Thursday, February 23, 2017

සීයා 15...............................මා ඇයට දොස් කියනවිට ඇය සිනාසෙන අයුරු ඇසුනි......මෙච්චර දෙයක් වෙලත් මෙයාට විහිලු......මගේ හිස තවත් අවුල් විය....හිතට ඇතිවු දුක නිසා මගේ කට හඩ ඇඩුම්බරවිය....ඇස්වල කදුලු පිරුනි....ඔයාටනම් හිනහ මට ගෙදර යන්න බැරුව මෙහෙ කොටුවෙලා ඉන්නව. ඒමදිවට මට වෙලා තියෙන දේත් අම්මට කිව්ව.......දැන් මම කොහොමද අම්මට මුහුන දෙන්නෙ.....මා අඩමින් කීවෙමි......අයියෝ ඔයා ඕකටත් අඩනවද.....හරියට ගැහැනු ලමයෙක් වගේනෙ.....පොඩ්ඩ ඇත්නම් අඩනවනේ.....කී ඔහු....සොරි සොරි....ඔයත් ඉතින් දැන් ගැහැනු ලමයෙක්නෙ.......මෙච්චර කල් මම ගැහැනු ලමයෙක් වෙලා හිටියත් මමනම් ඔහොම ඇඩුවෙනෑ......ඔයාටනම් ගැහැනුකම හොදට ගැලපෙනව......පැවසූ ඔහු......නැවත සිනාසෙන්ට විය......අනේ යනව යන්න මම ගෑනු ලමයෙක් නෙවෙයි .....හොද කොල්ලෙක්......මම කීවෙමි......ඒකනම් හොද්ට පේන්න තිබුන.........ඇනුම් පදයක් ලෙස පැවසූ ඔහු.......ඔයා බයවෙන්න එපා මම කිසිම දෙයක් කාටවත් කිව්වෙ නෑ.......මම ඔයාට විහිලුවක් කලේ.........ඇති යන්තම් මම හොදටම බයවුනා......මම කීවෙමි......පරක්කු වුනා කියල අම්ම මොකුත් කිව්වද.......අනතුරුව මම ඇසුවෙමි.......කොහේ හරි රස්තියාදු ගහල කියල ටිකක් බැන්න......මම කිව්ව යාලුවෙකුගෙ ගෙදර ගියා කියල.....ලොකු අවුලක් වුනේ නෑ...ඔහු කීවේය....ඔයාගෙ වෙනස අම්මට තේරුනාද......මම ඇසුවෙමි......දන්නෙ නෑ මගෙ දිහා ටිකක් වැඩිපුර බලනව වගේ තේරුනා.....ඒත් මොකුත් ඇහුවෙනෑ.....ඔහු පැවසුවේය.......ඔයා පුලුවන් තරම් කුසල් වගේ ඉන්න උත්සාහ කරන්න.......මම කීවෙමි.......කුසල් වගේ......ප්‍රස්නාර්තව ඇසූ ඔහු.....ඔයා කියන්නෙ මටත් කෙල්ලෙක් වගේ ඉන්න කියලද.......ඔහු ඇසුවේය.......නෑ නෑ මම හිටියවගේ ඉන්න කියල කිව්වෙ......මම කීවෙමි.......ඔයා වගේ ඉන්නනම් මටත් ඉතින් පිරිමි ඇගක් තියාගෙන කෙල්ලෙක් වගේ ඉන්න වෙනව......ඔහු පිලිතුරු දුන්නේය.....හරි...හරි....හෙට වෙනකන් කොහොම හරි අපේ රහස කාටවත් නොදැනෙන්න ඉන්නකෝ.....මම පැවසුවෙමි.
                  හෙට ඔයා ස්කෝලෙ යනවද....මම ඇසුවෙමි......නැතුව කොහොමද විභාගෙටත් තව මාස කීයද තියෙන්නෙ......ඔහු පවසනු ඇසුනි.......මමනම් යන්නෙ නෑ.....මම කීවෙමි......ඒ මොකද.....ඔහු ඇසීය......තේරෙන්නෙ නැද්ද මම කෙල්ලෙක් විදියට කොහොමද ස්කෝලෙට ගිහින් මුහුන දෙන්නෙ......මටනම් බෑ මේ විදියට ස්කෝලෙ යන්න මාව ආයෙත් කුසල් වෙනකන් ස්කෝලෙ යන්නෙ නෑ.......එහෙම කියල හරියන්නෙ නෑනෙ ලමයෝ.......ඔයා ස්කෝලෙ ගියෙ නැත්නම් මටයි පාඩු.....ඒ හින්ද ස්කෝලෙ යන්න......ගිහින් ඔයා ඉන්දිකාවගේ ඉන්න.......ඔහු එසේ පැවසූ විට ඔහු කියන දේ ඇත්තක් තිබෙන බව මටද තේරුනි.....මම දැන් ඉන්නෙ ඉන්දිකාගෙ සිරුරේ මට මොකක් හරි ගැටලුවක් ඇතිවුනොත් ඒක හොද නැත්තෙ ඉන්දිකාට......මේ ශරීරය ඉන්දිකාට ආපහු දෙනකොට කිසි ගැටලුවක් ඇතිකරන්නෙ නැතුව දෙන්න ඕනැ......සිතා ගත් මම අකමැත්තෙන් හෝ පාසැල් යෑමට කැමති විය.......හෙට උදේ අපි මුන ගැහෙමුකො එතකොට කරන්න ඕනැ දේවල් කතාකරගන්න පුලුවන්.......පැවසූ ඔහු දුරකතනය විසන්දි කලේය.......
                 අපේ දුවද කතා කලේ... දුවේ......සීයා ඇසුවේය.......නෑ සීයේ සීයගෙ අලුත් පුතා.....මම කීවෙමි......ඒකත් ඇත්ත නේන්නම් දැන් මට අලුතෙන් පුතෙකුත් ඉන්නව දුවෙකුත් ඉන්නව.....ඔහු සිනාසෙමින් පවසන්ට විය.......සීය හෙට මැෂිම හදනව නේද?.......නැතුව කොහොමද දුවේ ඔයාලගෙ මේ පැටලිල්ල ලෙහල දෙන්නත් ඕනැනෙ.......ඔහු බලාපොරොත්තු සහිතව කීවේය......එහෙනම් අද දවස විතරයි මට මේ විදියට ඉන්න වෙන්නෙ හෙට ඉදන් ආයෙත් මම කුසල්........මා සතුටින් ඉන්දිකාගේ කාමරයට ගියෙමි.........මගේ කාමරය මෙන් නොව ඉන්දිකාගේ කාමරයේ සියලුම බඩු පිලිවෙලට තබා තිබුනි..........කන්නාඩිය අසල ඇගේ රුප ලාවන්ය කිහිපයක් ද තිබුනි.......එක් එක් මෝස්තරයේ කොන්ඩයට පලදින උපකරන කිහිපයක්ද තිබුනි......මා ඒවා එකින් එක අතට ගෙන පරීක්ශා කලෙමි......මේව මොන මොන වෙලා වලට කොන්ඩෙට ගහනවද දන්නෙ නෑ......ස්කෝලෙට යනකොටනම් කොන්ඩෙ කැරලි දෙකට බෙදල ගොතල කෙලවර කලුපාට රිබන් පටි කෑලි දෙකකින් ගැට ගහගත්තම හරි......හෙට ස්කෝලෙ යනවනම් සීයට කියල තමයි කොන්ඩෙ ගොතව ගන්න වෙන්නෙ......මෙච්චර කල් කොන්ඩෙ කොටට කපාගෙන හිටිය මම කොන්ඩ මෝස්තර ගැන මොනවද  දන්නෙ.......මා කල්පනා කලෙමි.

No comments: