Sunday, March 18, 2018

හදිසි අනතුර 143........දුව වැඩක්ද....අන්න තාත්ත දුවට අඩගහනව........ මා රාත්‍රියේ පාඩම් කරමින් සිටිනවිට මගේ කාමරයට පැමිණි අම්මා පැවසුවාය.....නෝට් වගයක් බැලුව අම්මේ......පිලිතුරු දුන් මා....මොකද දන්නෙ නෑ....අම්මාගේ මුහුනදෙස ගැටලුකාරී ලෙස බැලූවෙමි. මම තරංග ගැන තාත්තට කිව්ව..ඒක ගැන අහන්න වෙන්න ඇති....අම්මා පවසනවිට...තාත්ත මොකද කිව්වෙ...මාගේ සිතතුල හටගත් බියත් ලැජ්ජා සහගත හැගීමත් යුතුව අම්මාගෙන් ඇසුවෙමි.....එයාගෙ ගැටලුවක් නෑ වගේ.....දුව ගිහින් බලන්නකො.....සටහන් ටික පැත්තකින් තැබූ මා......තාත්තා සිටි ස්ථානයට ගියෙමි......සැටියේ වාඩිවී.....රූපවාහිනිය නරබමින් සිටි ඔහුගේ දෙනෙත් මා දෙසට යොමුකරනු අයුරු දුටුවෙමි...මා ලැජ්ජා සහගතව ඔහු පිටුපසටවී සැටියේ පිට තබන ස්ථානයේ  අත්දෙක තැබුවෙමි....මා දෙස හිස හරවා බැලූ ඔහු......මේ ඉස්සරහට ඇවිත් වාඩිවන්න.....මට පිටිපස්සට ඇස්නෑ......තාත්තා පවසනු අසා සිටි අම්මා......ඒක තමා.... මේ...ලමයට තියෙන ලැජ්ජාවනෙ......අම්මා සිනහසෙමින් කීවාය....එහෙම තමයි දමයන්ති......ගැහැනු ලමයෙක් උනාම ලජ්ජ බය තියෙන්න ඕනෑ....මා ඔහු ඉදිරි පිටට පැමිනෙන විට තාත්තා අම්මා දෙසත් මා දෙසත් බලා පැවසුවේය.......ඔය තරංග  ළමය ගැන දුව මොකද හිතන්නෙ.....තාත්තා එකවරම ප්‍රස්නකලේය ...අම්මයි තාත්තයි කැමතිනම් විතරයි......මා  බිම බලාගෙන ඇඳසිටි ගවුමේ සාය ඇඟිලි තුඩුවලින්  පිරිමදිමින් සෙමින්  පැවසුවෙමි.......ඒ ළමයනම් හොදයි වගේ....ඒ උනාට අපි ටිකක් හොයල බලන්නඕනැ...තාත්තා පවසනවිට....අපේ දුව ඉතින් දැන් අවුරුදු ගානක ඉදන් දන්න කියන ලමයෙක්නෙ.....අම්මා කීවාය.......දුව දැන හැදිනගත්තට මදිනෙ දමයන්ති....මේවගෙ දෙයක් කෙරෙනකොට එයාලගෙ පවුල් පසුබිම ගැන. එතකොට ඒ ලමයගෙ දෙමාපියන්ගෙ කැමැත්ත අකමැත්ත ගැනත් හොයල බලන්න ඕනැනෙ......අනික අපේ දුවගෙත් විශාල ගැටලුවක් තියෙනවනෙ.......ඒකත් කාටවත් හැගෙන්න ඉඩතියන්න හොද නෑ......තාත්තා විස්තරකිරීමට විය.......ඒඋනාට දුවට දැන් එහෙම අඩුපාඩුවක් නෑනෙ. එයත් දැන් අනිත් ළමයි වගේ අංග සම්පූරන ගැහැණු ලමයෙක්නෙ......අම්මා නෝක්කඩුවෙන් මෙන් පැවසුවාය....ඒක අපිනෙ දන්නෙ.....කාගෙ හරි කටකින් මේකෙ ඇත්ත එයාලට ආරංචිවුනොත්........තාත්තා මා පිරිමියෙක් ලෙස උප්පතිය ලැබීමේ ගැටලුව බරපතල ලෙස සිතට ගෙන ඇතිබව ඔහු එසේ ප්‍රශ්නකිරීමෙන් තේරුනි.....තරංග අයිය ඒහැමදේම දන්නව තාත්තෙ......මා පැවසුවෙමි.....ඒකනෙ..... ඒ ලමය අපේ දුව ගැන ඔක්කොම විස්ත්ර දැනගෙනත් මේකට කැමතිවුන එකත් ලොකුදෙයක්නෙ මහත්තය.......අම්මා මා පැවසූ දේ අනුමත කරමින් කීවාය......මා දෙස බලා සුසුමක් හෙලූ තාත්තා ......අපි මේ ගැන තවටිකක් හොයල බලල තීරනයක් ගම්මු....මට තරංග ව හම්බවෙලාම මේක ගැන කතාකරන්න ඕනැ....මාව දවසක මුනගස්සවන්නකො.....තාත්තා අවසානයේ එසේ කීවාය....
              දුව තරංග  අයියට මතක ඇතුව කියන්න තාත්තව මුනගැහෙන්න දවසක් දාගන්න කියල.....පසුදින කොළඹ යෑමට සූදානම් වෙමින් සිටිනවිට අම්මා පැවසුවාය......මම ඊයෙ රෑම කිව්ව අම්මෙ.....මා පැවසූ විට .....තාත්ත  කියන්නත් ඉස්සෙල්ල කියල වගේ ....මා දෙස බලා සිනාසුනු අම්මා.....කවදද එනව කිව්වෙ..කුතුහලයෙන් යුතුව ඇසුවාය...අයිය මේදවස් වල ගෙදර ඉන්න හින්ද තාත්තට වෙලාවක් තියෙන දවසක් කියන්න කිව්ව.....මා පැවසූ විට.....තාත්තට කියන්න ඕනැ ඉක්මනට දවසක් කියන්න කියල.....තාම තාත්ත නිදි.....දුව යන්න මම පස්සෙ කියන්නම්.....අම්මා තවදුරටත් පැවසුවාය....
                 අම්ම තාත්තට කිව්වද දන්නෙ නෑ .....අම්මගෙන් දැම්ම අහන්නත් බෑ ....මට තියෙන කලබලේ කියල අම්ම කොලොප්පන් කරනව....කොයි වෙලාවෙ හරි අම්ම කෝල් එකක් දායිනෙ.....මා දේශනය අතර තුල කල්පනා කලෙමි....කොහේද බන් උබ ඉන්නෙ ලෙක්චර් එක අහනවද එහෙම නැත්නම් අරයගෙ තුරුල්ලෙ නැලවෙනවද...මා අසල සිටි ශම්මි මගේ කනට කොඳුරා  අසනවිට  විට......මෙලොවට පැමිනි මා....උබට පිස්සුද එහෙම දෙයක් නෑ බන්.... පවසා  කථිකාචාර්ය වරයා දෙසට දෑස් යොමුකලෙමි......
                  මාත් තරන්ග අයියාත් අතර ඇති විවාහ යෝජනාව ගැන මගේ යෙහෙලියන්ට නොකියාත් බැරිය. එහෙත් මෙම යෝජනාව යම් විදියකින් කඩාවැටුනහොත් මට ඇතිවන  ලැජ්ජා සහගත තත්වය නිසා දැම්ම ඔව්න්ට මේ සම්බන්ධව කිසිවක්  නොකියා සිටීම නුවනට හුරුබව මා කල්පනා කලෙමි...
Transgender body swap ගේ ඡායාරූපය

No comments: