Tuesday, December 27, 2016

නත්තල් තෑග්ග(12 කොටස) ..................................මා දියේ ගිලුනු බවක් නොදැනුනි . මා නැගිට වටපිට බැලුවෙමි. දොල පාර අසලින් ගලා යන බව දුටුවෙමි. හිස අවුල් කරගෙන සිටි මා කලබලයත් කලකිරීමත් නිසා කලුවරේම පැන තිබුනේ අසල ඇති මඩවලකටය. මගේ පාද මඩ ගොහොරුවේ එරුනි....මුලු සිරුර පුරාම මඩ තැවරී ඇත. කලුවරේ අතපත ගාමින් වැවී තිබුනු පදුරු අල්ලාගෙන ගොඩට ආවෙමි....අයියෝ මම ඉක්මන් වෙලා කරගන්න හැදුව මෝඩ වැඩේ....මාව ආයෙ කොල්ලෙක් උනත් මම තවදුරටත් හිටියොත් තාත්තට කොච්චර සහනයක් ද. මම දැන් බැරි වෙලාවත් මලානම් තාත්ත කොච්චර දුක් වෙයිද.....අම්ම නැති වුන වේදනාව එක්ක මමත් නැතිවුනානම්..ගොඩට පැමිනි මම ....මම බිම වාඩිවී කල්පනා කලෙමි. දෙවියන් වහන්සේ දවසකට හරි මාව කෙල්ලෙක් කලා ...මාව ඒ ජීවිතේට සුදුසු නැති හින්ද වෙන්න ඇති ඒ දුන්න ගැහැනු කම ආපහු ගන්න ඇත්තෙ....මොනව කරන්නද මේ ඔක්කොම දෙවියන් වහන්සේගේ කැමැත්ත....ඒ කැමත්ත පරිදි ජීවත් වෙනව....සිතූ මා නැගිට ගේ දෙසට පා නැගුවෙමි. ඇගපුරා මඩ තැවරී ඇති නිසා ගේ තුලට යෑමට නොහැක. ගේ පිටුපස එලියේ තිබුනු නෑම් සදහා සකසා තිබුනු කරාමයෙන් නා ගත් අතර කලිසමද ගලවා සෝදා ගත්තෙමි.....රෑ හින්ද හොදයි නැත්නම් මෙතැන නිරුවස්ත්‍රෙන් නාන්න පුලුවන් තැනක් නෙවෙයි......මට සිතුනි....කලිසම හොදින් මිරිකා වතුර ගසා දැමූ මම නිරුවත්ව ගේ තුලට යෑමට නොහැකි නිසා එය ඇදගැනීමට සූදානම් විය . එවිටම මා සවස රෙදි සෝදා වැනූ රෙදි වැල දුටු වෙමි. මා සවස ඇද සිටි සාය බවුසය සහ බ්රෙසියරය එහි වැනූ බව මතක් වී ඒ දෙස බැලුවෙමි......එහෙත් මා සවස වැනූ එම ඇදුම් එකක්වත් එහි නොතිබෙන බව දුටුවෙමි. කලුවර නිසා හරි හැති නොපෙනෙන නිසා.සේදූ කලිසම අතේ තබාගෙන ඒ අසලට ගියෙමි. මා සෝදා වැලට දැමූ ඇදුම් වෙනුවට කලිසමක් ටී සර්ට් එකක් බැනියමක් සමග පිරිමි යට ඇදුමක් අඩ අදුරේ දුටුවෙමි..........මේව ඔක්කොම මම ඉස්සර ඇන්ද මගේ පිරිමි ඇදුන්නෙ.....එතකොට මම හෝදලා දැම්ම ගැහැනු ඇදුම් ටික තමා මේ පිරිමි ඇදුන් බවට පත්වෙලා තියෙන්නෙ......මා ඒවා අල්ලමින් කල්පනා කලෙමි.....එතකොට මම ඇදන් හිටිය නයිට් ගවුම තමා දැන් හේදුව කලිසම .....අතේ තබා ගෙන සිටි තෙත කලිසම වැලේ දමා....වැලේ තිබුනු කලිසම ඇදගත්තෙමි.....අනිත් ඇදුම්ද වියලී තිබුනු බැවින් ඒවාද ගෙට ගෙන යෑමට අතට ගත්තෙමි.....ගෙයින් පිටවීමට ඇර තිබුනු පිටුපස දොරෙන් ඇතුලුවී හඩ නොනැගෙන සේ වසා අගුලු දැම්මෙමි.....කාමරයට ගිය මම දොර ඇතුලතින් අගුලු දමා ගත්තෙමි.........මා ගෙන ආ ඇදුම් ටික ඇදුම් රාක්කයට දමන විට රාක්කයේ තිබුනු සියලු ඇදුම් නැවත මගේ තිබුනු පිරිමි ඇදුම් බවට පෙරලී තිබුනි......මේසයේද මට තිබුනු පිරිමි උපකරන පමනක් තිබුනි.....මා සිටි සුරන්ගනා ලෝකය කඩාවැටී ඇතිබව මට හිතුනි.....ඇදෙන් වාඩිවුනු මා දුක් බරව මගේ වැඩකට නැති පිරිමි රුව දෙස බලා ඉකි ගැසුවෙමි......මට පල්ලියේදී තෑග්ගට ලැබුනු ගවුම ඇස ගැටුනි. ඒව වෙනස් වෙලා නෑ වගේ....මට සිතුනි... මා පල්ලියට යනවිට ඇදගෙන ගිය එම ඇදුම් ටික දෙස බලූවිට ඒවා නිරිපදිතව එසේම තිබුනි...පැලදගෙන ගිය ආභරන තිබේදැයි ඒවා දමා තිබුනු කුඩා පෙට්ටි ඇර බැලුවෙමි....ඒවාද එසේම තිබුනි..එහෙත් කරාබු දෙක පමනක් පෙනෙන්ට නොතිබුනි. ඒවා කන්වල තිබියදිම අතුරුදහන් වී ඇති බව මට තේරුනි......දැන් කරන්න තියෙන්නෙ ආශාවටත් එක්ක මේ ටිකවත් අදින්න..... සිතූ මා..ඇද සිටි..කලිසම ගලවා අයින්කර....බ්රෙසියරය ඇද ගත්තෙමි. යට සායද පැන්ටියද ඇදීමෙන් අනතුරුව ගවුම ඇදගත්තෙමි......මාලයද වලලු ටිකද පැලද ගත් මා ....කන්පෙති දෙක අත ගෑවත් එහිතිබුනු කරාබු ජෝඩුව අතුරුදහන් වී තිබුනු බැවින් එවා හිස්වී තිබුනි......මා කැඩපතින් හැඩ බැලුවෙමි. පෙරමෙන් හැඩට සහ ලස්සනට නොපෙනුනත් යම් තරමකට ගැහැනු පෙනුමක් තිබුනි.....කෙල්ලෙක් වෙනව වගේ නෙවෙයි. කොල්ලෙක් කෙල්ලෙක් වගේ ඇන්ද කියල එච්චර ලස්සන පෙනුමක් නෑ .පැන්ටියට ඇතුලෙ පුරුෂ ලින්ගය තියෙන එකත් බරක් වගේ දැනෙනව ඒකත් කරදරයක් ..... ...ඒත් මේවිදියටවත් ඇදගෙන හිතෙන්වත් ගැහැනු ලමයෙක් වෙනව.....මා කල්පනා කලෙමි.
මෙලෙස ගැහැනු ලමයෙකු ලෙස සැරසුනු මා ටිකවෙලාවක් හැඩබලමින් සිට ඇදේ ඇලවුනෙමි......නැවත ඇහැරුනේ පාන්දර එලාම් එක නාදවනවිටය.....තාත්තා අද වැඩට යන බැවින් පාන්දර කෑම ඉවීමට අවශ්‍යයතාවය තිබුනු බැවින් මා පාන්දර ඇහැරීමට එලාම් එක තබා තිබුනි.........අද මට යන්නවෙන්නෙ වෙනද වගේ නිරෝශ්.. විදියට ....මා නැවත පිරිමි ලමයෙකු වූ බව මතක් වූ මට සිතුනි....මා දැන් පිරිමි ලමයෙකු බැවින් ගවුම ඇදගෙන එලියට යා නොහැකි බව දන්නා මා ගවුම ගලවා කලිසම හැදගැනීමට කල්පනා කලෙමි......අද ඉදන් මේ හැමෝටම මාව නිරෝශ් කියල හදුනා ගනියි...........දෙවියන් වහන්සේ නත්තල් තෑග්ග විදියට මාව කෙල්ලෙක් කරල තියෙන්නෙ නත්තල් දවසට විතරයි...... එක දවසට හරි කෙල්ලෙක් වී ලබා ගත් එම සතුට හා සැනසිල්ල මා පිරිමියෙකු වසයෙන් ජීවතය පුරාවත් ලබා නොගත් බව සිහිවිය. මා දුක් බරව ඇදෙන් නැගිට්ටෙමි......

Transgender body swap ගේ ඡායාරූපය

No comments: