Saturday, December 24, 2016


නත්තල් තෑග්ග(7 කොටස)..................................................උදෑසන ආහාරයෙන් පසු මමත් තාත්තත් දවල් ආහාර සකස් කිරීමට අවශ්‍යය දේවල් පිලියෙල කරමින් සිටිනවිට සුදු ආච්චිගේ කටහඩ ඇසුණි. පුතේ ඔන්න මම ආවා ඔක්කොටම මෙරි ක්‍රිස්මස්....පවසන අතරතුල ඇය කුස්සියට පැමිනෙනු දුටුවෙමි......දැන් මාව දැක්කම මොනව කියයිද දන්නෙ නෑ.....මගේ බය වැඩිවිය...තාත්තයි දුවයි බරට වැඩවගේ....ඇය අපිදෙස බලා සිනාසෙමින් පැවසුවාය. ඔව් ඇන්ටි අපි මේ බලබලා හිටියෙ ඇන්ටි එනකන්තමා.....තාත්තා කීවේය....අම්මෝ යන්තම් ඇති ආචිටත් මාව ගානක් නෑ.....දැන් මොනවද මගෙ දුවේ උයන්නේ.....ඇය මා අසලට පැමින මගේ හිස අතගාමින් ඇසුවාය.......දැන් මේ ඔක්කොටම මාව කෙල්ලෙක්.....මම සැනසුම් සුසුමක් හෙලුවෙමි......තාත්තා දහවලට හැදීමට වුවමනා දේවල් ආච්චිට පැවසුවේය.....තත්තා පොල්ගෙඩි කිහිපයක් බිද දුන් අතර මට භාර වුයේ ඒවා ගෑමටය....අව්රුදු ගානක් පොල්ගෑමට හුරුවූ මට ඒ කටයුත්ත එතරම් දෙයක් නොවුනි. එහෙත් පොල් ගෑමේ රටාව වෙනස් ක්ර ගැනීමට සිදුවී ඇත. මා මෙතෙක් කලක් හිරමනයේ වාඩිවුනේ කකුල් දෙක දෙපැත්තට දමාගෙනය. එහෙත් මා දැන් කෙල්ලෙක් බවට පත්වී ඇති නිසා කකුල් එක පැත්තකට කරගෙන වාඩිවීමට සිදුවී ඇත. මාගේ සිරුරේ හැඩය වෙනස්වී ඇති බැවින් එලෙස වාඩිවීම සැහැල්ලුවක් විය.
සුදු ආච්චි අපේ නිවස අසල පදින්චිව සිටින වාස හැටක් පමන ඇති කාන්තාවකි. ඇය සුදු කාන්තාවක් වගේ සුදු බැවින් අපි ඇයට සුදු ආච්චි නමින් හැදින්වූ වෙමු. සුදු ආච්චිගේ ස්වාමි පුරුෂයා සවර්ගස්තවී ඇති අතර දරුවන් ඉතාලි රටට ගොස් ඇත. මේ නිසා ඇය ජීවත් වූවේ තනියමය. ඇය ඔනෑ කෙනෙකුට උදව් කරන කරුනාවන්ත තැනැත්තියක් වූ වාය. මේ නිසා ගමේ කාගෙත් ආදරය දිනා ගැනීමට ඇයට හැකිවී තිබුනි.....දුව දවසින් දවස ලස්සන වෙනවනෙ.....උයන අතර තුල මාදෙස බලා ඇය පැවසුවාය.....මම මෙච්චර කල් හිටියෙ කොල්ලෙක් වෙලානෙ ඊයේ රෑ ඉදන්නෙ මාව ලස්සනවුනේ.....මා කිසිත් නොකියා කල්පනා කලෙමි.....ඇය දෙස බලා සිනාසුනු මම....ආච්චිත් ඒ දවස්වල සුද්දි වාගෙ ලස්සනට ඉන්න ඇති නේද...... ඇසුවෙමි. ආච්චි ලැජ්ජාවෙන් සිනාසෙනු මා දුටුවෙමි....දැන් මෙහෙ ඉන්න හැමෝම හිතාගෙන ඉන්නෙ මම එදා ඉදන් කෙල්ලෙක් කියල ඒත් ෆෙඩ්රික් අන්කල්ගෙ කට්ටිය?......එයාලටත් මාව මේ විදියට පෙනුනොත් හරි.....
ටිකවෙලාවකින් පෙඩ්රික් අන්කල් සිල්වියා ඇන්ටි එයාලගෙ දරුවන් වන රෙශානි නන්ගිත් එයාගේ මල්ලිලා දෙදෙනත් සමග පැමිනි ඇති අයුරු දුටුවෙමි. මාව දුටු සිල්වියා ඇන්ටි මට නත්තල් සුබපැතුම් එක්කර මාව තුරුල් කරගෙන සිප ගත්තාය.....මාව සිප වැලද ගත් රෙශානි නන්ගී මගේ අති අල්ලාගෙන අසල පුටුවෙන් වාඩි වූවේ මා ඇයගේ දීර්ගකාලීන මිතුරියක් ලෙස සලකමිනි. වෙන දිනවල රෙසානී මා සමග මෙතරම් ලගින් ඇසුරු නොකලේ මා කොල්ලෙක් බැවිනි. එහෙත් අද ඇය මගේ අත අල්ලාගෙනම සිටී.......මා ගැහැනු ලමයෙක් බවට පත්වූ පසු මෙලෙස ගැහැනු ලමයෙක් අසල සිටීම මගේ සිතට අමුතුම සුවයක් ගෙනදුන්නේ ය.....මට දැන් ඉස්සරහටත් කෙල්ලො අතර තමා ඉන්නවෙන්නෙ.....ආයෙත් කොල්ලො අතරටනම් යන්න හම්බවෙන්නෙ නෑ....එක අතකින් කෙල්ලො අතර ඉන්න කොට කොයිතරම් සුන්දර අත්දැකීමක් වෙයිද......රෙශානි සමග කතාකරන අතර තුර කල්පනා කලෙමි. මල්ලිලා දෙදෙනා රෙශානිගේ මල්ලිලා සමග සෙල්ලම් කිරීමට ගිය අතර මා රෙශානි සමග කුස්සියට ගියේ ආච්චිට උදව් කිරීමටය.
ටික වෙලාවකින් අපේ ආච්චී සමග බාප්පත් පුන්චි අම්මත් ආවේය ඔවුන්ට හිටියේ පුත්තු දෙදෙනෙකි. මට බාල නිසා ඔවුන් මගේ මල්ලිලා විය.....මා අසලට පැමිනි ආච්චි මාව සිපගත්තාය.....මෙයානෙ මෙගෙදර අම්ම කෙනෙක් වගේ ඔක්කොම වැඩ කරන්නෙ සුදු අක්කෙ.......මා ගැන සුදු ආච්චිට අපේ ආච්චි හදුන්වා දුන්නාය.....මම නොදන්නවෑ නන්ගියේ.....ආච්චිගේ පිලිතුරු විය.
පුන්චි අම්මාද මා සිපගත්තාය.....දෙවියන් වහන්සේට ස්තූති වන්තවෙන්න මේ හැම කෙනෙක්ම මට දැන් ඉස්සරට වඩා ආදරෙයි වගේ.....මෙහෙම වුනේ මාව කෙල්ලෙක් උන නිසා. මාව කෙල්ලෙක් බවට පත්කලාට ඔබවහන්සේට නැවතත් ස්තූති කරනව......මා සිතුවෙමි....
අපේ දහවල් කෑම වේල පාටියක ස්වරූපයක් ගන්ටවිය. අපි කාබී හොද හැටි සතුටු උනෙමු......ඔවුන් සින්දු කියනවිට මමද සින්දුවක් මිමිනුවෙමි........මට මෙතෙක් කල් සින්දු කීමට එතරම් හැකියාවක් නොවුනි......එහෙත් මා තාලයට සින්දුවක් මුමුනනු අසාසිටි රෙසානි නන්ගී මට සිදුවක් කියන ලෙස බල කලාය.......මා ලැජ්ජාවට අදිමදි කලත් සැමගෙම බල කිරීම මත බෙත් ලෙහෙම් පුරේ ගීතය කීවෙමි......මට ඉස්සරට වඩා පැහැදිලි කටහඩින් තාලයට එම ගීතය ගායනා කිරීමට හැකිවීම දෙවියන් වහන්සේ මට ලබාදී ඇති මිහිරි කටහඩේ ප්‍රතිඵලයක් ලෙස යයි මට හිතුනි.
ඒකනෙවෙයි මගේ දුවට ඊයෙ රෑ පල්ලියෙදි කවුද පාදර් කෙනෙක් තෑගි පාර්සලයක් දීල ගිහින්නෙ......පෙස්සෙ බලන කොට එයා ඒ පල්ලියෙ පාද කෙනෙක් නම් නෙවෙයි. .....තාත්තා සිනාසෙමින් සැමටම කීවේය.....තාත්ත මොනවද මේ කියන්නෙ මාව කෙල්ලෙක් වෙලා කියල මේ ඔක්කොටම දැන් කියයි...සිතූ....මට දැඩි බියක් දනුනි.......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: