නත්තල් තෑග්ග(5 කොටස)..................... .......................... ..... මට මීටපස්සෙ මේ වැඩේ කරන්න වෙන්නෙ වෙන කෙල්ලො වගේ වාඩිවෙලා.... මා හිටගෙන මූත්රා කල කාලෙ අදින් ඉවරයි වගේ......මා කොමඩයේ වාඩිවී මූත්රා ගෑවුනු ස්තාන සෝදා ගනිමින් කල්පනා කලෙමි.......මුහුන ඇගපත සෝදාගත් මා නැවත බෙඩ්සීට් එක හිසපුරා පොරවාගෙන කාමරය දෙසට දිව ගියෙමි.....මා ගේ ඉදිරියට ලොකු මල්ලී පැමිනෙනු දුටු මට කිසිවකට මුවාවීමට නොහැකිවිය .....ඔහු මා ඉදිරියටම පැමිනියේය. මෙයා මාව දැක්කම මොනව කියයිද දන්නෙ නෑ......මා බයෙන් ඉදිරියට ගියෙමි....මොකද අක්කෙ සීතලද.....ඇසූ ඔහු බාත්රූම් එක දෙසට යනු දුටුවෙමි. කාමරය තුලට ගිය මට ඔහු ඇසූ දේ කල්පනා කලෙමි.....මෙයා මට අක්කා කියල කතාකලේ ඇයි . එයා දන්නවද මාව කෙල්ලෙක් වෙලා කියල. දැන් ඉතින් මේ කාමරේට වෙලා ඉන්න හම්බවෙන්නෙ නෑ... එලියට යන්න වෙනව මොනවද මම දැන් ඇදගන්නෙ..කොල්ලෙක් විදියට හිටිය මාව කෙල්ලෙක් උන හින්ද මට ලැජ්ජාවෙ බෑ.....හැමෝම මට හිනාවෙයි..මොනවද මම මේකට කරන්නෙ....මොනවද මම තාත්තට කියන්නෙ මාව කෙල්ලෙක් උනා කියල තාත්තට දුක හිතෙයිද දන්නෙ නෑ. .....මගේ සිතතුල නොයෙක් සිතුවිලි ගලා එන්ට විය. මෙහෙම කල්පනා කරකර ඉදල හරියන්නෙ නෑ මොනව හරි ඇදුමක් ඇදගන්න වෙනව.....කොන්ඩෙත් අවුල් වෙලා කොන්ඩෙ පීරගන්නත් ඕනැ......සිතූ මම ඇදුම් රාක්කය දෙසට ගියෙමි. මගේ දිග කලිසම් සියල්ල සායවල් බවට පත්වී තිබුනු බැවින් මා ඉන් සායක් තෝරාගෙන ඇදගත්තෙමි.දිග කලිසම සායක් බවට පත්වී තිබුනු බැවින් එය කකුල් දෙක ගාවට දිග ඇති යයි සිතුනි. එහෙත් එසේ වී නොතිබුනි. සායේ දිග දනහිසට ටිකක් දික්වී තිබුනි. යට සාය කිහිපයක් තිබුනු බැවින් සුදුපැහැති යට සායක්ද ඇදගත්තෙමි......මගේ යටට අදින බැනියම් සියල්ල බ්රෙසියර බවට පත්වී තිබුනු බැවින් ඉන් එකක් ගෙන පියයුරු වැසෙන පරිදි ඇද ගත්තෙමි. තරමක් විශාල වී තිබුනු පියයුරු බ්රෙසියරයේ කප් අතර හිරවෙන විට අමුතු සතුටක් දැනුනි.....කමිස සියල්ල බ්ලවුස් බවට පත්වී තිබුනු අතර සමහර කමිස ගවුන් බවට පෙරලී තිබුනි..පාසැල් අදින සුදු කමිස සියල්ල සුදු පැහැති පාසැල් නිල ගවුන් බවට පත්වී තිබුනි...බ්ලවුසයක් තෝරාගත් මා එය ඇද ගත්තෙමි...සමහර බ්ලවුස් කමිස මෙන් ඉදිරියට ලස්සන බොත්තම් මසා තිබුනු අතර සමර ඒවා කර ලොකුවට කපා තිබුනි......එක් එක් හැඩයේ බ්ලවුස් ඇතිනිසා කුමන බ්ලවුස් එක අදින්නේදැයි මට හිතා ගැනීමට නොහැකිවිය....ඉස්සර තිබුන කමිස ඔක්කොම එකවගේ හින්ද අහුවෙන කමිසයක් ඇදගන්නව. දැන් එහෙම කරන්න බෑ. සායට ගැලපෙන බ්ලවුසෙකක් අදින්න ඕනැ.....මා බ්ලවුස් එකින් එක පපුවට තබමින් සාය සමග ගැලපුවෙමි....සායට ගැලපෙනවා යයි සිතුනු බල්වුසයක් තෝරාගත් මා එය ඇද ගත්තෙමි එහි අත් දෙක විසාලව තිබුනු නිසා එය ඇන්ඩවිට අත් දෙපස අත්තටු දෙකක් ඇතිසේ දෙනෙන්ට විය....මා අහරේ ඉගිලෙන්න පුලුවන් කිරිල්ලියක සේ හැගීමක් ඇතිවිය....සුලුවෙලාවක් කැඩපතින් හැඩබැලූ මා අවුල් වී තිබුනු කොන්ඩය අතගෑවෙමි... කොන්ඩය සකස් කර ගැනීම සදහා පනාව සොයා ගැනීමට මේසය දෙස බැලුවෙමි. මේසය මත පනාව පමනක් නොව ගැහැනු ලමයි කොන්ඩය සරසන නොයෙක් උපකරන තිබුනි. මා ඒවා එකින් එක පරීක්ෂා කලෙමි. එපමනක් නොව කාන්තාවන් භාවිතා කරන නිය පාටකරන කියුටෙක්ස් තොල්වලට ගල්වන ලිෆ්ටික් සහ මුහුනේ ගල්වන නොයෙක් පවුඩර් වර්ගද තිබුනු අතර සෙන්ට් කුප්පිද තිබුනි.... දැන් මගේ මේසෙ නියම ගැහැනු ලමයෙකුගෙ මේසයක් වෙලානෙ......මා ඒවාදෙස බලමින් පුදුමයෙන් කල්පනා කලෙමි.මගේ ශ්රීරෙ විතරක් නෙවෙයි හැමදේම වෙනස්වෙලා.......මාව නියම කෙල්ලෙක් වෙලා......මාව කෙල්ලෙක් වෙලා කියල ගෙදර අය දන්නවද.....මට ඇතිවුනු ප්රධාන ගැටලුව විය.....ලොකු මල්ලි අක්ක කියල මාව ඇමතුවේ එයාල දන්න හින්දද.......අනේ මන්ද මොනවයෙන් මොනව වෙයිද කියල.....මා මෙසේ හිතමින් කොන්ඩය පීරීමට පටන් ගත්තෙමි.....කිසිම දිනක මෙතරම් දිග කොන්ඩයක් පීරා පුරුදු නැති මට හුරු පුරුදු ගැහැනු ලමයෙකු ලෙස කොන්ඩය පීරීමට හැකිවීම මටම පුදුමයක් විය. කොන්ඩය පීරූ මම එය තුනට බෙදා හුරු පුරුදු ගැහැනු ලමයෙකු ලෙස තනි කොන්ඩයට ගොතා කෙලවර ගැටගැසුවෙමි......කොන්ඩය මුලට ලස්සන කොන්ඩ කටුවකින් සරසාගත් මම කැඩපත අසලට ගොස් එහි අඩුපාඩු සකස් කර ගත්තෙමි......මුහුනේ පියරු තවරාගත් මම සෙන්ට් ටිකක්ද ඇගට විද ගත්තෙමි......කවදාවත් විද නොපුරුදු ගැහැනු සුවද කාමරය පුරා පැතිරෙන්ට විය.......මා එම සුවදට බෙහෙවින් ඇලුම් කලෙමි.....මාගේ ඇගේ පැහැපත් බව හැඩකාර බව නිසා පෙරට වඩා සුන්දර බවක් ඇති බව මට තේරුනි...මට තිබුනු පිරිමි මුහුනට වඩා දැන් ලැබී තිබෙන ගැහැනු මුහුනේ අහින්සක බවක් මුසුවූ සුරතල් බවක් තිබුනි.....මාව මෙච්චර ලස්සන කෙල්ලෙක් බවට පත්වුනේදෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා නේද...සිතුනු මා.....සර්ව බලදාරී දෙවියන් වහන්ස ඔබ වහන්සේට ස්තූති වේවා.....මා අහස දෙසට අත් දිගුකර හිමින් පැවසුවෙමි....මාව කෙල්ලෙක් උනාට අකමැත්තක් නෑ දෙවියන් වහන්ස. ඔබවහන්සේ මට දුන් මේ නත්තල් තෑග්ග ඉතා ගවුරවයෙන් යුක්තව පිලිගන්නව.....ඒත් දෙවියනි මා මේ ආකාරයට සමාජය ඉදිරියට යන්නේ කෙසේද....මා කෙල්ලෙක් වීම නිසා සමාජය මට අපහාස කරයිද, මාව කොන් කරයිද,මට ලැජ්ජ කර කර මට හිනාවෙයිද,මගේ අහින්සක තාත්ත මා ගැන දුක්වෙයිද....අනේ දෙවියනේ මාව මේ කරදරවලින් ගලවාගනු නැනවි....මට අනුකම්පා කරනු මැනවි.....මා මෙසේ දෙවියන් වහන්සේට පවසන අතර තුල ...එකවරම දොරට තට්ටු කරන හඩක් ඇසුනි......දැන් මොකද කරන්නෙ මම කොහොමද දොර අරින්නෙ.....මෙයාල මාව දැකල පුදුම වෙයි. මම වෙනකෙනෙක් කියල හිතයිද දන්නෙත් නෑ.....මා දොර අසලට ගොස් කල්පනා කලෙමි. මම හිතන්නෙ තාත්ත වෙන්න ඕනැ කතාකරන්නෙ... වෙනදටත් මම පරක්කු වෙනකොට එයා කතා කරන්නෙ මේ විදියට....දැන් ඉතින් දොර අරින්නම වෙනව. මා බයෙන් මෙන් දොරේ අගුල කැරකෙව්වෙමි............
No comments:
Post a Comment