නත්තල් තෑග්ග(3 කොටස)....................මේ කතාව කියවාගෙන යන ඔබට මගේ පවුලේ විස්තරය කීමට නොහැකිවීම මගේ අඩුවක් විය. මගේ අම්මා දෙවියන් අතරට යනවිට මගේ වයස අවුරුදු දහය ලැබුවා පමනි. මගේ පොඩිමල්ලිට අවුරුදු හයක් වූ අතර ලොකු මල්ලී වයස අටේ පසුවිය. අම්මා නැතිවුනු දා සිට තාත්තා අපි වෙනුවෙන් විශාල කැපකිරීමක් කල බව මට තේරුනි. උදෑසන අව්ගොඩක් අදුවෙන තාත්තා අපිවෙනුවෙන් කෑම පිස වැඩට යෑම සිරිතක් විය . මල්ලිලා බලාගැනීම මගේ කර පිටට පැටවුනි. මා තරමක් ලොකුවනවිට මාද උදෙම්ම නැගිට තාත්තාට උයන්න උදවුවුනෙමි. ......පීටර් උබට හැමදාම ඔය විදියට දුක් විදින්න බෑනෙ මම හැමදාම කියනව වගේ ඉක්මනට වෙන කෙනෙක්ව කසාද බැද ගනින්....ආච්චී කිහිපදවසක් තාත්තාට කියනු මා අසා තිබුනි......වෙන ගෑනු අරගෙන හරියන්නෙ නෑ අම්මෙ....ඒ ගෑනු මගේ දරුවන්ට කොහොම සලකයිද කවුද දන්නෙ......ඒ අවස්තාවල තාත්තාගේ පිලිතුර විය.තාත්තා වෙනකෙනෙක් කසාද බැද නොගත්තේ අපිට තිබෙන ආදරයට බව මට තේරුනි. මට මල්ලිලාගේ වැඩකටයුතු බලාගැනීමට සිදුවීම නිසා සමහර වෙලාවලට පාඩම් කටයුතුද අතපසුවිය.තාත්තාට වැඩිපුර වැඩතිබෙන දිනවල ගෙදර වුයන්න සිදුවූයේ මටය.කෙතරම් වෙහෙසකාරී වුවද මා ගෙදර වැඩත් මල්ලිලාගේ වැඩත් සතුටින් කලෙමි.......නිරෝශ් පුතා හින්ද මට ටිකක් සහනයක් තියෙනව. එයානෙ ගෙදර වැඩටික ගොඩක් බලාගන්නෙ.......තාත්තා වෙනත් අයසමග පවසනු මා නොයෙක් වර අසා තිබුනි........මේ ගෙදර ගැහැනු ලමයෙක් නැතිවුනාට ලොකු පුතා ඔක්කොම වැඩටික කරනවනෙ......දිනක් ආච්චි තාත්තා සමග කියනු ඇසුනි......ගැහැනු ලමයෙක් නැතිවුනාට ලොකු පුතා ගැහැනු ලමයෙක් වගේ ඔක්කොම කරනව......තාත්තා සිනාසෙමින් පවසනු මට ඇසුනි. ඇත්තටම මේ නිවසේ අක්ක කෙනෙක් සිටියනම් ඒ අක්ක ගෙන් අම්මා නැති අඩුව මැකෙනව නේද?...මට නොයෙක් වර සිතුනි. මාව පිරිමි ලමයෙක් වෙලා උපදින්නෙ නැතුව ගැහැනු ලමයෙක් වෙලා උපන්නනම් අම්මගෙ අඩුව මටම පුරවන්න තිබුන.මොනව කරන්නද මේකනෙ දෙවියන් වහන්සේගේ කැමැත්ත.......බොහෝවර මට සිතුනි. මට දැන් වයස අවුරුදු දහසයයි සාමාන්‍යය පෙල විභාගය පෙනීසිටියා පමනි පමනි. කෙතරම් කරදර තිබුනත් මා විභාගයේ වැඩ හොදින් කල බව මට විස්වාසයක් තිබුනි. මට දෙවියන්ගෙන් තෑගි පාර්සලය ලැබී තිබුනේ මේ අතර තුලය.
මා ගවුම ගැලවූවෙමි. මගේ කොටට තිබුනු කෙස් තරමක් දිගුවී ඇතිබව ගවුම ගලවන විට දැනුනි.....කොහොමද එකපාරට මේවගෙ කොන්ඩෙ දික් වුනේ මෙහෙම දික්වෙන්න ගත්තොත් නිතරම කොන්ඩෙ කපන්න වෙනව........මා තරමකට දිගුවී තිබුනු කොන්ඩය අත ගාමින් කල්පනා කලෙමි. ඇද සිටි බ්රෙසියරය ඉවත් කල මා පපුව දෙස බැලුවෙමි.....පපුවත් ඉදිමිලාවගේ මා ඉදිමී තිබුනු පියයුරු දෙක අතගාමින් කල්පනා කලෙමි.....බෙසියර් එකේ හිරට ඒව ඉදිමෙන්න ඇති . ටිකක් වෙලා යනකොට අඩුවෙයි......මා කල්පනා කලෙමි. ගෙල බැදි මාලය ඉවත් කල මා කනට පැලදූ කරාබුදෙක ගැලවීමට උත්සාහ කලෙමි. එහෙත් එහි බෝලය තදවී තිබුනු බැවින් කරකැවීමට නොහැකිවිය. අනිත් කනේ කරාබුවද ගැලවීමට වුත්සාහ ගත්තත් එයද නොහැකිවිය. දැන් හරි වැඩේ වෙන්නෙ මේ විදියට හෙට උදේට කොහොමද ඉස්සරහට යන්නෙ.දැන් සෑහෙන්න උත්සාහ කලා දැන් නිදිත් මතයි පොඩ්ඩක් නිදා ඉදල ඇහැරිලා ආපහු උත්සාහ කරනව......සිතා ගත් මම ඇදේ ඇලවුනෙමි.....සුලුවෙලාවකින් මට නින්ද ගොස් ඇතිබව තේරුනේ උදෑසන කුරුල්ලන්ගේ කීචි බීචි නාදය කන වකුනු විටය......අද නත්තල් නිවාඩු දිනය නිසා උදේ පාන්දර නැගිටීමට අවසයතාවයක් නොතිබුනි......කන් පෙති වල කරාබු දෙක නොගැලවූ බව මට එකවරටම සිහිවිය......ඔක්කොටම ඉස්සෙල්ල ඒව ගලවගෙන ඉන්න ඕනැ.....නැත්නම් මම ඉදල ඉවරයි......මා ඇදෙන් නැගිට ඉදගත්තෙමි.......
No comments:
Post a Comment