Sunday, February 19, 2017
සීයා 10..........................සීයා ලිවරය තිබෙන ස්තානයට ගොස් නැවත මැෂින් එක පරීකශා කිරීමට පටන් ගත්තේ එය හොදින් වැඩකරනාවදැයි සැකහැර ගැනීමට බව දුටුවෙමි......එවිටම කාමරයේ දොර අරිනු දුටුමම ඉන්දිකා මගේ කමිසය අතේ තබාගෙන කාමරය තුලට ඇතුලුවන අයුරු දුටුවෙමි......කමිසය මා දෙසට විසිකල ඇය සීයා දෙස බලාගෙන හිස් පුටුවේ වාඩිවූවාය......එය නො දුටු සීයා......ලිවරය උස්සා හිස් පුටුව අසලට පැමිනියේ එහි වාඩිවීමටය.......එම පුටුවේ ඉන්දිකා වාඩිවී සිටින අයුරු හදිසියේම දුටු ඔහු ලිවරය දෙසට දිවගියේ එය නැවත පහලට දැමීමට බව සිතුවෙමි......එහෙත් ඒ වනවිට මගේ සිරුර හරහා යම්කිසි විදුලිබලයක් ගමන් කරනබව තේරුම් ගත් මා පුටුවෙන් නැගිටීමට උතසාහ ගත්තෙමි......එහෙත් විදුලි බලය නිසා අඩපනවූ මා පුටුවේ ඇන්දට හේත්තු වෙනවාත් සමග ගුවනේ පාවෙනවාක් මෙන් දැනුනි......මට මතක තිබුනේ එපමනකි......මා නැවත ඇස හැර බැලුවෙමි......පුටුවට ගැටගසා තිබුනු අත්දෙක ඇන්දෙන් නිද්හස් වී තිබුණි.....අත්දෙක උස්සා ඒවා දෙස බැලුවෙමි......තිබුනු අතට වඩා දැන් තිබෙන අත්දෙක වෙනස්වී ඇති අයුරු දුටු මා ඉතා ඕනෑ කමින් ඒවා දෙස බැලුවෙමි.....මේ අත්දෙක තිබුනට වඩා පුන්චියි....ඒවගේම සුමටයි.පාටයි.....හරියට කෙල්ලෙක්ගෙ වගේ.....පුදුමයට පත්වූ මා වටපිට බැලුවෙමි.....මා අසල තිබුනු පුටුව දෙස බැලූ විට දැක ගනීමට ලැබුනේ පපුව වැහෙන්ට සාලුවක් පොරවාගත් හැඩිදැඩි තරුනයෙක් එම පුටුවේ වාඩිවී සිහිසුන්ව සිටින අයුරුය.......මා පුටුවෙන් නැගිට ඔහු අසලට ගියෙමි......මේ මම නේද ඔහුගේ රුවදැකීමෙන් මට කෑගැසුනි......මා සීයා දෙස බැලුවෙමි....මෂින් එක දුමෙන් පිරී තිබුනු අතර සීයා එම ගිනිගන්නා කොටස් නිවීමට තැත් කරමින් සිටියේය......මොකද දුවේ කෑගහන්නෙ පොඩ්ඩක් ඉන්න මේක නිවල එනකන්......මොකක්ද සීයෙ මේ කලවැඩේ තේරුම......මම හයියෙන් සීයාට දොස් කීවෙමි......මගේ කටහඩද වෙනස් වී ගැහැනු කටහඩක් පිටවෙන බැවින් උගුර අත ගාමින් නැවත සීයාට කතා කලෙමි......මොන කරදරයක් ද මන්ද මොකද බන් ......සීයා එසේ අසමින් මා අසලට පැමිනියේය.......මේ බලන්න.......ආ එයාට තව සුලුමොහොතකින් සිහිය එයි......කී ඔහු පුටු ඇන්දට සවිකර තිබුනු ඔහුගේ අත්දෙක නිදහස් කලේය.......එවිට ඔහුගේ මුවින් සිහින් කෙදිරියක් පිටවිය......... ඇස් ඇරිය ඔහු හිස අල්ලා ගෙන මා දෙස බැලුවේය........පුදුමයෙන් ඇස්දෙක ලොකු කල ඔහු ඔය මම නේද......ඇසුවේය.....නෑ ඔය මම.....මා ඔහු දෙසට අත දිගුකරමින් පැවසුවෙමි......එහෙම වෙන්නෙ කොහොමද ඔහු පුටුවෙන් නැගිට ඇසුවේය.......ඔය දෙන්න කලබල වෙන්න එපා......ඔයා මෙයා මෙයා ඔයා.....අපිදෙසට මාරුවෙන් මාරුවට ඇගිලි දිගුකර කියමින්.....සතිටින් සිනාසෙන්ට විය.....මොකක්ද සීයෙ මේ විකාරෙ.......මගේ සිරුරෙන් පෙනීසිටි තරුනයා කීවේය......මොකුත් නෑ ලමයිනේ.....මගේ පරීක්ශනය සාර්තකයි......ම්ට දැන් නොබෙල් තෑග්ගත් ගන්න පුලුවන්......සීයා සතුටින් නටන්ට විය......සීය නොබෙල් තෑග්ගක් ගැන කියවනව අපිට වෙලාතියෙන දේ බලන්නෙ නැද්ද......ඔහු තරහෙන් සීයාට කියන්ට විය......බයවෙන්න එපා ලමයිනේ ඔයදෙන්නගෙ ශ්රීර දෙක මාරුවෙලා විතරයි තියෙන්නෙ.....පොඩ්ඩක් ඉන්නකො මේකෙ පොඩි ගැටලුවක් උනා හදාගත්තහම මාරුව ඇරගන්න පුලුවන් .....පැවසූ ඔහු මැෂින් එක අසලට ගමන් කලේය.........ඒ අසල වාඩිවූ ඔහු මැෂිමේ කොටස් පරීක්ෂාකිරීමට පටන්ගත්තේය......ඉක්මන් කරන්න සීයෙ මට ඉක්මනින් ගෙදර යන්න ඕනැ දැනටත් ගොඩක් පරක්කුවෙලා.......මා ඉන්දිකාගේ කටහඩින් කීවෙමි.......ඔයදෙන්න ඔය පුටු උඩින් වාඩිවෙලා සූදානමින් ඉන්න මම මේක හදපුගමන් ලිවර් එක උඩට දානව එතකොට දෙන්න හිටපුතත්වෙට මාරුවෙනව.......ඔහු එසේ පැවසූවිට.........මා නැවත පුටුවේ වාඩිවුනෙමි.......මගේ සිරුර අයිතිකරගෙන සිටි ඉන්දිකා පුටුවෙන් නැගිට කාමරයෙන් එලියට යනු දුටු මම ......ඉන්දිකා පොඩ්ඩක් ඔහොම ඉන්න සීය මේක හදපුගමන් අපිට ආයෙත් මාරුවෙන්න පුලුවන්......මම කීවෙමි......පොඩ්ඩක් ඉන්න මම කාමරේට ගිහින් එන්නම්.......ඔහු පුටුව අසල තිබුනු මගේ මඩ ගැවී සෝදන ලද කමිසය අතට ගෙන පැවසුවේය........එහෙනම් ඉක්මනට එන්න මා පැවසුවෙමි...............
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment