පසුදින අපේ හෝම්කමින් දිනය යෙදී තිබුණි. පාන්දරින්ම පැමිණි සැලුන් එකේ ඇන්ටී මාව සැරසීමට පටන්ගත්තාය. ඇය මාව එයට සුදුසු සාරියකින් සරසන්ට වූවාය......මාගේ සියලු කටයුතු අවසන්වනවිට එලිය වැටී තිබුණි. ඒ වනවිට අයියාද සැරසී අවසන් බව දුටුවෙමි.....අපි වාහනයේ නැග හෝම්කමින් ගත් හෝටලය කරා පිටත් වුනෙමු.....අපි එහි යනවිට මගේ යෙහෙලියන් සැම දෙනාම පැමින සිටි බව දක්නට ලැබුනි. .....කොහොමද හොදට විනෝද වුනාද....ඇසූ අමාදා රිදුනෙ එහෙම නැද්ද...සෙමින් ඇසුවාය.....යක්කු කියන තරම් කලු නෑ .....අපි බයේ හිටියට ඒව ගානක් නෑබන්.....මා කීවෙමි......තරංග අයියාගේ අම්මා අපි ගෙන ආ සුදු රෙදි කැබැල්ල පරීක්ෂා කරන බව මට තේරුනි......සුලු වෙලාවකින් පසු මා අසලට රෝද පුටුවෙන් පැමිනි ඇය. මග් මුහුන සිපගැනීමෙන් ඇයගේ මා කෙරෙහි ඇති ආදරය ප්‍රකාශ කලාය..... එදින උත්සවය නිමාවට පත්වූ පසු අපි තරංග අයියාගේ නිවස කරා ළඟාවුනෙමු. මින්පසු මගේ ගෙදර බවට පත්වූවේ ඔහුගේ නිවසය.
මට තවමත් රෝහලක් නොලැබුනු බැවින් මෙහි නැවතීමට සිදුවූ අතර දින කිහිපයකින් පසු අයියා නැවත වැඩට වැඩට ගියේය.....මේ කාලය තුල මා ගෙදර වැඩ හොදින් කලෙමි.....දුවගෙ කෑම හරි රසයිනෙ....අම්මා මා හදන ආහාර රසකරමින් කතා කරන්ට වූවාය. දිනෙන් දින මාත් තරංගගේ අම්මත් අතර සම්භන්දතාවය වැඩි දියුනු විය මාව ඇගේ ලේලිය කියනවාට ඇය අකමැති බව තේරුනි....මේ මගේ ලේලි නෙවෙයි මගේ දුව. ඇය සියලු දෙනාට පවසන්ට වූවාය. මේ කාරනය නිසා මෙම නිවස මගේම නිවස මෙන් දැනෙන්ට විය.
අයියාට බලන්ගොඩ පලාතේ රෝහලකට මාරුවන්ට වූ අතර මට ඔහු සිටි රෝහලෙට පත්වීම ලැබුනි....අමාදාටද එම රෝහලට පත්වීම ලැබිම අපි දෙදෙනාම සතුටට පත්වුනෙමු....අපේ නිවස දුර බැවින් මා අමාදා සමග එකම කාමරයේ නැවතුනිමු.....ටික දවසකින් මට අයියා වැඩ කරන රෝහලටම පත්වීම ලැබුනි.....අපි දෙදෙනා රෝහල අසල නිවසක නැවතුනෙමු. මේ අතර අපි විටින් විට ගෙදර ගියේ අපේ අම්මලා සහ තාත්තලා බලා ඒම සදහාය...
අවුරුදු දෙකකට පසු මගේ තවත් ප්‍රාර්ථනාවක් ඉටුවුනු බව තේරුනේ මට ඔක්කාරයක් පටන්ගැනීමෙනි. මාගේ රුධිර පරීක්‍ෂා කල විට මා අම්මා කෙනෙක් වීමට යන බව තේරුනි.....එදින මගේ සිතට දැනුනේ පුදුමාකාර සතුටකි....පිරිමි ආත්මයක උපන් මට මෙලෙස අම්මා කෙනෙක් වීමට හැකිවීම පුදුමාකාර සිද්දියක් විය. .මෙය දනගත් සැවොම මට ඉතාම ආදරයෙන් සලකන්ට විය....මා කැමති කියන හැමදේම ඔවුන් මට සපයා දුනි. දිනෙන් දින උදරය විශාල විය. එය තරමක අපහසුවක් වූවද අම්මා කෙනෙක් වීම ගැන ආඩම්බරයක් ඇතිවිය..ස්කෑන් පරීක්ෂණයෙන් පසු දුවෙක් බව දැනගැනීමට ලැබුනි...ගෙදර පලමුවෙනියා දුවෙක් වීම ගැන අම්මලා සතුටු විය....... මාස සම්පූරන වනවිට බබා ලැබීම සදහා කොළඹ පුද්ගලික රෝහලක නැවතුනෙමි. ඩොක්ට මට නෝමල් හම්බවෙන්න ඕනැ....මට වුවමනා වූවේ අම්මා කෙනෙක් විදින ඒ වේදනාව සතුටෙන් විදීමටය......ඒ අනුව මාව සූත්‍රිකා ගාරයට රැගෙන ගියේ සාමාන්‍ය දරු ප්‍රසූතියක් සදහාය. කොන්දෙන් පටන්ගත් අදික වේදනාව තවත් දරුනු වන්ට විය. මා හයියෙන් කෙදිරි ගෑවෙමි...අම්ම කෙනෙකුට විදීමට සිදුවුන එම දරුනු වේදනාව විදගනිමින් මාගේ කිරි කැටි දියනිය මෙලොවට බිහිකිරීමට වාසනාව ලැබුනි.....ඇයගේ මුහුන දුටු මට සියලු වේදනාවන් පහව ගිය බව දැනුනි.......අයව නහවා මා තට දුන් විට ඇයගේ රවුන් ඇස්දෙකෙන් මා දෙස බලා සිනාවක් පහල කලාය....මා ඇගේ මුහුන සිප..... ඔයානම් හරිම වාසනාවන්තයි දුවේ...මම වගේ නෙවෙයි..ඔයා උපන්නෙත් කෙල්ලෙක් වෙලා. මා ඇගේ කනට කර සෙමින් මිමිනුවෙමි.
තවත් වසර දෙකක් පමන ගතවනවිට මට තවත් දරුවෙකු ලැබෙන ලකුනු පහලවිය......මාස කිහිපයකට පසු එම දරුවා පිරිමි දරුවෙක් බව දැනගැනීමට ලැබුනි. ඔහුද බිහිකරීමට ලැබුනේ....සාමාන්‍ය ප්‍රසූතයකිනි.....එදාද ඔහුව නාවා මගේ අතට දුන් පසු ඔහු හඩන්ට විය මා ඔහුට කිරි පෙවීමට පටන්ගත්විට ඔහුගේ හැඩීම නැවතුනි...තාත්ත වගේමයි...ඔක්කොටම ඉස්සෙල්ල මෙයාට ඕනැ වෙලා තියෙන්නෙ මගෙන් කිරි බොන්න..... සෙමින් ඔහුගේ කනමිරිකූ මා .....ඒ වුනාට කමක් නෑ බයිසිකල් පදිනකොටනම් පරිස්සමින් පදින්න....පුතේ....මට වුනාවගේ ඔයාටනම් කෙල්ලෙක් වෙන්න දෙන්න බෑ.....දැනටමත් මට දුවෙක් ඉන්නව.....මා ඔහුගේ කනට කර සෙමින් මිමිනුවෙමි.
නැගිටින්න අපහසුවේ යැයි කී අම්මට මේ වනවිට තරමක් නැගිට යෑමට හැකියාව ලැබී තිබුනි. දිනක් සෙමින් සෙමින් මා අසලට පෙමිනි අම්මා.....දුවේ එක්කෙනෙක් මට දුව ගැන අමුතු කතාවක් කිව්වනෙ......කීවාය....... ඒ මොකක්ද අම්මෙ මා ඇසුවෙමි....දුව ඉස්සර පිරිමි ලමයෙක්ලු ඔය ඔපරේසන් එකක් කරගෙනලු ගැහැනු ලමයෙක් වෙලා තියෙන්නෙ......පැවසුවාය ...හරි වැඩේ කවුරු හරි ඔක්කොම කියල වගේ.....සිතූ මම ඇය දෙස සැක මුසු මුහුනෙන් බැලුවෙමි.....මම බැනල පන්න ගත්ත....කොල්ලන්ට කොහොමද ලමයි හම්බවෙන්නෙ.....එකෙනෙක් නම් කමක් නෑ දුවට දෙන්නම හම්බවුනේ දුවගෙම බඩෙන් බව මම දන්නෙ නැද්ද......ඇය ඔහු කෙරෙහි තරහෙන් කතා කල බව ඇසුනි....මාගැන හොදින් දන්නා කෙනෙක් මෙය කියන්ට ඇතැයි..... සිතුවද ඔහුගැන සෙවීම අත හැරියෙමි.....කවුද දැන් කියන්නෙ මම කොල්ලෙක් වෙලා හිටිය කියල....කිව්වත් කවුද ඕව විස්වාස කරන්නෙ....මා සතුටෙන් කල්පනා කලෙමි.........නිලන්ත තිලිනි බවට පත්වීමට වාසනාව උදාවූ මෙම හදිසි අනතුර කතාව මින් නිමාවට පත්වේ
No comments:
Post a Comment