Thursday, December 22, 2016

නත්තල් තෑග්ග(1 කොටස)........................................එදා දෙසැම්බර් විසිපස්වෙනිදා නත්තල උදාවීමට වීමට තවත් ඇත්තේ පැයකිහිපයකි. තාත්තත් මාත් මල්ලිලා දෙදෙනා සමග පලියට ගියේ නත්තල් පූජාවට සහභගී වීමටය. පූජාව අවසානයේ තාත්තා මල්ලිලා දෙදෙනා සමග පාදර් ගේ නිලනිවසට ගියේ පාදර්සමග සාකචාවකට නිසා මා නිවස ඉදිරිපිට මිදුලේ සක්මන් කරමින් සිටියෙමි.පූජාවට සහභාගීවීමට පැමිනි පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පැවති නිසා ටිකවෙලාවකින් පල්ලිය අවට පාලු ස්වභාවයක් ගෙනදුනි. සිහිල් සුලන්රැලි ගත සිසිල් කරමින් හමාගියේ දෙවියන් වහන්සේගේ සාමයේ පනිවිඩය රැගෙන යනවා සේය. අහසේ තරු ලෙලදෙන විට එදා ජේසු බිලිදු ලොව ජනිතවනවිට ඒ පනිවිඩය ලොවට පැවසුවේ මේ තරුවලින් එකක් බව මට හිතුනි......පුතා මොකද කරන්නෙ.....මාපිටුපසින් ශාන්ත කටහඬක් ඇසුනි. පිටුපස බැලූ මට දක්නට ලැබුනේ පාදර් කෙනෙකි.හීනි උස ඔහුගේ පෙනුම මැදිවියේ කෙනෙකුගේ මෙන් විය. තරමක් ලොකු පාර්සලයක් අත තබාගෙන සිටි ඔහුගේ මුහුන කරුනාවෙන් පිරී තිබුනි.....තාත්ත එනකන් ඉන්නව පාදර්.....මම ගවුරවයෙන් යුක්තව පිලිතුරු දුන්නෙමි. ....තාත්ත තව ටිකකින් එයි. මේක පුතාට තෑග්ගක්. මේ තෑග්ග දෙවියන් වහන්සේගේ තෑගක් හින්ද වෙනකාටවත් දෙන්න එපා මේක අයිති පුතාට විතරයි......පුතාට සුබ නත්තලක්..ගෝඩ් බ්ලෙස් යූ...ආමේන් .....පැවසූ ඔහු මා අතට තෑගි පාර්සලය පිරිනමා ආපසු හැරුනි. ඔහු පල්ලිය දෙසට ගමන් කල අතර මා ඔහු පසුපසින් ගියෙමි. පල්ලිය අසල මල්පදුරකට මුවාවීම නිසා මට ඔහුව නොපෙනී ගියේය. පල්ලියේ දොර තවමත් වසා නොතිබුනු බව දුටු මට ඔහු ඉන් ඇතුලුවන බවක් නොදුටුවෙමි. වටපිටාවේ දල්වා තිබුනු විදුලි ආලෝකයෙන් මා ඔහු සොයා වටපිට බැලුවෙමි. එහෙත් කිසිකෙනෙක් පෙනෙන්ට සිටියේ නැත. මේ පාද මින්පෙර කිසිම දිනක මා දැක නොතිබුනි. මේ වෙලවට තෑගි බෙදන්නෙ සෙන්ට ක්ලෝස්ලු....මේ එයාද දන්නෙ නෑ ..ඒවුනාට එයාගෙ අතේ තිබුනෙ මේ තෑගි පාර්සලේ විතරයිනෙ.....සමහරවිට අනිත් තෑගි ටික බෙදල ඉවරවෙලා අන්තිම එක මට දීල යන්න ඇති....මා කල්පනා කලෙමි. මලිලාටත් තෑග්ගක් හම්බවෙන්න ඇති.....මා මෙසේ කල්පනා කරමින් පාදර්ගේ නිවස දෙසට ගියෙමි.......කොහේද නිරෝශ් ගියේ......මා යනවිට මල්ලිලා දෙදනා සමග එලියට ඇවිත් සිටි තාත්තා ඇසුවේය.....පාදර් කෙනෙක් තෑග්ගක් දීල ගියා තාත්තෙ......පැවසූ මා මල්ලිලා දෙස බැලුවෙමි. එහෙත් ඔවුන්ට තෑග්ගක් ලැබී නොමැතිබව මා දුටුවෙමි.........අයියට විතරයි තෑගි හම්බවෙලා තියෙන්න අපිට නෑ.....පොඩිමල්ලි මුහුන බෙරිකරගනිමින් පැවසුවේය......තෑගි දෙන්න වෙන පාදර් කෙනෙක් මෙහෙ නෑ. දෙන්නයිනෙ ඉන්නෙ . එයාල අපි එක්ක කතා කලා මිසක් තෑගි දෙන්න ගියේ නෑ......ඔයාට තෑග්ග දුන්නෙ වෙන කොහෙන්හරි ආව පාදර් කෙනෙක් වෙන්න ඇති......තාත්තා පැවසුවේය. ..ඒක තමා තාත්තෙ මම කල්පනා කලේ....එයා කොහාට ගියාද කියල මම දැක්කෙ නෑ......මම කීවෙමි.......එහෙනම්  නත්තල් සීය වෙන්න ඇති තෑග්ග දෙන්න ඇත්තෙ......ඒවුනාට අපිට දුන්නෙ නැත්තෙ මොකද......පොඩි මල්ලී ඇසුවේය......එයාගෙ අතේ වෙන තෑගි තිබුනෙ නෑ මෙච්චරයි තිබුනෙ....මම හිතන්නෙ තෑගිටික ඉවරවෙන්න ඇති. හෙට ගෙනත් දෙයි....මා කීවෙමි. ......මේතෑග්ග දෙවියන් වහන්සේ දුන්න එකක් හින්ද වෙනකාටවත් දෙන්න එපා කිව්ව.....මා කීවෙමි......
                   අපි ගෙදර ගිය පසු මා තෑගි පාර්සලය අතේ තබාගෙන මගේ කාමරය තුලට ගියෙමි. මගේ තෑගි පාර්සලය දෙවියන් වහන්සේ එවුව එකක් කියල ඒ පාදර් කිව්වෙ ඒ හින්ද මේකෙ වටිනා දෙයක් ඇති. මට එය විවුර්ත කරනතුරු ඉවසුම් නැතිවිය..ඇදුම් මාරු කරගත් මා. පාර්සලය ඇද උඩින් තබා ගත්තෙමි.
                ...පාර්සලයේ ඔතා තිබුනු වර්නවත් කොලය ඉවත් කරන විට තෑග්ග දමා තිබුනු පෙට්ටිය මතුවිය.“මෙය දෙවියන් වහන්සේ විසින් ඔබට එවූ තෑග්ගක් බැවින් වෙනත් අයයෙකුට නොදෙන්න. ඔබට සුබ නත්තලක්“ විශාල අකුරුන් ලියා තිබුණි.දැවියන් වහන්සේ මේක මටම එවල වගේ මමනම් හිතන්නෙ පල්ලියට ආවෙ දෙවියන් වහන්සේගේ දූතයෙක්. උන්වහන්සේ මට මේ පාර්සලය දීල ස්වර්ගයට යන්න ඇති.ඒකයි එයා ගියදිහා හොයාගන්න බැරිවුනේ. දෙවියන් වහන්සේට ස්තූති වේවා. මා අතින් කුරුශය සටහන් කර පෙට්ටිය ඇරියෙමි.දෙවියන් වහන්සේ එව්ව නිසා හුගක් වටිනා දෙයක් මේක ඇතුලෙ ඇත්තෙ. මා විවුර්ත කල පෙට්ටිය ඇතුල බැලුවෙමි.එය තුල ලස්සන ඇදුන් ඇතිබව දුටුවෙමි.දේව ඇදුන් වගයක් එවල වගේ. මා ඇදුමක් එලියට ගෙන දිගහැර බැලුවෙමි. මොනවා මේක ලස්සන ගවුමක්නෙ.මට මොකටද ගවුන්. ගවුන් අදින්න මම කෙල්ලෙක් නෙවෙයිනෙ. සිතූ මම පෙට්ටියේ තිබුනු අනිත් ඇදුම් එලියට ගත්තෙමි.ගැහැනු අදින බ්රෙසියරයකි.මම මේව අදින්නෙ නෑනෙ. එයද පිටතට දැමූ මම අනිත් ඇදුම පිටතට ගත්තෙමි.....මොනවද මේ.... ගැහැනු ලමයි අදින පෑන්ටියක් සහ යට සායක්.....මේවත් මට වැඩක් නෑ.....මා ඒ ඇදුම් ටිකද පිටට ඇද දැමූවිට තවත් කුඩා පාර්සල් කිහිපයක් තිබෙන බව දුටුවෙමි. මේවයෙ තමයි මොනව හරි මට අවශ්‍යය දේවල් තියෙන්නෙ...සිතූ මම එක් කුඩා පෙට්ටියක් විවුර්ත කලෙමි. එහිතිබුනේ මැනික් ඔබ්බවා සකස් කල රත්තරන් මාලයක් බව දුටුවෙමි....මේවත් පිරිදාන ඒව නෙවෙයි....එයද පිටතින් තැබුවෙමි....අනිත් පෙට්ටියේ තිබුනේ රත්ත්රන් වලලු හයකි. තවත් එකක කාන්තාවන් පලදින මුද්දකි.අනිකේ කාන්තා සෙරෙප්පු දෙකකි ...මේ එකක්වත් මට වැඩක් නෑ .....ඉවතට දැමූ මම ඉතුරුවී ඇති කුඩා පෙට්ටිය විවුර්ත කලෙමි.එහි තිබුනේ කරාබු ජෝඩුවකි.එයට යටින් ලිවුමක් වගේ පෙනෙන කොලයක් නවා තිබුනි. මේ කිසිම දෙයක් මට අවස්ය නොවන නිසා එම ලියුමද නොකියවා කරාබු දෙක පෙට්ටිය ඇතුලට දැමුවෙමි.මේ ගැහැනු ඇදුම් සහ ආභරන ආපසු පෙට්ටියට ඇසිරූ මම සියලු බලාපොරොත්තු අතහැර දමමින් ඇදේ දිගාවුනෙමි.....මේ පාදර්ට වැරදිලාද කොහේද කෙල්ලෙකුට දෙන්න ගෙනාව තෑගි පාර්සලේ මට දීල.මේව අදින්න මේ ගෙදර කවුරුවත් ඇත්තෙත් නෑ.මේව තියාගෙන ඉදල වැඩක් ඇත්තෙත් නෑ. හෙට උදේට පල්ලියට ගිහින් දෙනව. මම පාදර්ට කියනව මේක හිමි නියම ගැහැනු ලමය හොයල දෙන්න කියල......දෙවියන් වහන්සේගෙන් ලැබුනු තෑග්ග ගැන දහසක් බලාපොරොත්තු තබාගෙන සිටි මම සියලු බලාපොරොත්තු සුන්කරගෙන නින්දට වැටුනෙමි.නින්දා යාගෙන එනවිටම යම් සබ්දයක් ඇසුනු මා එකවර ඇහැරුනි..... මොකක්ද ඒ සබ්දෙ.... මා අඩු ආලෝකය ඇති විදුලි පහන් එලියෙන් වටපිට බැලුවෙමි. කිසිම වෙනසක් නැත. මා නැවත ඇදේ ඇලවී ඇස්පියා ගත්තෙමි. සුලු වෙලාවක් ගතවිය නැවත එම සබ්දය ඇතිවිය. මා ඇදෙන් නැගිට විදුලි බල්බය දැල්වූවෙමි. එහෙත් කිසිවක් නැත. මා විදුලි බල්බය නිවීමට යනවිට නැවත ශබ්දය ඇතිවිය. මා සබ්දය පැමිනි දෙස බැලුවෙමි. එම ශබ්දය පැමිනියේ වසා තිබුනු ජනේලයෙන් බව දැනුනි. ...කවුද ජනේලෙට තට්ටු කරනව වගේ.....මා ජනේලය අසලට ගියෙමි..කවුද මේ වෙලාවෙ ජනේලෙට ගහන්නෙ....මට යම් බයක් ඇතිවිය.....නැවත ජැනේලෙට තට්ටු කරන බව ඇසුනි.....කවුද.....මා ජනේලය අරින්නෙ නැතුව බියමුසුව ඇසුවෙමි........පුතාගෙ යාලුවෙක් කතාකරන්නෙ......සාන්ත කටහඩක් ඇසුනි.....ඒ කටහඬ  රෑ පල්ලියෙදී මට තෑගි පාර්සලය දුන් පාදර්ගේ වැනියයි මට සිතුනි.....තෑග්ග දුන්න පාදර්ද.....මම ජැනේලය නොහැරම ඇසුවෙමි.....ඔව් පුතා.....ඔහු පවසනු ඇසුනි........ඒක ගැහැනු ලමයෙකුට දෙන්න ගෙනා තෑග්ගක් නේද .වැරදිලා මට දීල තියෙන්නෙ. ඉන්න පාදර් මම ඒක ආපහු ගෙනත් දෙන්නම්. මම පාර්සලය නැවත භාරදීම සදහානම් කිරීමසදහා ජනේලය අසලින් ඉවතූවෙමි. එහෙත් ඔහු නැවත කතාකරන හඩ ඇසුනි......මා නැවත ජැනේලය අසලට ගියෙමි......පුතා ඒක වැරදීමක් නෙවෙයි. දෙවියන්වහන්සේට වරදින්නෙ නෑ. ඒකෙතියෙන ඇදුම් ඇදගන්න......ඔහු පවසන්ට විය......මම පිරිමි ලමයෙක් නෙ පාදර් මට ගැහැනු ඇදුම් අදින්න බෑනෙ......මම පැවසුවෙමි......ඔබට අනුකම්පාකර ඒ ඇදුම් ටික ඔබට දෙවියන් වහන්සේ විසින් එවා ඇත. ඒවා අයින් කරන බව දෙනුනු නිසා මම මේටික කියන්න නැවත පැමිනියා. ඒවා ප්‍රතික්ෂේප  නොකක ඇදගන්න.....ඒවා ඇද ගන්න පුතා ඇදගන්න.....ඔබට සුබ නත්තලක්......පැවසූ පාදර් ඉන්පසු නිස්සබ්ද වූ බව තේරුනි. ....මා ජනේලය හැර මට මේවා ඇදීමට නොහැකි බව නැවත ගෙනියන ලෙසත් ඔහුට පැවසීමට ජැනේලය හැරියෙමි. එහෙත් ජනේලයෙන් පිටත කිසිවෙකුත් නොමැති බව දුටුවෙමි.....අපරාදෙ පාදර් ගිහින්.....මට කියවුනි.....දැන් මොකද කරන්නෙ.....මේක දෙවියන් වහසේගේ තෑග්ගක්ලු. ගැහැනු ඇදුම් හින්ද මේව අදින්නත් බෑ ....දෙවියන් වහන්සේගේ තෑග්ගක් කිව්ව හින්ද නොඇදත් බෑ....ජනේලය වැසූ මා ඇදේ වාඩිවී කල්පනා කලෙමි......

No comments: