Wednesday, December 7, 2016

ලීන් ඉපදී හැදී වැඩුනේ පිරිමි දරුවෙකු ලෙසය. එහෙත් ඔහුට බරපතල වැරැද්දක් සිදුවී තිබුනි.එනම් ඔහු පිරිමි දරුවෙකු උවද ඔහුගේ මොලයේ ලිංගිකත්වය  හදුනාගත්තේ ඔහු ගැහැනු දැරියක ලෙසය.වයස දහය පහලව ගතවන තුරු ඔහුට මේ ගැන වැටහීමක් නොතිබුනු නිසා ඔහුට පිරිමි ලමගෙකු ලෙස ජීවත්වීමට සිදුවිය.ඔහුගේ ගැහැණු ලමයෙකුවීමේ කැමැත්ත නිසා බොහෝ දුක් පීඩා විදීමට සිදුවිය.ඔහු අයි බී එම් සමාගමේ රැකියාවට ගියේ පිරිමි නමක් සහිත පිරිමියෙකු ලෙසය.වසරින් වසර ඔහු ගැහැනියක වීමට උත්සාහ ගත් අතර අව්සානයේ 1966 දී හැරී බෙන්ජමින් නමැති වෛද්‍යවරයෙකු මුනගැසුනි.1967 දී හැරී බෙන්ජමින් වෛද්‍යවරයා ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කල අතර 1968 වනවිට හෝමෝන් ප්‍රතිකාර ක්‍රම  සහ සැත්කම් මර්ගයෙන් ඔහුව ඉතා ඉක්මනින්ම සම්පූර්ණ කාන්තාව බවට පත්කිරීමට හැකිවිය.ඇයගේ මෙම වෙනස් වීම නිසා ඇය සේවය කල අයි බී එම් සමාගමේ රැකියාව අහිමි විය. ලින් තනියම ඇගේ සැත්කම් සඳහා පිටරට ගියේ ය. ඇයට ඇගේ  වෘත්තීය කීර්තිය  පමණක් නොව, ඇගේ පවුලේ, ඥාතීන්, මිතුරන් සහ සගයන් ද  නැති වී ගියාය.ඇය බියකරු අවිනිශ්චිත අනාගතයකට මුහුණ දුන්නාය.
              ලීන් අලුත් නමකින් සහ අලුත් සමාජ පරිවර්තනයකින් ආපසු පැමිනියාය.පසුගිය දේවල් අමතක කල ඇය අලුතින් ඇගේ ජීවිතය පටන්ගත්තාය.අයිඹ්එම් සමාගමේ විධායක නිලධාරීන් සහ  පවුලේ සියලුදෙන සහ ඇගේ අතහැර සිටි මිතුරන්  සම්පූර්ණයෙන්ම ඇයට එරෙහි වුවද  තනියම ඇය ලෝකයට ගියාය. නව මිතුරන් සමග තම නව ජීවිතය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළාය.පුදුමයකට මෙන් ඇගේ ජීවිතය රොකට් එකක් මෙන් සාර්ථකව ඉදිරියිය යෑම නිසා ඇය බොහෝසේ සතුටට පත්වූවාය.1971 දී මෙමොරෙක්ස් නමින්  පරිගණක ගෘහනිර්මාණ ශිල්පීය ආයතනය පිහිටවා ගත් ඇය. 1973 දී පාලෝ ඇල්ටෝ නමින් පරීක්ෂණ ආයතනයක් ද පිහිටුවා ගත්තාය.ලොවපුරා විස්වවිද්යාල ඇයගේ මෙම ආයතනය පිලිගත් අතර අරස්ක්සක අමාත්යන්සයේන්ද ලැබුනු අනුග්‍රහය නිසා තවදුරට්ත් දියුනු කර ගැනීමට හැකිවිය. ඇය දැන් මිචිගන් විශ්වවිද්‍යාලයේ මහාචාරියක ලෙස සේවය කරයි.ඇය 1978 විවාහ වූ අතර ඇගේ සැමියා වන චාලී සමග ජීවත් වෙයි.
               පිරිමි සිරුරේ සිරවී සිට ඉන් නිදස්වීමේ ආශ්චර්යය නිසා කෙල්ලෙක් බවට පරිවර්තනය වූ ඇය.ගැහැනියක ලෙස ලැබුනු සතුටුදායක අත්දැකීම් දස දහස් ගනනන් සැත්කම් වලට භාජනය වී සතුටුදායක කාන්තාවන් ලෙස ජීවත්වෙන කාන්තාවන් ගේ තොරතුරු ඇතුලත් අන්තර්ජාල පිටුවක්ද සකස් කර ඇත.මෙම කතාව කාන්තාවන් බවට පත්වීමට බලා පොරොත්තුවෙන් සිටින සන්ක්රමිකයන්ට නව බලාපොරොත්තු ලබා ගත හැක.

No comments: