හදිසි අනතුර 153..........මා ලැජ්ජාවෙන් යුක්තව බිම බලාගෙන ඔවුන් සමීපයට පිය මැන්නෙමි..... රෝද පුටුවේ සිටි තරන්ගගේ අම්මා මා දෙස හොදින් බලාගෙන සිටින බව දුටුවෙමි. ඇය සිසිල් බීම එක අතට ගනිද්දී මගේ මුහුන දෙස හොදින් බැලුවාය......මෙ දුව මට හොඳට දැකල පුරුදුයිනෙ.....අම්මා පුදුමයෙන් මෙන් කීවාය.....අම්ම තිලිනිව හොදට අදුනනවනෙ.....තරන්ග අයියා පවසනු ඇසුනි.....මේ ඒ තිලිනි දුවද.....අනේ..මම හොස්පිටල් එකේ ඉන්නකොට මේ දුවයි මෙයාගෙ යාලුවො කට්ටියයි මට කොච්චර උදවු කලාද......සිසිල් බීම පිලිගන්වා අවසන්වූ මා අසල පුටුවේ වාඩියුනෙමි.....අනේ දුවේ පොඩ්ඩක් මා ගාවට එන්න ඇය මට අඩගැහුවාය.....මා ඇය අසලට ගිය විට මගේ අත්දෙක අල්ලා මගේ මුහුන දෙස ටික වෙලාවක් බලා සිට මගේ මුහුන ආදරයෙන් සිපගන්ට වූවාය.....නැන්දම්මට ලේලිව දැන්ම ඉදන් හිතට අල්ලල වගේ......අම්මා සිනා සෙමින් කීවාය......මේ මගේ ලේලි නෙවෙයි.... මේ මගේ දුව...මෙයා මට අම්ම කෙනෙකුට වගේ සැලකුවෙ......ඇය මගේ අත තදින් අල්ලාගෙන කීවාය.......පුතා මට නිකමටවත් කිව්වෙ නෑනෙ.... බලන්න යන්නෙ තිලිනි දුවයි කියල......ඇය තරහෙන් මෙන් අයියාට දොස් කියන්ට වූවාය.......අපේ දුවවත් අපිට නිකමටවත් කිව්වෙ නෑනෙ. තරන්ගගෙ අම්මට මෙච්චර දෙයක් උනා කියල......කිව්වනම් අපිත් උදව්වක් කරනවනෙ.....අම්මා මට දොස්කියන්ට වූවාය.....ඒ ලමයින් ටම දොස් කියන්න හොද නෑ තිලිනිගෙ අම්මෙ.....මගේ අතෙත් වැරද්දක් තිබුන......පැවසූ තරන්ගගෙ අම්මා දිගු සුසුමක් හෙලුවාය.....ඒව දැන් වැඩක් නෑනෙ......තරන්ග අයියාගේ තාත්තා ඇය දෙස බලා කීවේය.
අපි ඔක්කොමල කැමති හින්ද මේවැඩේ ගැන කතාකර ගම්මු..පැවසූ අපේ තාත්තා....තිලිනි දුව තවම ඉග්නගන්න හින්ද වෙඩින් එක උපාධිය ගත්තට පස්සෙ ගම්මු.....ඊට ඉස්සෙල්ල කසාදෙ රෙජිස්ටර් කරමු....තව දුරටත් කීවේය.....ඒක හොදයිනේද තරන්ග පුතේ....තරන්ගගේ තාත්තා ඔහුගෙන් ඇසුවේය.....ඒක ඉතින් ඔයාලගෙ කැමැත්තක්.....ඔහුගේ පිලිතුර විය. මෙයාලනම් අදම උනත් වෙඩින් එක ගන්නවට කැමති වෙයි......තරන්ග අයියාගේ අම්මා තරන්ග දෙස බලා විහිලුවට කීවාය......මටනම් හිතෙන්නෙ පුතාට වඩා අම්මටයි ලේලිව ගෙදරට ගන්න ඕනැ වෙලා තියෙන්නෙ......අපේ අම්මා සිනාසෙමින් කීවාය.......ලේලි නෙවෙයි මගේ දුව නේද තිලිනි......තරන්ගගේ අම්මා මාදෙස බලා කීවාය.
අම්මාලා සහ තාත්තලා තව දුරටත් කතාකර ගැනීමට ඉඩදුන් තරන්ග අයියා මා සමග එලියට ගියේය.....ඔන්න අපේ ගැටලු ඔක්කොම ඉවරයි......ඔහු මගේ අත තදින් අල්ලාගෙන කීවේය......ඒකොහොමද ගැටලු එන්නෙ මීට පස්සෙ......මා කීවෙමි......ඒ මොනවද.....ඔහු මා දෙස බලා පුදුමයෙන් මෙන් ඇසුවේය.....ඇයි අනේ දන්නෙ නැද්ද....පැවසූ මා....වෙඩින් සාරි බලන්න ඕනැ හොද සැලුන් එකක් බලන්න ඕනැ......රත්තරන් බඩු ගන්න ඕනැ.....මා ගහැනියෙකුට ආවේනික දේවල් කියාගෙන යන්ට විය....අම්මෝ මෙයා ගිහින් තියෙන දුර.....ඒවට තව අවුරුද්දක් විතර කල් තියෙනවනෙ......ඔහු කීවේය.......අවුරුද්දක් තිබුනත් දැම්ම තියා ප්ලෑන් කරගන්න ඕනැනෙ.....මා කීවෙමි.....මටනම් ඔය කිසි ප්ලෑන් එකක් නෑ.....මට තියෙන්නෙ අපේ හනිමූන් එකට හොද හෝටල් කාමරයක් හොයාගන්න එක විතරයි. .....මෙයා හිතෙන දේවල්.....කොල්ලො ඔහොම්මමයි......මා උරහිස ගස්සා කීවෙමි.......ඇයි කොල්ලො ඔහොමමයි කිව්වෙ....ඔහු ඇසුවේය.........මම දන්නවනෙ කෙල්ලො දකින කොට කොල්ලන්ට හිතෙන දේවල්........මාත් ඉතින් කොල්........පිටකිරීමට ආ වචනය ගිලගත්තෙමි....මා දෙස බලා සිනාසුනු අයියා.......මොකද නැවැත්තුවෙ.....මාත් ඉතින් කොල්ලෙක් වෙලා හිටියනෙ කියන්නනෙ ගියේ.....පැවසුවේය.....ශික්...ඕව මතක් කරන්න එපා..... මම ඉපදිච්ච දවසෙ ඉදන් කෙල්ලෙක්.....මගේ පිරිමි අතීතය සිහිකිරීමට අකමැතිවූ මා පැවසුවෙමි......ඔහු කතාවෙන් කතාවෙන් මාව කිසිවෙකුට නොපෙනෙන තැනකට රැගෙන ආබව තේරුනේ......එදා මෙන් ඔහුගේ දැඩි අත්වලින් මගේ සිරුර තදින් බදාගෙන මුහුන සිපගන්නා විටය......අනේ අයියෙ කවුරු හරි දකියි....මා ඔහුගෙන් මිදී යෑමට උත්සාහ දරමින් කීවෙමි......මෙතැන කාටවත් පේන්නෙ නෑ ලමයො....පැවසූ ඔහු මාව තවදුරටත් සිපගන්ට වූවාය........මොනව කරනවද මන්ද මගෙ සාරියත් පොඩිවෙනව කොන්ඩෙත් අවුල් වෙනව.....තවදුරටත් ඔහුගේ උනුසුමේ පහස විදීමට මගේ සිත තුල දැඩි ආශාවක් ඇතිවූවද ගැහැනු ලමයෙකු වශයෙන් මගේ සිත තුල ඇතිවූ ලැජ්ජා සහගත හැගීම ඊට වඩා ප්රබල විය......
No comments:
Post a Comment