Saturday, December 24, 2016


නත්තල් තෑග්ග(6 කොටස)...................................................මා බයෙන් දොර ඇරියෙමි. මා සිතූ පරිදි දොර අසල සිටියේ තාත්තාය. මා දෙස හොදින් බැලූ ඔහු..... නිරෝෂා දුව ඇහැරිලානේ...මට හිතුනෙ තාම නින්ද ගිහින් කියල ඊයෙ රෑ ගොඩක් වෙලා නිදි මැරුවනෙ......දුවේ අද නත්තලට ෆෙඩ්රික් අන්කල්ල එනව. ආචිගෙ ගෙදරිනුත් එයි. අද දහයකට පහලොවකට වුයන්න වෙනව. සුදු ආච්චිට උදවුවෙන්න කියල පනිවිඩයක් යැව්ව. තව පොඩ්ඩකින් එයි.මම උදේට කෑම ගේන්න කඩේට යනව. මල්ලිලට තේටිකක් හදල දෙන්න....මම උදේ නැගිටල තේ හදගෙන බිව්ව......තාත්තා මා ගැන කිසි වෙනසක් නැතුව කියාගෙන ගොස් කඩයට පිටත්විය. මා නැවත කාමරය තුලට ගොස් මේ ගැන කල්පනා කලෙමි. තාත්ත ඇයි මට දුව කියල කතා කලේ මගේ නමත් නිරෝශා කියල වෙනස් කරල කතාකලේ.මේකනම් මහ පුදුම වැඩක්. මම මෙච්චර කල් හිටියෙ නිරෝශ් කියන පිරිමි ලමයෙක් වෙලා . මාව ගැහැනු ලමයෙක් උනේ ඊයෙ රෑ දොලහෙන් පස්සෙ ඒ කියන්නෙ නත්තල ලැබුවට පස්සෙ. තාත්ත කොහොමද දන්නෙ මාව එයාගෙ දුව වෙලා කියල. ලොකු මල්ලිත් මට අක්ක කියල කතාකලේ.....මේ ඔක්කොමල මාව ගැහැනු ලමයෙක් කියල හිතනවනම් මට එලියට යන්න ගැටලුවක් වෙන්නෙ නෑ. මට තියෙන්නෙ කෙල්ලෙක් වගේ ඉන්න.
මා කිසි බයක් සැකක් නැතුව කුස්සියට ගොස් වතුර කේතලයට වතුර පුරවා ස්විචය දැම්මෙමි.......අක්කේ... තේ වත්කලාද......පොඩි මල්ලී මා අසලට එන ගමන් ඇසුවේය.....පොඩි මල්ලිත් මට අක්ක කියන්නෙ.....පුදුමයෙන් ඔහු දෙස බැලූ මම ...තාම වතුර රත්වෙලා නෑ මල්ලි ටිකක් ඉන්න.... කීවෙමි.......හොදටම නින්දගියා අක්කෙ....මට හිතුනෙ අක්කත් තාම නිදි ඇති කියල......මා එදා සිටම ඔහුගේ අක්කා ලෙස සිටියාක් මෙන් කීවේය........අක්කේ කෝ තාත්තා.....ලොකු මල්ලී කුස්සියට පැමින ඇසුවේය.....උදේට කෑම ගේන්න කඩේට ගියා මල්ලියෙ.....මම අක්කා කෙනෙක් මෙන් පිලිතුරු දුන්නෙමි. ......අද නත්තල් හින්ද කඩ වහල ඇති නෙ.....ලොකු මල්ලී කීවේය......ක්‍රිස්තියානි අයගෙ කඩවිතරනෙ මල්ලි වහන්නෙ අනිත් ආගම් වල අයට අද නත්තල් නෑනෙ.....මම කීවෙමි. මා තේ වත්කර මල්ලිලාටද දී මමද තේ බීමට පටන් ගත්තෙමි. මා පිරිමි ලමයෙකු ලෙස සිටියදීද මෙසේ තේ පිලියෙල කර මල්ලිලාට දුන් නිසා මට මෙය විශේෂ දෙයක් නොවුනි. අද මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් කලක් අයියා කෙනෙක් ලෙස තේ පිලියෙල කල මම අද අක්කා කෙනෙක් ලෙස තේ පිලියෙල කිරීමය.වෙනදා බොන කිරි තේ එකට වඩා අද බොන කිරිතේවල අමුතු රසවත් බවක් දැනන බව මට තේරුනි......අද මොකද මේ කිරි එක මෙච්චර රස... තාත්ත වෙනවර්ගයක පිටි ගෙනත්ද මා පිටි ඇසුරූ බෝතලය පරීක්ශා කලෙමි.....ඊයෙ හදපු පිටිමයි.....එහෙනම් කොහොමද රසවෙනස්වුනේ.....මා කල්පනා කලෙමි. මා දිව අතගෑවෙමි.....එය වෙනදාට වඩා සිනිදු බව දැනුනි. ගැහැනු ලමයින්ගෙ දිව සිනිදුයි ඒ හින්ද හොදට රස තේරෙනව ඇති..... මා අනුමාන කලෙමි.....අද වෙනදට වැඩිය සීතල දැනෙන්නෙත් මගේ හම තුනී වෙලා හින්ද වෙන්න ඇති ....මට සිතුනි. පුදුම වැඩේ මාවත් වෙනස් වෙලා ඒවගේම මෙයාල මාගැන හිතන විදියත් ඒවගේම වෙනස්වෙලා. මම කෙල්ලෙක් උනාම මෙයාල හිතාගෙන ඉන්නෙ මම හැමදාම කෙල්ලෙක් වෙලා හිටිය කියල.....අපිව වෙන ලෝකෙකට ගිහින්ද ...මා කුස්සියේ ජනේලය තුලින් පිටත බැලුවෙමි.....වෙනදා ඇසට පුරුදු දසුන් එලෙසම තිබුනි. මිදුලට බැහැල බලන්න ඕනැ මොකද වෙලා තියෙන්නෙ කියල.....සතුනු මම. තේ එක බී. මල්ලිලාගේ කෝපා සමග මගේ එකද සෝදා රාක්කයේ වනා ඉදිරිපස දොරෙන් මිදුලට බැස්සෙමි.....නිවස ඉදිරි පිට මාර්ගය එලෙසම පවතී .....ඒ ගස්කොලන් ඒ මල්පාත්ති එලෙසමයි. නිවසටද කිසි වෙනසක් වී නොමැත. වෙනස්වී ඇත්තේ මා පමනි. පුදුමයකට මෙන් මට ඇතිවුනු ඒ වෙනස තාත්තටවත් මල්ලිලා දෙදෙනාටවත් නොදැනීමයි.
මා වෙනදා මෙන් ඉදල ගෙන මිදුල අතු ගෑමට පටන් ගත්තෙමි.....කෙල්ලෙක් වූ මට වෙනදාට වඩා ඉදල හුරුබව දෙනෙන්ටවිය. මා ආශාවෙන් අතුගෑවෙමි. අද කට්ටිය ගොඩක් එනහින්ද ගේත් අතුගාල අස්කරන්න වෙනව......මිදුල අතුගෑමන් අනතුරුව ගේ අස්කරමින් අතුගෑවෙමි.......තාත්තා පාර්සල් කිහිපයක් රැගෙන පැමිනෙනු දුටු මා ඔහුගෙන් ඒවා රැගෙන කෑම මේසය මත තබා උදෑසන ආහාරය සූදානම් කලෙමි......ඉදි ආප්ප සහ ආප්ප වෙනවෙනම තැබූ මා තාත්තාටත් මල්ලිලාටත් කෑමට අඩගැසුවෙමි.......මා වෙනදාට මෙසේ කෑම මේසය පිලිවෙලට සකස් න්කරන බව මතක් විය.....ඒ ඒ අයට කැමති දේවල් රැගෙන කෑම සදහා එක ගොඩේ තබන පුරුද්ද මට තිබුනි.අද එසේ නොවුනි මා කෑම මේසය පිලියෙල කරන ආකාරයට පිලිවෙලට තැබුවෙම......ඇයි මට අද මෙහෙම කරන්න හිතුනෙ......මා කෑම මේසය දෙස බලා කල්පනා කලෙමි......කොල්ලො එච්චර පිලිවෙලට මේ දේවල් කරන්නෙ නෑනෙ එදා මාත් කොල්ලෙක් නෙ ඒක හින්ද වෙන්න ඇති.....කෙල්ලො ගෙදර වැඩ පිලිවෙලට ලස්සනට කරන හින්ද කෙල්ලෙක් උන මට ඒ කෙල්ලන්ගෙ ජන්ම ගතිය ස්වභාවයෙන්ම එන්න ඇති.....මට සිතුනි.
දුව කෑම කාල දවල්ට උයන ඒව ගැන පොඩ්ඩක් බලමු. සුදු ආච්චිත් දැන් එයි..........තාත්තා කෑම ගන්න අතරතුර පැවසුවේය. ..මෙයාලනම් මාව කොල්ලෙක් වෙලා ඉදල කෙල්ලෙක් වුනා කියල වෙනසක් කරල සැලකුවෙ නෑ ඒත් එන අය මා දිහා බලල මාව කොහොම අදුන ගනීද දන්නෙ නෑ......සමහර විට තාත්තයි මල්ලිලයි මාව කෙල්ලෙක් වෙනව කියල දන්නවද දන්නෙ නෑ. සමහර විට එයාල දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවද දන්නෙ නෑ මාව ගැහැනු ලමයෙක් බවට පත්කරල දෙන්න කියල. ගැහැනු ලමයෙක් ඉන්නකොට ගෙදර වැඩ හොදට කරගන්න පුලුවන්නෙ......මම පිරිමි ලමයෙක් වෙලා ගෙදර වැඩ කරන කොට අවුලක් වගේනෙ......ඒ හින්ද එයාල මාව කෙල්ලෙක් කරන්න කියල දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඇති. ඒකට සවන් දීපු දෙවියන් වහන්සේ මට තෑගි පාර්සලේ එවන්න ඇති.....ඒත් මෙයාල මේ සේරම දැන ගත්තත් දැන් එන අය දන්නෙ නෑනෙ......එයාල මම දිහා අමුතු විදියට බලයි .....මට හිනාවෙයි විහිලු කරයි......මට බයක් හිතුනි......

Transgender body swap ගේ ඡායාරූපය

No comments: