නත්තල් තෑග්ග(13 කොටස) .......................... ........ඇදගෙන සිටි ගැහැනු ඇදුම් ඉවත් කර එලියේ වැලෙන් ගෙන ආ කලිසම සහ ටීසර්ට් එක ඇදගත්තෙමි...කලිසම වෙනදාට වඩා තරමක් ඉනට තද බවක් දැනුනද මා... එතරම් එය ගනන් නොගත්තෙමි. ගැහැනු ඇදුම් නවා නැවත තෑගි පෙට්ටියට අඩුක්කර.....ආභරන ටිකද පෙට්ටියට දමා කිසිවෙකුට නොපෙනෙන ලෙස තැබුවෙමි.....කුස්සියට ගිය මා කෑම සෑදීමට සූදානම් කලෙමි. ටිකවේලාවක් ගතවිය තාත්තා කුස්සිය දෙසට පැමිනෙනු දුටුවෙමි.....තාත්තා අමුතු ලෙස මා දෙස බලා කට කොනකින් සිනාසෙනු අයුරු දුටුවෙමි......ඇයි තාත්ත මා දිහා බලල අමුතු හිනාවක් දැම්මෙ.....මට ගැටලුවක් ඇතිවිය......ඊයෙ කෙල්ලෙක් වෙලා හිටිය මම අද කොල්ලෙක් වෙලා ඉන්න හින්දද දන්නෙ නෑ......මට සිතුනි......ඉන් පසු ඔහු කිසි වෙනසක් නොපෙන්වා මා සමග කෑම සෑදී මට පටන්ගත්තේය.....නිරෝශා දුවම හොදිටික ඒදන්නකො......තාත්තා කීවේය.....තාත්තට මාව තවමත් පේන්නෙ ඊයෙ වාගෙ කෙල්ලෙක් විදියටද......මා ප්රශ්න කාරීව ඔහු දෙස බැලුවෙමි. මන් දැන් ඉස්සර හිටිය නිරෝශ්නෙ..ඊයෙ රෑ ඉදන් මාව පරන තත්වෙට පත්වෙලානෙ....ඇයි මට නිරෝශා දුව කිව්වෙ......මා නැවත කල්පනා කරමින් වැඩවල නිරතවූවෙමි......උයා අවසන් වනවිට ලොකු මල්ලී නින්දෙන් පිබිදී කුස්සිය දෙසට පැමිනෙනු දුටුවෙමි......ඔහුද මා දෙස පුදුමයෙන් බලා.....මා දෙසට ඔහුගේ අත දිගුකර සිනාසෙන්ට විය......මොකද මල්ලි.....අමුතු සතෙක් දැක්ක වගේ හිනාවෙන්නෙ.....මා ඇසුවෙමි.....හිනා යන්නෙ නැතිද අක්ක කරන මේ වැඩවලට......ඔහු මට අක්කා යයි ඇමතීමත්.....මගේ අමුත්තක් ඇති බව පැවසීමත් මට විශාල ගැටලුවක් විය......තාත්තටත් මාව අමුත්තක් උනා ඒත් එයා මොකුත් කිව්වෙ නෑ කට කොනින් හිනාවුනා විතරයි......ඒත් මල්ලි හයියෙන් හිනාවෙනව...ඒත්..දෙන්නටම මාව තාමත් පේන්නෙ කෙල්ලෙක් වගේ.....මේකනම් උභතෝකෝටික ප්රශ්නයක්.....කල්පනා කල මා ......මොක්ද මම කලේ.....මා ඇසුවෙමි......අක්ක ඇදගෙන ඉන්නෙ මම ඊයෙ හෝදල වැලට දාල තිබුන කලිසමයි ටීසර්ට් එකයිනෙ.......අක්ක මීට ඉස්සර ඕවගෙ කලිසම් ඇදගෙන ඉන්නව දැකල නෑ.....මල්ලී සිනාසෙමින් කීවේය.....මොනවද මේ කියන්නෙ.....එක්කො මෙයාලගෙ ඔලුව හොද නෑ නැත්නම් මගේ ඔලුව නරක් වෙලා...සිතූ...මා හිසට තට්ටු කරගත්තෙමි......ඊයෙ මමනෙ ඒ වැලට හෝදපු මගේ ඇදුම් ටික දැම්මෙ.......මම කීවෙමි......අක්කගෙ ඇදුම් ටික බාගෙට වේලිලා තිබුන හින්ද ගේ ඇතුලෙ ගබඩා කාමරේ වැලට දාල මම හෝදපු ඇදුම් ටික එලිය වැලට දැම්ම.......පැවසූ ඔහු අක්කනම් මාරම තමයි පාන්දර නිදි මතේද කොහේද අක්කගෙ සාය කියල හිතාගෙන වැලෙන් අරන් මගෙ කලිසම ඇදල තියෙන්නෙ. ඇදගෙන ඉන්න ටීසර්ට් එකත් මගේ........ඔහු තවදුරටත් සිනාසුනේය........මොකද මේ මට වෙලා තියෙන්නෙ .....මල්ලි කියන එක ඇත්තද.....මා ඉක්මනින් ගබඩා කාමරය බැලුවෙමි.......ඊයේ මා සේදූ ගැහැනු ඇදුම් එහි තිබුනි......මා කාමරයට ගියෙමි........පුදුමයකි.... ..මගේ ඇදුම් සියල්ල නැවත ගහැනු ඇදුම් බවට පත්වී තිබුනි......එහෙත් රත්රියේ එලියේ වැලෙන් ගෙනා යට කලිසම සහ බැනියම වෙනස් නිවී තිබුනි........ඒව මල්ලිගෙ ඇදුම් හින්ද වෙනස්වෙලා නෑ.....මගේ ඇදුම් විතරයි වෙනස්වෙලා තියෙන්නෙ......ඇදගෙන ඉන්නෙත් මල්ලිගෙ ඇදුම් හින්ද ඒවත් වෙනස් වෙලා නෑ.....දැන් බලනකොට මාවත් වෙනස්වෙලා ඇති. මා ඇදගෙන සිටි ටී සර්ට් එක ගැලෙව්වෙමි......පුදුමයකි මගේ පියයුරු ඊයේ තිබුනු ප්රමානයටම වැඩී තිබුනි......මා කැඩපත ඉදිරියට ගොස් මුහුන බැලුවෙමි......ඊයේ තුබුනු ඒ සුන්දර ගැහැනු මුහුන දැක ගැනීමට ලැබුනි...කන් පෙතිවල කරාබු දෙකද පෙනෙන්ට තිබුනු අතර කොන්ඩය ද දිගුවී තිබුනි.......පාන්දර නැගිටින කොටත් මාව කොල්ලෙක් විදියටනෙ හිටියෙ මම කුස්සියෙ උයන කොට තමයි වෙනස්වෙලා තියෙන්නෙ......මා කල්පනා කලෙමි.......කලිසම ගැලවූ මට කකුල් අතර දක්නට ලැබුනේ ඊයේ මෙන් හිස්බවකි...අනේ දෙවියන්ට ස්තූටිවේවා.....මා සතුටින් පැවසුවෙමි....නයිට් ගවුමක් ඇදගත් මම.....මල්ලිගේ ඇදුම් ටික අතට ගෙන එලියට ගියෙමි......මල්ලි මේදෙක තියා ගන්න ....යට කලිසම සහ බැනියම ඔහුට දුන් මම මේ දෙක මම ඔයාට හෝදල දෙන්නම්.......කීවෙමි. ඕව හෝදල අක්කෙ තියෙන්නෙ මෙහාට දෙන්න.....ඔහු මගෙන් කලිසම සහ ටීසර්ට් එක ඉල්ලුවේය.......නෑ මල්ලි මම ඇන්දනෙ ඒ හින්ද හෝදලම දෙන්නම්......මම පැවසුවෙමි.......අනේ අක්කේ අක්ක ඇන්දට කමක් නෑ අක්කව මට හිරිකිත නෑ ...අක්කා අපේ අක්කනෙ.....අපේ අම්ම වගේනෙ.....ඔහු හැගීම් බරව කීවේය....ඒක නෙවෙයි අක්කට මොකද වුනේ......ඔහු නැවත ඇසුවේය......අනේ මන්ද මල්ලියෙ .....මල්ලි කිව්ව එක තමා වෙලා තියෙන්නෙ.....අඩ නින්දෙන් මේව අදින්න ඇති.....මම කීවෙමි........එහෙම නැත්නම් අක්කටත් ආස හිතුනද අපි වගේ කොල්ලෙක් වගේ ඉන්න......ඔහු සිනා සෙමින් ඈසුවේය.......අනේ යනව යන්න මට ඕනෙ නෑ කොල්ලො වගේ ඉන්න......මා බොරු තරහක් පෙන්වා කීවෙමි......
ඊයෙ රෑ මට මොකද වුනේ. ඇයි මාව කොල්ලෙක් වෙලා ආයෙත් කෙල්ලෙක් වුනේ....අපරාදෙ තව පොඩ්ඩෙන් මම මැරෙනව.....මාත් කලබල වෙලා කරගන්න හැදුව දේ ගැන බරපතල කම තේරෙන්නෙ දැන්......ගැටලුවක් ආවම කවදාවත් ඉක්මන් වෙලා හදිසි තීරන ගන්න හොදනෑ......මා රාත්රී කාලයේ සිදුවුනු සිද්දියෙන් වැදගත් පාඩමක් ඉගෙන ගත්තෙමි..
ඊයෙ රෑ මට මොකද වුනේ. ඇයි මාව කොල්ලෙක් වෙලා ආයෙත් කෙල්ලෙක් වුනේ....අපරාදෙ තව පොඩ්ඩෙන් මම මැරෙනව.....මාත් කලබල වෙලා කරගන්න හැදුව දේ ගැන බරපතල කම තේරෙන්නෙ දැන්......ගැටලුවක් ආවම කවදාවත් ඉක්මන් වෙලා හදිසි තීරන ගන්න හොදනෑ......මා රාත්රී කාලයේ සිදුවුනු සිද්දියෙන් වැදගත් පාඩමක් ඉගෙන ගත්තෙමි..
No comments:
Post a Comment