Friday, December 16, 2016

මම ගැහනුකම තෝරාගත්තෙමි.                                                                              ..................මේ ඇගේ කතාවයි.....මගේ පියා සුපරීක්ෂක නිලධාරියෙක් වූ අතර මගේ මව කල්කටා වල වික්ටෝරියා විද්යාලයේ මනෝවිද්‍යා ගුරුවරියක් වූවාය.මා කුඩාකල මා සෙල්ලම් කිරීමට තෝරාගත්තේ ගෙදරින් පිට ක්‍රීඩා කිරීමට වඩා බෝනික්කන් සහ කුස්සියේ භාවිතාකරන භාන්ඩ සමග සෙල්ලම් කිරීමටය.එම කාලයේදී මගේ මෙම ගැහැනු හැසිරීම කිසිවෙකුත් ගනන් ගත්තේ නැත.මට අවුරුදු හත වනවිට මගේ ලිංගික වියාකූලතාවය වැඩිවිය.මා යහලුවන් වසයෙන් තෝරාගත්තේ පිරිමි ලමුන් වෙනුවට ගැහැනු ලමුන්ය.මගේ මෙම ගැහැනු හැසිරීම් නිසා මාව අන් අයගේ විහිලුවලට භාජනය විය.මේ නිසා මට මහත් කායික හා මානසික වේදනා වලට භාජනය වීමට සිදුවුනා. මගේ දෙමවු පියන්ටද මේවාට මැදිහත්වීමට සිදුවුනා.
              මා මුලින්ම මවගේ සාරිය අදිනවිට මා ඉගෙනුම ලැබුවේ හයේ පන්තියේ.මා සාරිය ඇදගෙන අසල්වැසි නිවසින් තොල් සායම් සහ නිය සායම් රැගෙන පාට කර ගත්ත.මෙය මගේ ලමා ගතියක් ලෙස ඔවුන් සැලකුවා.මගේ හොදම යහලුවා ලෙස පෙනීසිටි මගේ මව මගේ මෙම ලිංගික වියාකූල තත්වය එතරම් ගනන් ගත්තේ නැත.මාව ගැහැනියක ලෙස හැගුනත් මා ජීවත්වුනේ පිරිමියෙකු ලෙසය.අපේ ඤාතින් අතර මා එකම ගහැනු ලමයා යනුවෙන් නෑයන් පවසන විට මව නොසතුටුවූවාය.ඔවුන් මාව කෙල්ලෙක් ලෙස නැටීමට පොලබවන විට ඇගේ හැගීම් තවත් වැඩිවුනා.මට පිරිමි ලමයෙක් වගේ හැසිරෙන ලෙස ඇය මට කිව්ව.
               කල්කටවේ පිහිටි රජයේ කලා විද්යාලයක් වන මවුලානා අසාඩ් විද්යාලයේදී මා පිරිමියෙක් ලෙස හැසිරීමට බලවත් උත්සාහයක් ගත්ත.මා ආපනශාලාවෙන් සහ වෙනත් ස්තානවලින් වෙන්වෙලා හිටිය සමච්චල් වලින් බේරීම සදහා.කෙසේ නමුත් මගේ මිතුරියන් මාව හින්සා පීඩාවලින් මාව ආරක්ෂා කරගත්ත.මා එහිදී පිරිමි සිසුන් සමග කායිකව සහ මානසිකව සම්භන්දතා ඇතිකර ගත්තද ඒව වැඩිදුර ගෙන ගියේ නැත.මගේ අසහන කාරී බව තවත් වැඩිවුනා මට දිවිනසා ගැනීමට පවා හිතුනා.
               මා මගේ ලින්ගිකත්වය වෙනස්කර ගැනීමේ සත්‍යය  වුවමනාව දෙමවු පියන්ට පැවසුවා.මම ඔවුන්ට මා සගරාවලින් කියවා තිබුනු ලිංගික  වෙනස්කර ගැනීමේ ප්රතිකාර ගැන පැවසුවා.මගේ ගැටලුව නිරාකරනය කර ගැනීමට අපි වෛද්‍යවරු සහ මනෝවිද්ය වරුන් කිහිපදෙනෙක් මුනගැහුන. ඉන් බොහෝ දෙනෙක් මගේ ලින්ගය වෙනස්කිරීමේ සැත්කම ප්‍රතික්ෂේප කලා.ඔවුන්ගේන් ප්රතිකාර ලබාගත් කිහිපදෙනෙක් ඔවුන්ගේ වෙන්ස්කමට මුහුන දීමට බැරිවීමෙන් සියදිවි නසාගෙන තිබුන.
                මගේ දෙමවුපියන් මියගියාට පසුව මා තනියම සටන් කලා.මට රෙදි මුද්රන ආයතනයක කලමනාකරු මුනගසුනා. මා එහි රෙදි මෝස්තර නිර්මාන සිල්පියෙක් විදියට වැඩකරන්න ලැබුනා.මට මෙහිදීද කරදර වලට මුහුන දෙන්න සිද්දවුනේ නෑ. සියලුදෙනා සමග සහයෝගයෙන් වැඩකිරීමට හැකිවුනා.ඔවුන් මගේ පරිවර්තන ක්‍රියාවලියට සහයෝඅය දුන්නා.උගත් නූගත් සැම කෙනෙක්ම එහිදී මාව දිරිමත් කලා.ඔවුන්ගේ
                අවසානයේදී මට ප්ලස්ටික් ශල්‍ය විසේසඤ වරියක වන ශිලා රොහත්ගි හමුවුනා.මාගේ පරන වාර්තා සලකා බැලූ ඇය වෙනත් මනෝවෛද්ය වරුන් සමග සාකච්චා කර.මට පිරිමියෙක් විය නොහැකි බව ඔවුන් එකගවූ අතර ලිංගය වෙනස්කිරීමේ සැත්කම සදහා නිර්දේසකලා.කල්කටා වලදී හෝමෝන් එන්නත් කිරීමේ ක්රියාවලිය පටන්ගත් අතර ශරීරයේ අනවස්ය කෙස් ඉවත් කිරීමේ ලේසර් ප්රතිකාර දිල්ලි වලදී සිදුකරගත්ත.මට ඔබට එකක් කීමට අවසයයි වේදනා නොමතිබව පවසන ලේසර් ප්‍රතිකාර ක්‍රමය බොහෝසේ වේදනා ගෙනදෙන බව.මට මේ නගර දෙක අතර 13 වතාවක් ගමන් කිරීමට සිදුවුනා.මේනිසා මට මගීන්ගේ රවාබැලීම් ගනන් නොගැනීම් ආදියට මුහුන දෙන්න සිද්ද වුනා.මම දැක්ක ඔවුන් මා දෙස පුඩුමයෙන් බලන බව.නමුත් මම ඒවා නොසලකා හරිය.
                 මගේ ලිංගය  වෙනස්කිරීමේ පලමු පියවර වසයෙන් පියයුරු දෙක විශාල කිරීමේ සැත්කම සිදුකලා.මෙය පලමුව සිදුකිරීම ගැන මට ගැටලුවක් ඇතිවූ අතර වෛද්‍ය ශීලා පැවසුවේ පියයුරු දෙක නොමැතිව ගැහැනියක යන හැගීම ඇති නොවන බවය.දෙවන සැත්කම වන පුරුශ ලිංගික  පද්ධතිය  වෙනස්කර යෝනි මාර්ගය සැකසීමේ සැත්කම දිනපහලවකින් පසුව සිදුකිරීමට තීරනය කලා.
                සැත්කමට පෙරදින රාත්‍රියේ මා රෝහල් ඇදමත සිටි අතර මගේ මනස බොහෝ දුර ගමන්කරන්න පටන්ගත්ත.මම සැත්කමට බිය නොවුන නමුත් මගේ මනස වියාකූල වුනා.නමුත් මට ඇත්තටම වුවමනයි මාව ගැහැහැනියෙක් විදියට මටම බලාගන්න.එවිට මට එසේ වනබව අවභෝදවුනා.ඇත්තටම මේ ඔක්කොටම පස්සෙ මට අවස්ය ජීවිතයට මම යනව.
                 සැත්කමින් පසු පලමුවරට මා මුත්රා කලා.මගේ ලින්ගයේ අනවස්ය කොටස් ඉවත්කර ඇතිබව පෙනුනා මට සෑහෙන සතුටක් ඇතිවුනා.අවසානයේ මා මගේ සත්ය අනයතාවය ලබාගත්තා.එය මගේ ගැහැනුකමයි.
          මා දැන් මසකට රුපියල්  30000 පමන සොයන අතර මගේ සැත්කම සදහා ලබාගත් නය වසයෙන් රුපියල් 4,50.000 ක මුදලක් ගෙවීමට තිබෙනව. අද මගේ ජීවිතය ගොඩක් වෙනස්වෙලා.....

No comments: