Monday, December 26, 2016


නත්තල් තෑග්ග(10 කොටස)............................දන් මම කෙල්ලෙක් කියල හැමෝම පිලිගන්න හින්ද මේ දෙක ගලවන්න ඕනැ නෑ......සිතූ මම බුරුල් කල කරබු බෝල නැවත තදකලෙමි. මාලය රැගෙන කරට දැමූ අතර වලලුටිකද අතට දමාගත්තෙමි.මුහුනට පියරු දමාගත් මම ලැබුනු ලැබී තිබුනු ගැහැනු සෙරෙප්පු දෙක පයට දාගෙන කාමරෙන් එලියට ගියෙමි......ශා අක්කගෙ ලස්සන හරියට සුරන්ගනාවියෙක් වාගෙ.......පොඩිමල්ලී පැවසුවේය.......යනව යන්න බොරු කියන්නෙ නැතුව.....මා බොරු තරහක් අරගෙන කීවෙමි......බොරු නෙවෙයි අක්කෙ ඇත්තම ඇත්තයි.......අක්කගෙ ගවුමත් ගොඩාක් ලස්සනයි මම මේ දැක්කමයි අක්ක මේ ගවුම ඇදගෙන ඉන්නව......මල්ලී එසේ පවසනවිට මට මා ගැන ආඩම්බරයක් සමග සතුටක් දැනුනි.......අක්කට නම් නත්තලට ලස්සන ගවුමක් හම්බවෙලා.....කවුද අක්කෙ ඕක අරන්දුන්නෙ.....ලොකු මල්ලී ඇසුවේය......ඒක තමා මාත්මේ බැලුවෙ දුවට කොහෙන්ද මෙච්චර ලස්සන ගවුමක් හම්බවුනේ .....මාව දුටු තාත්තාද ඇසුවේය......මට ඊයෙ රෑ පාදර් දුන්න තෑගි පෙට්ටියෙ තිබුනෙ......මේ ගවුම විතරක් නෙවෙයි මේ ඇදගෙන ඉන්න ඇදුම් ඔක්කොම ඒකෙ තිබුනෙ මේ කරාබුදෙක මේ මාලෙ මේ වලලු.....වෙන එකක් තියා මේ දාගෙන ඉන්න සැරෙප්පු දෙක පවා ඒකෙ තිබුනෙ......සෙන්ටස්ලෝස් අක්කට ගොඩක් තෑගි දීලනෙ.....අපිට අදවත් පල්ලියට ගියහම හම්බවෙයිද දන්නෙ නෑ.....ලොකු අයියා පැවසුවේය........සෙන්ටක්ලෝස්ද දන්නෙ නෑ ඒත් කවුද පාදර් කෙනෙක් කියලනම් දන්නව.....මම කීවෙමි......හරි හරි කවුරු හරි දුන්න තෑගක්නෙ.....ඕක දෙවියන් වහන්සේ එව්ව කියල හිතාගෙන යමු......තාත්තා පල්ලියට යෑමට සූදානම් වූවේය....
පල්ලියට යනවිට තවමත් පූජාව පටන් ගෙන නොතිබුනි....අපි පල්ලිය තුල බන්කුවක වාඩිවුනෙමු......මා අසලින් වාඩිවූ මැදිවියේ කාන්තාවක් මා අසලින් වාඩිවූවාය.......මාදෙස බලා සිනාසුනු ඇය.......මම මේ බැලුවෙ සුරන්ගනා ලෝකෙන් ආව සුරන්ගනාවියක්ද කියල.......පැවසුවාය......මා සිනාසුනිමි......දුව කොහේද ඉන්නෙ ඇය ඇසුවාය......මේ ලග ඇන්ටි.....මම උත්තර දුන්නෙමි. ........අර ඉන්නෙ ඔයාගෙ තාත්තද තාත්තා දෙසට අත දිගුකර ඇසුවාය...මම... ඔව්.... කීවෙමි...මිස්ට පීටර් මම අදුනනවනෙ......පැවසූ ඇය මිස්ට පීටර් යනුවෙන් තාත්තාට කතාකලාය.....ඇය දෙස බැලූ තාත්තා.....ආ මේ ජසිකනේ.....කොහේද අප්පේ මෙච්චර කල් ගිහින් හිටියෙ.....තාත්තා පුදුමයෙන් මෙන් ඇසුවාය. ඉතාලි ඉදන් ගිය සතියෙ ආවෙ.....ඇන්ටී උත්තර දුන්නාය.....මන් දැනගෙන හිටියෙ නෑනෙ මිස්ට පීටර්ට මෙච්චර ලස්සන දුවෙක් ඉන්නව කියල. මම හිතුවෙ මෙයා සුරන්ගනා ලෝකෙන් මෙහාට පාත්වුන කෙනෙක්ද කියල......ඇය සිනාසෙමින් කීවාය......තාත්තාද සිනාසුනේය......ඔයා මෙහෙ ඉන්නකොට මෙයා පොඩි ඇති.....තාත්තා කීවාය.......හරි හරි මට මතකයි.....මෙයා චූටි දුව කාලෙ මිසිස් පීටර් මෙයාව වඩාගෙන සුරතල් කරනව......මමත් මෙයා ආදරේට වඩාගත්තම මගෙ ඇගේ චූත් දැම්ම.....ඇය සිනාසෙමින් කීවාය......ඉතින් ජෙසිකා.....තාත්තා ඇය සමග කතාව පටන්ගන්නා විට......සොරි ඇන්ටි......කී මම.... තාත්ත මෙතැනින් වාඩිවෙන්න එතකොට කරදරයක් නැතුව කතාකරන්න පුලුවන්නෙ......මා නැගිට තාත්තාට මගේ අසුන දුන්නෙමි......ඔහු ජසිකා ඇන්ටි සමග පුරාන වගතුග කතා කරන්න වූවේය.......මම චූටි කාලෙත් දුවෙක්ලු.....මම ඊයෙ ඉදන්නෙ දුවෙක් උනේ.....දැන් බලන කොට මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට මම කොල්ලෙක් වෙලා හිටිය කියල මතක නෑ. එහෙම මතක තියෙන්නෙ මට විතරයි.....මටත් ඒක අමතක වුනානම් මට මේ කතාව ලියන්නත් බෑ.......මා පුදුමයෙන් කල්පනා කලෙමි.
සුලු වෙලාවකින් පූජාව පටන් ගත් අතර අපි සැවොම දෙවියන් වහන්සේට ස්තූති ගීත ගායනා කලෙමු......දුවට ලස්සනට ගීත කියන්න පුලුවන් වගේනෙ මට ඇහුන දුව ලස්සනට ගීතිකා කියනව.....දුව සන්ගීතය කරනවද.....ගීත අවසානයේ....ජසිකා ඇන්ටී ඇසුවාය.....අනේ නෑ ඇන්ටි මම කීවෙමි......දුවේ මම ඉතලි වල සන්ගීතය විශය තමා උගන්වන්නෙ....මට ඇහුන දුට ලස්සන කටහඩක් තියෙනව ඒ එක්කම දුවට හොදට ස්වර පිටවෙන බව මට දැනුන.....දුව සන්ගීතය ඉගෙන ගන්න.....ඒක ඔයාට හොදට පිහිටයි......දෙවියන් වහන්සේ දුන් ඔය කටහඩින් උපරිම ප්‍රයෝජන ගන්න............. ජසිකා ඇන්ටි කීවාය........කටහඩ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේට වැරදිලා මවල තිබුන මගෙ පිරිමි ශරීරෙ ඊයෙ ඉදන් වෙනස්කරල මට දෙන්න හිටිය ලස්සන ගැහැනු ශරීරෙ ආපහු දුන්න.......මා ඇය දෙස බලාගෙන කල්පනා කලෙමි....යාඥාව අතර තුල මා නිතරම මාව ගැහැනු ලමයෙකු කිරීම ගැන දෙවියන් වහසේට ස්තූති කලෙමි.පූජාව අවසන් විය මා දෙවියන් වහන්සේ ඉදිරියට ගිස් දන ගැසුවෙමි.....
.....අනේ සර්වබල ධාරී දෙවියනි මා ගැන අනුකම්පා කල මැනව ඔබ වහන්සේ මට දුන්නාවූ මේ ගැහැනු සිරුරට සහ ගැහැනු කමට මා බෙහෙවින් ඇලුම් කරමි. කවදාවත් නැවත මාව සිටි තත්වයට පත් නොකරන මැනව. මට දැනටමත් පිරිමි ජීවිතය එපාවී ඇත. කිසිම දිනක මාව නැවත පිරිමිලමයෙක් බවට පත් නොකල මැනවමම කෙල්ලෙක් වූ පසු මගේ හිත තුල ආදරය කරුණාවන්ත හැගීම පෙරට වඩා හොදින් ජනිත වන බව මට තේරෙනව....සර්ව බලධාරී දෙවියන මට අවසය මගේ ඒ ආදරයෙන් කරනාවෙන් මගේ නිවස පුරවන්න... කුඩා කල සිට අම්මා අහිමිවූ මගේ මල්ලිලාට අම්මාගේ සෙනෙහස ලබාදෙන්න.....තාත්තාට හොද දුවෙක් වෙන්න......අනේ දෙවියනි මට ඒ සදහා වුදවු කල මැනවි.....මට ඔබවහන්සේ ලබා දුන්නාවූ මේ ගැහැනු ජීවිතය මා ඔබවහන්සේ ලගට කැදවා ගන්නා තුරු වෙනස් නොකරනු මැනව.....ඔබවහන්සේ අසලට කැදවා ගත්පසු මාව සදහටම ලස්සන සුරන්ගනාවියක් බවට පත්කලමැනව..... තනිවම යඥාවේ යෙදී සිටි අතර......අවසානයේ නවත දෙවියන්ට ස්තූති කර නැගිට්ටෙමි......මොනවද දුවේ ඔයතරම් දෙවියන්ට කිව්වෙ.....තාත්තා ඇසුවේය......මොනවද ඉතින් මේවගෙ ලස්සන ගවුන් තව වැඩියෙන් ගෙනත් දෙන්න කියල ඉල්ලන්න ඇති ලොකු අයියා කීවේය......මම සිනාසුනා මිස කිසිත් පැවසුවේ නැත.......කෝ තාත්තෙ ජසිකා ඇන්ටි.....එයා පරක්කු වෙනව කියල ගියා.....දුවට එයාව මතක නෑ අපේ ගේ ගාව හිටියෙ දැන් ඉතාලි ගිහින් අවුරුදු ගානක් වෙනව.....අවුරුදු ගනනාවකින් එයාව අද තමා දැක්කෙ......එයා කිව්ව දුවට සන්ගීතය උගන්වන්න කියල....එයා දැන් ඉතාලියේ සන්ගීත ගුරුවරියක්ලු......මම කිව්ව දුවගෙන් ඒ ගැන අහන්නම් කියල......

Transgender body swap ගේ ඡායාරූපය

No comments: