෙල්ලෙක් වෙලා ඉන්න.......මම හඩමින් මගේ අකමැත්ත ප්‍රකාශ කලෙමි.........දුක්වෙන්න එපා කුසල්.... එන්නකො දැන් කරන්න ඕනැ විදිය කියල දෙන්න........මම ඇස්වල කදුලු පුරවාගෙන ඉන්දිකාගේ පිරිමි මුහුන දෙස බැලුවෙමි......ඔන්න ඉතින්  ඔයා ගැහැනු ලමයෙක් වගේ අඩන්න පටන් ගත්තනෙ......මගේ ඇස්වල කදුලු පිසදැමූ ඇය මගේ හිස අත ගෑවාය.......සොරි ඔයා ගැහැනු ලමයෙක් වගේ නෙවෙයිනෙ.. දැන් ගැහැනු ලමයෙක්නෙ......ඉන්දිකා සිනාසෙමින් කීවේය......ඔයාටනම් ගානක්වත් නෑ මටනම් බෑ මේ ගැහැනු ජීවිතේ තියාගන්න.......මම කීවෙමි......හරි හරි එන්නකො ...ඇය...මගේ අතින් ඇදගෙන ඇගේ කාමරයට එක්ක ගියාය.......මේකතමා මගේ කාමරේ දැන් මේක ඔයාගෙ කාමරේ......මේ තියෙන්නෙ මගෙ ඇදුම්. දැන් ඔයාට පිරිමි ඇදුම් අදින්න බෑනෙ මේ ඇදුම් අදින්න.......ඇය පැවසූ විට......මට බෑ ඔය කෙල්ලො අදින ඇදුම් අදින්න.......මම කොල්ලෙක්.......මම කීවෙමි...... දැනට ඔයා කෙල්ලෙක්නෙ.....සීය මැෂින් එක හදනකන් අකමැත්තෙන් උනත් ඔයාට මේ ඇදුම් තමා අදින්න වෙන්නෙ......අව්ස්තාවේ හැටියට වෙනත් කරන්න දැයක් නොතිබුනු බැවින් අකමත්තෙන් හෝ එයට කැමතිවුනෙමි.

No comments: