Monday, March 19, 2018

හදිසි අනතුර 144.............සවස මගේ දුර කතනය නාදවිය. එක්කො තරංග අයිය එහෙම නැත්නම් අම්ම.....සිතූ මා ඉක්මනින් හෑන්ඩ් බෑගය තුල තිබුනු දුරකතනය අතට ගත්තෙමි.......දුවට කෝල් ගන්නව ගන්නව පෝන් එක ඕෆ් කරල......කොහේද ගියේ........අම්මා තරහෙන් මෙන් පවසන්ට වූවාය......ලෙක්චර් එකක් තිබුන අම්මෙ ඒ හින්ද ඕෆ් කරල තිබුනෙ. දැන් ටිකකට ඉස්සෙල්ල ඔන් කලේ......මා පැවසුවෙමි.......තාත්ත කිව්ව හෙට හවසට පුලුවන් කියල......ඔයා තරංගට මේ පනිවිඩේ කියන්න.......අනේ අම්මෙ ඇයි හෙට දාගත්තෙ.අම්ම දන්නවනෙ මට වීක් එන්ඩ් එකට විතරයි නිවාඩු තියෙන්නෙ කියල......මා දුක්මුසු ලෙස පැවසුවෙමි......ඔයා එන්න ඕනෙ නෑනෙ ළමයො. තරංග ඇවිත් කතාකරගනී......මම නෑවිත් කොහොමද......මා ඇසුවෙමි......අපි හෙට තරංග එක්ක කතාකරල දුවට කියන්නම්......ඔයා ගැහැනු ලමයෙක්නෙ දුවේ ගැහැනු ළමයි මේවට සම්බන්ධ වෙන්න ඕනෙ නෑ.......කතා කරගන්න ඒව එයාල කතාකරගනියි......අම්මා පවසන්ට වූවාය...........එවිට නිස්සබ්ද වූ මා......අම්මෙ මල්ලිටත් මේ ගැන කිව්වද.....මා ඇසුවෙමි. ...එයා තාම හරියට දන්නෙ නෑ......මේ වැඩේ හරිගියොත් කියන්න පුලුවන්නෙ......අම්මා පැවසුවාය.
අම්මා දුරකතනය විසන්දි කල පසු මා තරංග අයියාට කතාකලෙමි.....හරි මම හෙට හවස යන්නම්...අයියා පිලිතුරු දුන්විට.....හෙට මටනම් එන්න හබවෙන්නෙ නෑනෙ අයියෙ...මා අම්මාට පැවසුවාක් මෙන් දුක් මුසුව කීවෙමි......ආ ඒකට කමක් නෑ...... තාත්ත මගෙන් මොනව හරි අහයිනෙ....මම උත්තර දෙන්නම්......ඔහු පැවසූ විට......ඔයත් අපේ අම්ම වගේමයි.....මා තරහා මුසුව පැවසුවෙමි......ඒ මොකද එහෙම කියන්නෙ......ඔහු ඇසුවේය.......අම්ම කියනව මම ගැහැනු ලමයෙක් හින්ද ඒ කතාවලට සම්භන්ධවෙන්න ඕනෙ නෑ කියල......ඒක ඉතින් ඇත්තනෙ ලමයෝ....ගැහැනු වැඩ වෙනයි පිරිමි වැඩ වෙනයි.ඔයාට තියෙන්නෙ අපේ අම්මයි තාත්තයි එක්ක ඔයාව බලන්න එනකොට ලස්සන සුරංගනාවියෙක් වගේ ඇද පැලදගෙන අපි ඉස්සරහට එන්න........ආ තව එකක් එදාට අපිට කන්න ඔයාගෙ අතින්ම රසට කෑම හදල තියන්නත් ඕනැ...........ඔහු එසේ පැවසූ විට අම්මෝ මෙයා ගිහින් තියෙන දුරක්..සිනාසෙමින් පැවසූ මා...මේ.... තව මොනවද ඕනෙ.......මා සුරතල් ස්වරූපයෙන් ඇසුවෙමි......තව ඕනැ දේවල් ගොඩයි.......ඒත් ඒව දැම්ම කියන්න බෑ........ඔහු කීවේය....ඒ..මොනවද ඒ....මා කුතුහලයෙන් යුතුව ඇසුවෙමි......මම කිව්වනෙ ඒව දැම්ම ඉල්ලන්න බෑ කියල.......ඔහු නැවත කීවේය.......ඉතින් කියන්නකෝ අයියේ.....පුලුවන් දෙයක් තියෙනවම් දෙන්නම්කෝ........මා කීවෙමි.......ඒව දැන්ම ඉල්ලන්න බෑ.....ඔහු කීවේය......කිව්වෙ නැත්නම් මන් තරහයි.....බොරු තරහක් ආරූඩ කරගත් මා පැවසුවෙමි.......ඒව ඉතින් අපි කසාද බැන්දට පස්සෙම ඉලන්නම් දැන්ම එපා.......ඔහු සිනහසෙමින් පවසනු අසා සිටි මට ඔහු වියන්ගයෙන් පවසන දේ තේරුම් ගත් මගේ සිතතුල සියුම් ලැජ්ජා සහගත හැගීමක් ඇතිවිය........ඒව ඉතින් බැන්දට පස්සෙ කියන්නකො......කොහොමත් ඉතින් ගැහැනු අපි. මහත්තය කැමති දේවල් දෙන්න ඕනැනෙ.........මා සෙමින් පැවසුවෙමි........ඇයි දුකෙන් වගේ එහෙම කිව්වෙ....ඔයා ගැහැනු ලමයෙක් උනාට දැන් දුකෙන්ද ඉන්නෙ. ........අපෝ නෑ......මම එහෙම කිව්වෙ ඒව ඉතින් ගැහැනු අපේ යුතුකම් හින්දනේ...මා කීවෙමි.......ඒක මිසක්.....කී ඔහු......මම එකපාරටම බයවුනා ආයෙත් ඔයාට පරන පිරිමි ජීවිතේට යන්න ඕනැ වෙයි කියල.....අපෝ මතක් කරන්නවත් එපා. මම ඒ ජීවිතේ සම්පූරනයෙන්ම අමතක කරල ඉන්නෙ........මා එසේ කියනවිට ඔහු සතුටින් සිනහසෙනු ඇසුනි.
තරංග අයියා අපේ තාත්තා මුනගසෙන තුරු මට ඉවසුම් නොමැතිවිය.තාත්ත මොනවගේ තීරනයක් ගනියිද දන්නෙ නෑ. මා කල්පනා කලෙමි.මා විටින් විට තරන්ග අයියාට දුරකතන ඇමතුම් දුන්නෙමි.....තිලිනි ඔයා නිතරම කතාකරන්න ඕනෙ නෑ....මම ගෙදරට ගිහින් කෝල් එකක් දෙන්නම්. මා නිතර කරදර කරන නිසාදෝ තරංග අයියා අවසානයේදී පැවසුවේය......තරන්ග අයියා පැමිනි විට හොදින් සලකන ලෙස මා අම්මාට කතාකර පැවසුවෙමි......ඔයා බයවෙන්න එපා දුවේ මම ඒ ටික හොදට කරන්නම්.....අම්මා පැවසුවාය.
මා රාත්‍රියේ හොස්ටල් එකේ සිටිනවිට තරංග අයියා දුරකතනයෙන් කතාකර අපේ ගෙදරට පැමිනි බව දැනුම් දුන්නේය......මොකද අයියෙ මෙච්චර වෙලා ගියේ.....මා ඇසුවෙමි......ඔයාලගෙ තාත්තව අල්ලගන්න අමාරුවුනානෙ.....ඔන්න දැන් තමයි.....තාත්ත ගෙදර ආවෙ.....ඔහු පැවසූ විට.....කොහොමහරි ඉන්ටවිව් පාස්වෙන්න.......මා පැවසූවිට.....හරි හරි මම පස්සෙකතාකරන්නම් ......පැවසූ ඔහු දුරකතනය විසන්ධි කලේය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: