හදිසි අනතුර 148...........සති කිහිපයකට පසුව ඇයට රෝද පුටුවෙන් පුටුවෙන් යාහැකි තරමට සුවයක් ලැබුණි. එහෙත් කවදාවත් නැවත නැගිටීමට නොහැකිවන බව වෛද්‍යවරුන්ගේ මතය විය. එහෙත් ඒ බවක් අපි ඇයට නොකියා සිටීමට වගබලාගත්තෙමු.......මට ආයෙත් ඇවිදින්න බැරිවෙයිද ......ඇය බැලීමට ගිය අපෙන් ඇසුවාය.......එහෙම හිතන්න එපා අම්මෙ අම්මට ඉක්මනට ඇවිදින්න පුලුවන්වෙයි........අපි ඇයගේ සිත සනසමින් කතාකලෙමු.
ඇය ගෙදර ගිය පසු මා ඇයව බැලීම සඳහා එහි නොගියේ......යම්කිසි ගැටලු සහගත තත්වයක් ඇතිවේ යයි සැකයක් ඇතිවූ නිසාය. එහෙත් මා නිතර තරංග අයියාගෙන් ඇගේ තත්වය ඇසීමට පුරුද්දක් කරගෙන සිටියෙමි..........ඇයට වැඩ කරගැනීමට නොහැකි බැවින් ගෙදර ගැහැණු කෙනෙක් නවතා ගත් බව ඔහු පැවසුවේය.
තවත් මාස කිහිපයක් ගතවිය..........අම්මාගේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා තරංග අයියා අම්මා සමග රෝහලට පැමිනි බව මට දැනුම් දුන් අතර මා අමදා සමග ඔවුන් හමුවීමට ගියෙමි......කොහොමද අයියෙ අම්මට......මා ඔහුගෙන් ඇසුවෙමි.......වෙන ගැටලුවක් නෑ ඒත් කවදාවත් ඇවිදින්න පුලුවන්වෙන එකක් නෑ.....ඔහු කනගාටුවෙන් පැවසුවේය.....අම්ම මේ ගැන දන්නවද මා ඇසුවෙමි......තාම කිව්වෙ නෑ.....එයා හිතාගෙන ඉන්නෙ හොදවෙයි කියල.....ඔහු පැවසුවේය....ඒක හොදයි නැත්නම් අම්මගෙ මානසිකත්වයත් වැටෙයි.....මා කීවෙමි......දැන් අම්මගෙ මානසිකත්වය වැටිල ඉන්නෙ නැගිටින්න බැරි එකට නෙවෙයි......අයියා පැවසූ විට......ඒ මොකටද මා පුදුමයෙන් ඇසුවෙමි.......අර අම්මගෙ යාලුව.....චිත්‍රා ඇන්ටි......දැන් එයාව බලන්න වැඩිය ගෙදර එන්නෙ නැති එකට......අයියා ගනකට නොගෙන මෙන් ඇවසුවේය. .....අයියා ඇටිගේ නම කියන විට තරහෙන් මෙන් ටිකක් හයියෙන් කතාකල නිසා එය ඇසුනු අම්මා......ඔය චිත්‍රා ඇන්ටි ගැනද කතාකරන්නෙ......එයා මුලදි මුලදි නම් මාව බලන්න ආව.....දැන් මාස ගානකින් නිකමටවත් ආවෙ නෑනෙ.....අපි කොච්චර ලගින්ද අස්සරේ කලේ......මාව අබ්බගාත්යෙක් උනාට පස්සෙ එයාට මාව අමතක වෙලා වගේ......ඇය දෙනෙත් අසලට ලේන්සුව ගෙන හැඩුම් බරව පවසනු දුටුවෙමු.......අම්ම අබ්බගත්යෙක් වෙන්නෙ නෑ අම්මෙ......අම්ම බයවෙන්න එපා.....ඇය අසලට ගිය මා ඇගේ හිස අතගාමින් පැවසුවෙනි......ඒ උනාට එයාල හිතාගෙන ඇති මම සදහටම රෝද පුටුවට වැටෙයි කියල...තරමක කේන්ති ස්වරූපයෙන් පැවසූ ඇය......මම කොච්චර කැමැත්තෙන්ද හිටියෙ එයාගෙ දුවව අපේ පුතාට කසාද බන්දල දීල එයාල අපේ ගෙදරට සම්භන්ධ කරගන්න.....තරන්ග පුතාවත් මේ ගැන දැනගෙන හිටියෙ නෑ ඒත් එයා කවුද ගැහැනු ලමයෙක් ගැන කිව්වමයි මම මේ ගැන පුතාට කිව්වෙ....මමයි කිව්වෙ ඒ අදහස අත හැරල දිනිතිව කසාදබදින්න කියල. මෙහෙම තියෙද්දිත් ඇයි එයාල මාව බලන්න එන්නෙ නැත්තෙ අඩුගානෙ දිනිති දුවටවත් එන්න පුලුවන්නෙ......ඒ ලමයත් ලොකු රස්සවක් කරන කෙනෙක්නෙ......වාහනේ යන ගමන් නිකමට ගොඩවෙලා යන්න පුලුවන්නෙ......අම්මා හිතේ තිබුනු වේදනාව පිටකරමින් පවසන්ට වූවාය......ඕව ගැන හිතන්න එපා අම්මෙ.....එයාලටත් මොකක් හරි කරදරයක් ඇති.....කරදර ඉවර වුනාම එයි......මා කීවෙමි.....මොන කරදරයක්ද දුවේ.....මන් කතාකරනකොට පෝන් එක උසන්නෙත් නෑ.....මම හිතන්නෙ නොම්බරේ බලල කට් කරනව......මට එහෙට යන්න පුලුවන්නම් යනව හොදවැයින් දෙකක් කියල එන්න.........තරන්ග අයියාගේ අම්මාට තදින් කේන්ති යන බව අයියා මට කියා තිබුන දේවල් සත්‍යයක් බව ඇගේ කතා විලාසයෙන් තේරුම් ගත්තෙමි......ඕව දැන් කතාකරල වැඩක් නෑනෙ අම්මෙ........ඉස්සෙල්ල අම්මව හොදකරගෙන ඉම්මු......තරන්ග අයියා ඇයට පැවසුවාය.....මම ඔයාට කී දවසක් කිව්වද මාව එහේට එක්ක යන්න කියල......ඇය අයියාට දොස් කියන්ට වූවාය.......මම කිව්වනෙ අම්මෙ ඕව වැඩක් නෑ කියල......අයියා නැවත කීවේය.......වැඩක් නැත්තෙ නෑ මට ඕනෙ ඕකිලාට හොදවයින් ටිකක් කියල එන්න.....ඇය තවත් සැරෙන් අයියාට කීවාය......මොනවද අම්මෙ මෙතැන පිට අයත් ඉන්නව......ඔහු අම්මා දෙස තරහෙන් බලා කීවේය........මේ අතර සාත්තු සේවකයෙක් පැමින අම්මාව පරීක්ෂණය සදහා ගෙනයෑමට සූදානම් විය.
තරංග අයියාද ඔවුන් සමග ගිය නිසා මා අමාදා සමග දේශන ශාලාව දෙසට ගියෙමි......මොකක්ද තිලිනි අර අම්ම කිව්ව ඇන්ටි කෙනෙක් ගැන කතාව....රාත්‍රියේ හොස්ටල් කාමරය තුලදී අමාදා මගෙන් ඇසුවාය.....මාත් හරියට දන්නෙ නෑ අනේ....මම හිතන්නෙ ඒ ඇන්ටිගෙ දුව තමා තරංග අයියව බදින්නෙ......මොකක් හරි එයාලගෙ අවුලක් මා දන්නා ටික නොපවසා එසේ පිලිතුරු දුන්නෙමි........එහෙමද... පැවසූ ඇය......අපිනම් මෙච්චරකල් හිතාගෙන හිටියෙ තරංග බදින්නෙ උඹව කියල......උබල දෙන්න හරියටම ගැලපෙනව බන්.....ඇය දුකෙන් මෙන් මා දෙස බලා පැවසුවාය.
ඒයි තිලිනි ඔයාට මතකද......තරංගගෙ අම්ම කිව්ව තරංග අයිය කිව්ව කියල කවුද ගැහැනු ලමයෙක් ගැන....අපි දේශන ශලාව තුල වාඩිවී ස්ටිනවිට හදිසියේ මතක් වූවාක් මෙන් මගෙන් ඇසුවාය....නෑ මට මතක නෑ......මා දැනසිටියත් එසේ කීවෙමි......ඇයි බන් අම්මනෙ කියල තියෙන්නෙ එයාව අමතක කරල ඇටිගෙ දුව බදින්න කියල......එහෙම එකක් කිව්වද....මා ඇසුවෙමි....ඔයාට මතක නැති උනාට මට හොදට මතකයි......කී ඇය කවුද ඒ කෙල්ල..කම්මුලට ඇගිල්ලෙන් තට්ටුකරගනිමින් සුලුවෙලාවක් කල්පනාකල ඇය..හැබෑටම ඒ උඹ වෙන්න බැරිද......මගෙන් ඇසුවාය......මම දන්නෙ කොහොමද....මගේ හිතේ ඒවගෙ දෙයක් නෑ.....මා සුපුරුදු පරිදි උත්තර දුන්නෙමි. ...................
No comments:
Post a Comment