Tuesday, February 28, 2017

සීයා 24...................................මා කෑමගෙන රෙදිසෝදන යන්ත්‍රය අසලට යනවිට එය ක්‍රියා විරහිතවී තිබුනි.......මැශින් එක නැවතිලා සීයෙ......මම මේගැන සීයාට කීවෙමි......එය පරීක්ෂා කර බැලූ සීයා......දැන් රෙදිටික හේදිලා වේලිලා ඉවරයි ඒකයි නවතිලා තියෙන්නෙ..... පවසා  රෙදිටික ගැනීම සදහා එහි දොර ඇරියේය.......ඒවා සියල්ල සේදී වියලී තිබුනි.......ස්කෝලෙ අදින ඇදුම් මැදගන්න දුවේ......පැවසූ සීයා මදින්න දන්නවද ඇසුවේය......මගේ ඇදුම් සියල්ල සෝදා මැද දෙන්නේ අම්මා නිසා මම ඒ සම්භන්දව කිසිවක් නොදැන සිටියෙමි.......මැදලනම් නෑ සීයෙ...මම..කීවෙමි.......ගැහැනු ලමයෙක් උනාම ඒව ටිකක් ඉගෙනගන්න වෙනව......පැවසූ සීයා.....යමු මම කියල දෙන්නම්.......සීයා ඇදුම් මදින විදිය මට කියාදෙන්ට විය.......මේව ඔක්කොම ඉගෙනගන්න වෙලා තියෙන්නෙ මාව කෙල්ලෙක් උන හින්දනෙ.......කල්පනා කල මා......මේවගෙ දේවල් ඉගෙන ගන්න එකත් එක අතකට හොදයි.... සිතුනි.....
              මාව ඉන්දිකා බවට පත්වුවද මගේ ඉගෙනීමේ වැඩ අතපසු කලහොත් එහි අවාසිය ඉන්දිකාට අත්වෙන නිසා පාසැල් වැඩ අතපසු නොකිරීමට සිතා ගත්තෙමි. කුසල්ටත් කියන්න ඕනැ මා වෙනුවෙන් පාඩම් වැඩ අතපසුකරන්න එපා කියල.......උසස් පෙල විභාගෙටත් තව මාස කිහිපයයි තියෙන්නෙ ඒ හින්ද ගොඩක් මාන්සි වෙන්න වෙනව.....අපිදෙන්නගෙ සිරුරු මාරුවුනත් ඒක හරිගස්ස ගන්නකන් දෙන්නම විභාගෙ පාස්වෙන්න ඕනැ......මේ බව කුසල්ට කීමට සිතාගත්තෙමි.
                 මා මෙසේ කල්පනා කරමින් සිටින අතර තුල දුරකතනය නාදවන හඩ ඇසුනි.....දුවේ ඔයාට කෝලෙක සීයාගේ කටහඩ ඇසුනු මා දුරකතනය ගත්තෙමි......මොකද තාමත් අඩනවද......කුසල්ගේ කටහඩ ඇසුනි.......ඇඩුව කියල වැඩක් නෑනෙ කුසල් දැන් තියෙන්නෙ සීයට කියල කොහොම හරි ඉක්මනට මැසින් එක හදාගන්න...මම කීවෙමි....ඔයා ඒක තේරුම් ගත්ත එක හොදයි.....අපේ විභාගෙත් ලග හින්ද ඕව කල්පනා නොකර පාඩම් කරමු. තව දවස් කීපයක් යනකොට අපි අපේ අලුත් ජීවිත වලට හුරුවෙයි......මටනම් දැන් අවුලක් නෑ ඊයෙ පොඩ්ඩක් අවුල් වගේ තිබුනට මට මේ පිරිමි ජීවිතේ හුරුයි වගේ තේරෙනව......ඔහු සිනාසෙමින් කීවේය.....පිරිමි ජීවිතේ වගේ නෙවෙයි කුසල් කෙල්ලෙක් උනාම ඊටවඩා ටිකක් සන්කීරනයි කියල මට දැන් තේරෙනව...මම කීවෙමි....ඔව් ඒකත් ඇත්ත.....ඒත් මටනම් ගැහැනු ජීවිතේ අවුලක් තිබුනෙ නෑ....මම හොද සතුටින් හිටියෙ.......ටික දවසක් යනකොට ඔයාටත් ගැහැනුජීවිතේ ගැටලුවක් නැතිවෙයි ඉන්දිකා......ඔහු කීවේය......එහෙම උනොත් හොදයි......දිගු සුසුමක් හෙලූ මම කීවෙමි.....බය වෙන්න එපා ඉන්දිකා.. අපි ආයෙත් මාරුවෙනකන් සතුටින් ඉම්මු.......ඔයා කෙල්ලෙක් උනා කියල පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා ඔයාගෙ ඕනැම දේකට මම ඉන්නව.....කිසිම කොල්ලෙකුට ඔයාගෙ ඇගට අත තියන්න දෙන්නෙ නෑ.....මම ඔයාව ආරක්ෂා කරන්නම්.මම දන්නව සීයත් ඔයාට ගොඩක් ආද්රෙයි කියල......මායි සීයයි ඉන්නකන් ඔයාට කිසි ගැටලුවක් වෙන්න ඉඩතියන්නෙ නෑ ඉන්දිකා.......ඔහු මෙසේ පැවසූ විට මගේ සිතට යම් සැනසීමක් ඇතිවිය.......දැන් මල්ලිට හොදද.....මම ඇසුවෙමි......එයාට දැන් හොදයි......දැන් කුසල් මොකද කරන්නෙ......මම අද නාන්න සූදානම් වෙනකොට අම්ම මාදිහා පුදුම වෙලා වගේ බලා හිටිය.......අම්මට වෙනස තේරිලාද දන්නෙ නෑ......ඔහු කීවේය...අම්ම පුදුම වෙන්න ඇත්තෙ හැමදාම නොනාන මම ඇයි හැමදාම නාන්නෙ කියල......මට මෙසේ හිතුනත් මා මේ වගක් ඔහුට නොකියා.......නෑ ඔයාගෙ හැසිරීමේ රටාව වෙනස් ඇති ඒකයි.....ඔයා දැන් මම හැසිරුන විදියට නෙවෙයිනෙ හැසිරෙන්නෙ.......මම කීවෙමි......ඒක වෙන්න ඇති.....ඔහු සිනාසෙමින් කීවේය........දැන් ඔයාගෙ වැඩ ගැන ගැටලුවක් නෑනෙ නේද.....ඔහු ඇසුවේය......දැනටනම් නෑ.....සීය හැමදෙම කියල දෙනව......ඒ හින්ද ගැටලුවක් නෑ.......තව ඔයාට ගැටලුවක් තියෙනව.......ඒ මොකක්ද.....මම ඇසුවෙමි......ඒක දැම්ම කියන්න බෑ තව සතියකින් විතර අහන්නකො එතකොට කියන්නම්.....ඊට ඉස්සෙල්ල අපි දෙන්නට මාරුවෙන්න පුලුවන් උනොත් ඒ ගැටලුවත් ඔයාට එන්නෙ නෑ.......ඔහු කීවේය.......කමක් නෑ මම එදාට අහන්නම්......මම කීවෙමි.
           සීය මැෂිම හදාගත්තෙ නැත්නම් මට හැමදාම කෙල්ලෙක් වෙලා තමයි ඉන්න වෙන්නෙ....එහෙම උනොත් වෙන කරන්න දෙයක් නෑ ඒක මගේ වෙලාව තමයි....එහෙම උනොත් ඉන්දිකා කොල්ලෙක් විදියට ජොලියෙ ඉදියි.........රාත්රී නින්දට යනවිට කල්පනා කලෙමි.....
           පසුදිනද පාසැල් යෑමට සූදානම් වූ මා කොන්ඩය ගොතවා ගැනීමට සීයා අසලට ගියෙමි.....සීයට මම හින්ද කරදරයි නේද......සීයා මගේ කොන්ඩය පීරන අතර තුර ඇසුවෙමි. මට මොන කරදරයද දුවේ....මම හින්දනෙ දුවට කරදරයක් උනේ......ඒ වුනාට සීයෙ මගේ වැඩටික මම ම කරගන්න පුරුදුවෙන්න ඕනැ....තනියම කොන්ඩෙ ගොතාගන්නත් පුරුදු වෙන්න ඕනැ.......මම දැකල තියෙනව ගැහැනු ලමයි එයාලගෙ කොන්ඩෙ තනියම ලස්සනට ගොතාගන්නව......මටත් ආසයි එහෙම කරගන්න.......මම කීවෙමි.....ඒකනම් හොද අදහසක් දුවේ......සීයා කීවේය.

No comments: