නත්තල් තෑග්ග(9 කොටස)..................... ..........ඇගට වතුර ටික වැටෙනවිට වෙනදාට වඩා සීතලක් දැනුනි. දැන් හම තුනී වෙලා හින්ද සීතල වැඩියෙන් දැනෙනව ඇති.....සිතූ මා සිරුර අතගාමින් නෑවෙමි හිසට වැටෙන ජලය දිගට වැවුනු කෙස්වැටිය දිගේ පහලට ගලාවිත් වැටෙන අයුරු ආශාවෙන් බලා සිටියෙමි. පිරිමි සිරුරින් නා පුරුදු මට ගැහැනු සිරුර තුල සිටිමින් නෑම අමුතුම අත්දැකීමක් විය. මගේ සම වෙනදාට වඩා සුමට වී ඇතිනිසා සබන් ගානවිට හමේ ලෙස්සන ගතිය වැඩිබව මට දැනුනි. මගේ සිරුරතුල මේ ඇතිවී තිබුනු වෙනස මට සිත්ගන්නා සුලුවිය. මගේ නැවුම් ගැහැනු සිරුරට මා බෙහෙවින් ආදරේ කිරීමට පටන්ගත්තෙමි. නා අව්සන්වූ මම සිරුර පිසදමාගෙන රැගෙන ආ ඇදුම් එකින් එක ඇදීමට පටන්ගත්තෙමි.......තෙමී තිබුනු කෙස්වැටිය හොදින් පිස දැමූ මම එහි තෙත උරා ගැනීමට කුඩා සාලුව එහිඔතාගෙන කෙස්ටික බැද ගත්තේ මේයට දක්ශ ගැහැනු ලමයෙකු ලෙසය. මා ගැහැනු ලමයෙකු වූ පසු සමහර ක්රියා මා අතින් සිදුවන්නේ මා නොදැනුවත්වමය. එයා මා උපත්තියෙන්ම ගැනුලමයෙකු ලෙස ජීවත්වූවාක් මෙනි. මේ ගතිගුනද දෙවියන් වහන්සේ මට දී ඇත්තේ තෑගි පාර්සලයත් සමග යයි සිතුනි. ඇදගෙන සිටි ඇදුම් ටික සෝදාගත් මා එම තෙත ඇදුම් ටික අතේ දමාගෙන එලියට ආවේ වැලේ එලීමටය.......අම්මෝ අක්කට මෙච්චර වෙලා ගියාද නාන්න ....මාත් මේ බලාගෙන හිටියෙ අක්ක නාල එනකන් මටත් නාගන්න.....පොඩි මල්ලී කීවේය. ඇයි මල්ලියෙ එලියෙ ටැප් එකෙන් නාගත්තනම් ඉවරනෙ. අයියත් ඒකෙන්නෙ නෑවෙ.......ඒකෙන් නැවනම් මගෙ කලිසම තෙමෙනව. එතකොට ඒක හෝදන්නත් ඕනැ.....නාන කාමරේ නෑවම ගලවල නාල මේකම ඇදගන්න පුලුවන්නෙ.....ඔහු පැවසුවේය.......අයියෝ මල්ලි ඕකද ප්රශ්නෙ ඕක පිටින්ම නෑවනම් මම ඕක හෝදලා දෙනවනේ.....මම කීවෙමි......අක්ක මෙච්චර කල් මගෙ ඇදුම් හෝදල දුන්නෙ නෑනෙ......මම මනෙ හෝදගත්තෙ......ඔහු කීවේය.......ඒ මෙච්චර කල්නෙ අද ඉදන් හෝදල දෙන්නම්කො.....මා කීවෙමි......ඔහු මා දෙස බලා සතුටින් සිනාසී.... තෑන්කිව් අක්කේ.... කීවේය.මා ඔවුන්ගේ අයියා ලෙස ඔවුන්ගේ රෙදිසේදීම නොකලෙමි. මා සිතුවේ එය පිරිමියෙකුට නොගැලපෙන ක්රියාවක් ලෙසය.අනිත් අතින් මා මොවුන්ගේ ලොකු අයියාය. එම අහන්කාර මානසිකත්වයද මා තුල තිබුනි. මා හැම දෙනාගෙම රෙදිහෝදනවා කියා කවුරුන් හෝ දැනගතහොත් මට අපහාසකරයි කියා සිතුවෙමි.දැන් මට ගැටලුවක් නැත මාදැන් මොවුන්ගේ ලොකු අක්කාය....පවුලක ලොකු අක්කා යනු පවුලේ අම්මා හා සමාන යයි මා අසා ඇත. මට දැන් කිසි අව්ලක් නැතුව මේ පවුලට අම්මගෙන් ඉටුවෙන්න ඕනැ යුතුකම් ඉස්ටකරන්න පුලුවන්.....මා සතුටින් කල්පනා කලෙමි. මා ලොකු අයියා ලෙස මෙතෙක් කලක් මේගෙදර ජීවත්වූ බවක් පොඩි මල්ලීට අමතක වී ඇති නමුත් මා රෙදි හෝදා නොදුන් බව ඔහුට මතක තිබීම පුදුම සහගත විය. මා කොල්ලෙක්ව සිටි බවක් මේ සැමට අමතකව ගියද මා කරන ලද ක්රියා ඔවුන්ට මතක ඇතිබව තේරුනි......තාත්තාටද ඊයේ රෑත්රියේ මට තෑගි පාර්සලයක් ලැබී තිබුනු බව මතක තිබුනත් මා කොලෙක්ව සිටිබවක් මතක් නොවීය.....දුව හතවෙන කොට පල්ලියෙ පූජාවට යන්න ඕනැ ඉක්මනට ලෑස්ති වෙන්න.....මා රෙදිටික රෙදිවැලට දමනු දුටු තාත්තා පැවසුවේය. .....තව වෙලා තියෙනවනෙ තාත්තෙ......මම කීවෙමි..කොල්ලන්ට වගේ නෙවෙයි...ගැහැනු ලමයින්ට ලෑස්ති වෙනකොට වෙලා යනව ....ඒකයි දැම්ම කිව්වෙ......තාත්තා පැවසුවේය. .....තාත්ත කියන එකත් ඇත්ත මම දැන් ඉස්සෙල්ල වගේ කොල්ලෙක් නෙවෙයි. ඒ දවස් වල වැඩිම වුනොත් පැය කාලයි.....දැන් මේ තියෙන ගැහැනු ඇදුම් ටිකයි ආභරන ටිකයි ඇදල කොන්ඩෙ හදල මේකප් දාල හැඩවැඩ වෙන කොට පැයකටත් වඩා යයි......සිතූ මම ඉක්මනට කාමරයට ගියෙමි.
මට දෙවියන් වහන්සේ තෑග්ගට දුන් ඇදුම් සහ පැලදුම් පල්ලියේ ගමනට ඇද ගැනීමට තීරනය කලෙමි....ඒ ඇදුම් ටික හින්ද තමයි මෙච්චර ලස්සන සුන්දර ජීවිතයක් මට ලැබුනෙ....ඒ හින්ද ඒව ඇදගෙන පල්ලියට ගිහින් දෙවියන් වහන්සේට ස්තූති කරන්න ඕනෑ.......සිතූ මම එම ගවුම අතට ගෙන සිප ඇද උඩින් තැබුවෙමි.....ඇදගෙන සිටි ගවුම ගැලවූ මම තෑගි පාර්සලයේ තිබුනු බ්රෙසියරය ඇදගත්තෙමි. එහි තිබුනු යට සාය සහ පැන්ටිය ඇදගත් මම ඒවාට උඩින් ගවුම ඇදගත්තෙමි......සාලුවෙන් ඔතා තිබුනු කෙස් වැටිය ලෙහා දැමූ මා එය පිට දිගට වැටෙන්ට සැලැස්සූවෙමි. පාන්දර ගැලවීමට නොහැකිවූ කරාබු දෙක තවමත් කන් වල තිබුනි......මේව තාමත් ගලවන්න බැරිද මන්ද.....සිතූ මා එහි බෝලය කරකැවුවෙමි........පුදුමයකි එහි බෝලය නිකම්ම කරකැවුනි......එය බුරුල් කල මා අනිත් කනේ කරාබු බෝලයද කරකැවුවෙමි. එයද කිසි අපහසුවක් නොමැතිව කර කවුනි........මේකනම් මහ පුදුම වැඩක් නෙ පාන්දර මම කොච්චර ට්රයි කලාද මේ දෙක ගලවන්න......ඒත්දැන් නිකම්ම ගැලවෙනව. මට හිතෙන්නෙ ඊයෙ රෑ දෙවියන් වහන්සේ මට මේ කරාබු දෙක ගලවන්න දුන්නෙ නෑ.........
මට දෙවියන් වහන්සේ තෑග්ගට දුන් ඇදුම් සහ පැලදුම් පල්ලියේ ගමනට ඇද ගැනීමට තීරනය කලෙමි....ඒ ඇදුම් ටික හින්ද තමයි මෙච්චර ලස්සන සුන්දර ජීවිතයක් මට ලැබුනෙ....ඒ හින්ද ඒව ඇදගෙන පල්ලියට ගිහින් දෙවියන් වහන්සේට ස්තූති කරන්න ඕනෑ.......සිතූ මම එම ගවුම අතට ගෙන සිප ඇද උඩින් තැබුවෙමි.....ඇදගෙන සිටි ගවුම ගැලවූ මම තෑගි පාර්සලයේ තිබුනු බ්රෙසියරය ඇදගත්තෙමි. එහි තිබුනු යට සාය සහ පැන්ටිය ඇදගත් මම ඒවාට උඩින් ගවුම ඇදගත්තෙමි......සාලුවෙන් ඔතා තිබුනු කෙස් වැටිය ලෙහා දැමූ මා එය පිට දිගට වැටෙන්ට සැලැස්සූවෙමි. පාන්දර ගැලවීමට නොහැකිවූ කරාබු දෙක තවමත් කන් වල තිබුනි......මේව තාමත් ගලවන්න බැරිද මන්ද.....සිතූ මා එහි බෝලය කරකැවුවෙමි........පුදුමයකි
No comments:
Post a Comment