Friday, February 24, 2017

සීයා 16.............................මා ඇයගේ පොත්මේසය අසලට ගියෙමි......මගේ පොත් මේසය මෙන් නොව මෙහි හැමදෙයක්ම පිලිවෙලට තබා තිබුනු අයුරු දුටුවිට පුදුම සිතුනි. ඇය ලියන ලද සටහන් පුතක් පෙරලා බැලුවෙමි......ඇයගේ අත් අකුරුද ඇය මෙන්ම ලස්සන යයි මට සිතුනි......මටනම් මේවගේ ලස්සනට අකුරු ලියන්න බෑ මා එම අකුරු දෙස බලා කල්පනා කලෙමි......ඉන් අනතුරුව මගේ නෙත් යොමුවූවේ ඇගේ ඇදුම් රාක්කය දෙසටය.......ලස්සනට තබා තිබුනු එම සියලු ඇදුම් ගැහැනු ලමයින්ට සුදුසු ඇදුම් බව මා තේරුම් ගත්තෙමි......මට මේ ඇදුම් වැඩක් නෑ.....මේවත් ඇදගෙන ඉන්නෙ අද විතරයි.....හෙට වෙනකොට ආයෙත් මාව කුසල්වුනාම මම ආයෙත් අදින්නෙ මගේ සුපුරුදු පිරිමි ඇදුම්.......සිතූ මම ඒවා ගැන එතරම් විපරම් නොකලෙමි.......කැඩපත අසලට ගියමම ඉන්දිකාගේ රුව හොදින් නිරීක්‍ෂණය කිරීමට පටන්ගත්තෙමි......ඉන්දිකා කියන්නෙ කොයිතරම් ලස්සන කෙල්ලෙක්ද......අනේ මට කුසල් වෙලා මෙයත් එක්ක යාලුවෙන්න ඇත්නම්.......ඇයගේ හැඩ බලමින් කල්පනා කලෙමි.....ඇදගෙන ඉන්න ගවුම ගැලෙව්වොත් එයාගේ හැඩරුව මීට වඩා හොදට බලාගන්න පුලුවන්....ඒත් ඉන්දිකාට හොරෙන් එයාගෙ නිරුවත් සිරුර බලන එක හොද වැඩක් නෙවෙයි.....කෙලන්ගෙ නිරුවත් සිරුරු බලන එකත් මහ ලැජ්ජ නැති වැඩක් යන සිතුවිල්ල මගේ මනසේ තුල ඇතිවිය.....මට ඕනැ කුසල් කියන කොල්ල හැටියට ඉන්දිකාට ආදරය කරන්න මිසක් එයාගෙ නිරුවත බලල සතුටුවෙන්න නෙවෙයි.....මා තව දුරටත් කල්පනා කලෙමි.
               දුව නාගන්නෙ නැද්ද......සීයාගේ කට හඩ ඇසුනි.......මම හිතන්නෙ ඉන්දිකා මේ වෙලාවට වෙන්න ඇති නානව ඇත්තෙ....ඒ හින්ද තමයි සීය මට නාගන්න කියන්නෙ.......එසේ සිතමින් කාමරයෙන් පිටවන විට මාදෙස බැලූ සීයා......දුව නාන කාමරේ දන්නවනෙ.........පොඩ්ඩක් එහාට යනකොට තියෙනව.......ඔහු අත දිගුකර පැවසුවේය......දන්නව සීයේ පැවසුවෙමි.......ගෙදරදී මේ වෙලාවට නෑමට අකමැති මා අද කෙසේ හෝ නා ගත යුතුයයි කල්පනා කලෙමි.....කුසල් කියන්නෙ කොල්ලෙක් කොල්ලො වගේ නෙවෙයි කෙල්ලෙක් උනාම නිතර නාගෙන පිරිසිදුව ලස්සනට ඉන්න ඕනැ.....මම කොල්ලෙක් වුනත් දැන් මට අයිතිවෙලා තියෙන්නෙ කෙල්ලෙකුගෙ ශරීරයක්.....අනිත් එක මේක මම ගොඩක් ආදරේ කරන ඉන්දිකාගේ ශරීරය. ඒ හින්ද එයාටත් වඩා හොදට මේක පිරිසිදුව තියාගෙන ඉදල හෙට ආපහු භාර දෙන්න ඕනැ.......සිතූ මා.....ගැහැනු ලමයෙකුට ඇදීමට අවශ්‍ය ඇදුමක් සොයාගැනීමට කල්පනා කලෙමි.......ඉන්දිකාගේ ඇදුම් රාක්කය අසලට ගිය මම ඇගේ ඇදුම් එකින් එක පරීක්ශා කලෙමි......මම ජීවිතේටම ගැහැනු ලමයින්ගේ ඇදුම් අල්ලානොසිටි  නිසා.මට ඒවා ඇල්ලීමට පවා ලැජ්ජවක් දැනුනි......මා ලැජ්ජාවෙන් යුතුව ඇගිලි දෙකකින් පමනක් අල්ලා ඒවා එහාට මෙහාට කරමින් නෑමට ඇදීම සදහා සුදුසු ඇදුමක් සොයන්ට වූවෙමි....ශික් කොල්ලෙක් වෙලත් මට දැන් කෙල්ලන්ගෙ ඇදුම් අදින්න උනානෙ.....සීයගෙ විකාර වැඩේ හින්දනෙ මට මෙහෙම උනේ.....මා සිතින් සීයාට බනිමින් ඇදුම් සෙව්වෙමි......අම්ම නානකොට සමහර වෙලාවට යට සායක් පපුවේ පියයුරු වැහෙන්න ඇදගන්නා බව මට එකවරම මතක් විය......ඉන්දිකාගෙ යට සායක් ගත්තම මටත් ඒවගේ අදින්න පුලුවන්නෙ.....මට එකවරම සිහිවිය......යට ඇදුම් තිබෙන ස්තානයෙන් ඇගේ යට සායක් ගත් මා......නාන කාමරය දෙසට ගියෙමි......නාන කාමරය සාදා තිබුනේ ගේ ඇතුලේ බැවින් එලියට යෑමට අවසයතාවයක් නොතිබුනි.......ඇතුලට ගිය මා දොර වසාගෙන අගුලු දාගත්තෙමි.......ඇදගෙන සිටින ගවුම ඉවත්කිරීම සදහා සායෙන් ඉස්සුවෙමි......එය ගෙලදක්වා ඉස්සුවත් ගවුමේ යම්කිසි හිරවීමක් නිසා ගෙල පෙදෙසෙන් ඉහලට එසවීමට නොහැකිවිය......මා එය නැවත පහලට කර හිර වීමට හේතුව පරීක්ශා කලෙමි.......ගවුමේ කර පෙදෙසේ ගෙලේ පිටුපසින් ගැටයක් ඇතිබව දැන ගැනීමට ලැබුනේ එවිටය.......අපේ පිරිමි ඇදුම් වගේ නෙවෙයි මේ කෙල්ලන්ගෙ ඇදුම්වල කොහේ කොහේ ගැට තියෙනවද මන්ද......සිතමින් එම ගැටය ලෙහුවෙමි......එවිට ගවුම ගලවා ගැනීමට හැකිවිය.....මා ගවුම ගැලෙව්වා පමනි නාන කාමරයේ දොරට තට්ටු කරන හඩ ඇසුනි......කවුද මම ඇසුවෙමි......දුවේ ඔයාට කෝල් එකක් ඉක්මනට එන්න.....සීයාගේ කට හඩ ඇසුනි......කාගෙන්ද....මම ඇසුවෙමි........අපේ දුවගෙන්......ඔහු පවසනු ඇසුනි......එහෙ මොකක් වෙලාද දන්නෙ නෑ.....කලබලවුනු මම ගවුම නැවත ඇගට දමාගෙන දුරකථනය දෙසට දුවගෙන ගියෙමි........කුසල් කතා කරන්නේ......ඔයාට එකක් කියන්න බැරිවුනා ඒකයි කතාකලේ........මොකක්ද මා ඇසුවෙමි.........

No comments: