Friday, February 17, 2017
සීයා 9..............................කුසල්...කිසල්...කෝමේ කුසල්....ඉන්දිකා මට අඩගසන අයුරු ඇසුනු මම කාමරයෙන් එලියට ගියෙමි.....ආ ඔයත් සීයගෙ කාමරෙට ගියද......ඔය සීය කරන විකාර වැඩ බලන්නෙ නැතුව මෙහාට වෙලා ඉන්න.....පැවසූ ඇය.......ඔයාට අදින්න දෙන්න මගෙගාව පිරිමි ඇදුම් නෑ මේ සාලුව පොරවගෙන ඔය කමිසෙ ගලවලා දෙන්න.....කලිසමේ මඩගෑවිලා නෑනෙ...කී..ඇය මට සාලුවක් දී මඩගෑවුනු කමිසය ගත්තාය......ලමොයෝ මෙහාට එන්න මේක හදනහැටිබලන්න.....සීයා කාමරය ඇතුලේසිට මට කතාකරන්ට වූවේය.......සීයාගේ කරදරය නිසා මා නැවත කාමරය තුලට ගියෙමි.......මම මේක හදල ගොඩක් කල් වෙනව තාම මේකෙන් වැඩක් ගන්න බැරිවුනානෙ......මේක වැඩකරන්න ඔය ලමය වගේ කෙනෙක් ඉන්න ඕනැ......සීයා එසේ පවසන අතර තුල විශාල කොම්පියුටරයක් වැනි උපකරනයක් අසල එහි තිබුනු දූවිලි ඉවත් ඉවත් කලේය......බලන්නකො පුතේ මේක නිකම්ම තිබිල දූවිල්ලත් බැදිල......සුද්ද කරල ගත්තහම හරියයි.....එතකන් අරපුටුවෙ වාඩිවෙලා ඉන්න......සීයා මට පුටුවක් පෙන්නුවේය......වාඩිවෙලා ඉන්න වෙලාවක් නෑ සීයෙ.....මට ඉක්මනට යන්න ඕනැ..... පැවසුවෙමි.....දුව ඔයලමයගෙ සිර්ට් එක හෝදගෙන එනකොට තව පැය භාගයක්වත් යයි....එතකම් පුටුවෙන් වාඩිවෙන්න......සාලුව හොදින් පොරවාගත් මම පුටුවෙන් වාඩිවුනෙමි.......ටිකවෙලා වක් දූවිලි පිසදැමූ ඔහු ....දැන් හරි දැන් බලමු මේක වැඩකරනවද කියල......ඔහු එය විදුලියට සම්භන්ද කරන්ට විය......යන්තම් ඇති වැඩකරනව....ඔහු එහි මොනිටර් එක දෙස බලා පැවසුවේය.....එම උපකරනයේ තැනින් තැන කුඩා බල්බ කිහිපයක් නිවි නිවී දැල්වෙමින් තිබුනි......මේ සීය මොනව කරන්න හදනවද මන්ද....මට හිතෙන්නෙ මොකක් හරි අලුත් දෙයක් නිර්මානය කරන්න හදන්නෙ....ඒ නිර්මානෙ පෙන්නන්න කෙනෙක් නැතුව මෙච්චර කාලයක් මේ මැෂින් එක නිකන් තියාගෙන ඉදල තියෙන්නෙ.......මා ඔහු කරන ක්රියාවන් දෙස බලමින් කල්පනා කලෙමි.......පැය භාගයක් පමන ගතවිය......මට ගෙදර යන්න පරක්කු වෙනව සීයෙ.......මම නිවාඩුවෙලාවක සීයගෙ ඔය වැඩේ බලන්න එන්නම්.....මම කීවෙමි......පොඩ්ඩක් ඔහොම ඉන්න ලමයො තව විනාඩි පහක් දෙන්න මට මේ වැඩේ ඔය ලමයට පෙන්වන්න පුලුවන්......ඔය ලමයගෙ නම මොකක්ද ....සීයා ඇසුවේය......කුසල්......මම කීවෙමි....කුසල්...කුසල්...යනුවෙන් කිහිපවරක් මිමිනූ සීයා.....තව පොඩ්ඩකින් මට කියන්නෙ කුසල්.....මම කුසල් එයා සීයා....මම කුසල් එයා සීයා.....ඔහු පිස්සුවෙන් මෙන් මුමුනන බව ඇසුනි.....එකත් එකටම මේ සීයට මොකක්හරි මොලේ අමාරුවක් තියනව විකාර වැඩ කරනවට අමතරව ....විකාරත් දොඩවනව........මා දෙස හොදින් බැලූ සීයා මොනවද කොල්ලො ඔහොමද පුටුවෙ වාඩිවෙන්නෙ...මොනවද බන් ගැහැනුනෙ ඔහොම ඉන්නෙ පිරිමියෙක් වගේ අත්දෙක ඇන්ද උඩින් තියාගෙන නියම පිරිමියෙක් වගේ වාඩිවෙයන්කො......මා නැගිටින්න බලාගෙන පුටුවේ බගෙට වාඩිවී සිටිනු දුටු සීයා කීවේය....මා ගේ ගැහැනු ගතිගුන සීයාටත් දැනී ඇතිබව කල්පනා කල මම පුටුවේ කෙලින් වාඩිවී අත්දෙක පුටුවේ ඇන්ද උඩින් තබා ගත්තෙමි.....එවිටම පුටු ඇන්දේ තිබුනු වලලු දෙකක් මගේ අත්දෙක හරහා වැටී අත් පුටු ඇන්දට බැදුනි......දැන් මට පුටුවෙන් නැගිටීමට බැරිබව තේරුම් ගත් මා.....මොකක්ද සීයෙ මේකරන පිස්සු වැඩේ මට යන්න දෙන්න......බියට පත්වූ මම හයියෙන් කෑගැසුවෙමි.....මා දගලමින් කෑගැසුවත් පුටුවෙන් නැගිටීමට බැරිවිය.....සීයා මගේ කෑගැසීම ගනනකට නොගෙන පාඩුවේ ඔහුගේ වැඩ කරන අයුරු දුටුවෙමි......දැන් හරි කොල්ලො.....මේ ලිවර් එක උස්සලා මට තියෙන්නෙ අර පුටුවෙ වාඩිවෙන්න.....එතකොට මම කුසල් ඔය ලමය සීය.....මම කුසල්....තව පොඩ්ඩකින් මම කුසල් ...එතකොට මම හොද තරුනයෙක්.....මම කුසල් ......සීයා පිස්සුවෙන් මෙන් මෙසේ කොදුරමින් මා අසල තිබුනු අනිත් පුටුවේ දුහුවිලි පිසදැමුවේය......එම පුටුවද මා ඉද්ගෙන සිටි පුටුව හා සමාන බව එය දෙසබැලූවිට පෙනෙන්ට තිබුනි ......මෙම පුටු සැලූන් වල තිබුනු පුටු හා සමාන වුවද ඒවාට යම් විදුලි උපකරන කිහිපයක් සම්භන්ද කර ඇති බව හොදින් බැලූ විට පෙනෙන්ට තිබුනු.....මේ සීයට මොලේ හොදනෑ කියල මට හිතුනට.....දැන් බලන කොට හරිම කපටි සීය කෙනෙක් නෙ.....මට මොකක් හරි කරන්න සීය මාව මේකට කොටුකර ගත්ත......මා බියපත්ව කල්පනා කලෙමි.......දැන් හරි දැන් මට තියෙන්නෙ ලිවර් එක උස්සලා මේ පුටුවෙ වාඩිවෙන්න....කියමින් ඔහු ලිවරය අසලට ගියේය......සීය කියනව වගේ ඇත්තටම මාව සීය වෙයිද.....ආපෝ එහෙම දෙයක් උනොත්නම් ඉන්නවට වඩා හොදයි මැරිල යන එක...මා සීයාට ඇසෙන්ට කීවෙමි...පුතා බයවෙන්න එපා මේක පරීක්ෂණයක් විතරයි ....වෙනසක් උනොත් අපී දෙන්නට ආයෙත් මාරුවෙන්න පුලුවන්......ඔහු කීවේය......
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment