හදිසි අනතුර 142......................ඔයාට ඒක දැනගන්නම ඕනැද.......ඔහු ඇසුවේය.....ඔව් මට දැනගන්න ඕනැ.....මා පිලිතුරු දුන්නෙමි.....ඔයාගෙ කේන්දරේ ගැලපුනේ නැත්නම් මට කවුරුවත් නැනෙ. මම ඒ ගෑනු ලමයත් එක්ක ටිකක් කතා කලා.....ඔහු පැවසූවිට.......මට දුකක් සමඟ බියක් ඇතිවිය........ඇත්තද එහෙනම් මාව ඕනෙ නෑනෙ......එයාගෙ කේන්දරේ ගැලපෙනව ඇතිනෙ. .....පැවසූ මා......මම ඉතින් බාගෙට කෙල්ලෙක්නෙ......අයියට අංගසම්පූර්ණ කෙල්ලෙක් ලැබුනට මම සුබපතනව......පැවසූ මා ඇමතුම විසන්දි කර.......ඇදේ මුනින් පෙරලී......කොට්ටය මුහුනට තද කරගෙන හිතේ ඇතිවුනු දුක නිසා අඩන්ට උනෙමි......කිහිපවරක් දුරකතනය නාද විය එහෙත් මා ඒදෙස නොබලා සිතට ඇතිවූ දුක තුනීකරගැනීමට උත්සාහ කලෙමි......මොකද ලමයො පෝන් එක රින් වෙනව නේද නින්ද ගිහින්ද......අම්මාගේ කටහඬ ඇසුනු නිසා මා එය අතට ගත්තෙමි.....ඔයාට තරහ ගියාද......තරංග අයියාගෙ කටහඩ ඇසුනි......නෑ සතුටු වෙනව......දුකෙන් පවසා එය නැවත විසන්දි කල මා ටික වෙලාවක් සිටියෙමි.......පැයක් පමන ගතවිය.....නිවසේ සීනුව නාදවිය.....ආ පුතානෙ..එන්න වාඩිවෙන්න...අම්මාගේ කටහඬ ඇසුනි......දුව ...මේ තරන්ග අයිය ඇවිල්ලා.....අම්මා මට කතාකලාය.....අයිය මාව හොයාගෙන ඇවිත් වගේ....කල්පනා කල මා.....ඉක්මනින් මුහුන පිසදමාගෙන හොද ගවුමක් ඇදගත්තෙමි.......අවුල්වූ කොන්ඩය ඉක්මනින් පීරා සකස්කල මා......තවදුරටත් සිරුරේ හැඩ බලනවිට......මෙයා මෙහෙ හැඩවෙනව අරලමය දුව එනකන් බලා ඉන්නව......දොර රෙද්ද මෑත්කර පැවසූ අම්මා ආපසු ගියාය......මා සෙමින් සෙමින් සාලයට පියමන් කලෙමි.......අයියට දුවත් එක්ක මොකක්ද කතාකරන්න ඕනැ කියන්නෙ.....මා දෙස බලා පැවසූ අම්මා......මම බොන්න මොනවහරි හදන්න කියල එන්නම්.....අම්මා අපි අසලින් කුස්සිය දෙසට ගියාය......අම්මෝ කෙල්ලට ගොඩක් තරහ ගිහින් වගේ........මගේ මුහුන දෙස බැලූ ඔහු පැවසුවේය......නෑ සතුටින් හිටියෙ.....තරහෙන් මෙන් ඇග ගස්සමින් පැවසුවෙමි......මම විහිලුවක් නෙ ලමයො කලේ....ඔයා ඔච්චරටම ඕක සිරා ගත්තද....පැවසූ ඔහු මා අසලට පැමින මගේ කම්මුල මිරිකා ...ඔච්චර තරහ ගන්න එපා ඉක්මනට නාකිවෙයි......පැවසුවේය ......ඔය... අම්ම දකියි.....ඔහු නැවත කම්මුල අතගානවිට ඔහුගේ අත ඉවත්කල මා ලැජ්ජාවෙන් පැවසුවෙමි....... විහිලුවට උනත් එහෙම කිව්වම මට දුක හිතුන.....මා කීවෙමි....ඇයි ඒ.....ඔහු සැටියේ වාඩිවී ඇසුවේය.....අයිය දන්නවනෙ මම උපත්තියෙන් කෙල්ලෙක් නෙවෙයි කියල. ඉතින් අනිත් කෙල්ලන්ට වඩා මගේ අඩුවක් තියෙනවනෙ......මා කීවෙමි. ......මටනම් ඔයාගෙ එහෙම අඩුවක් පේන්න නෑ......මටනම් පේන්නෙ ඔයා අනිත් කෙල්ලන්ට වඩා ගැහැනු කමින් හුගක් ඉස්සරහ ඉන්නෙ කියල.....ඔයා පිරිමි ලමයෙක් වෙලා හිටිය කියල මටනම් නිකමටවත් හිතෙන්නෙ නෑ......අයියා පවසන්ට විය......මගෙ මොකක්ද අනිත් කෙල්ලන්ට වඩා තියෙන විශේෂත්වය.....මා ඇසුවෙමි.....ඔයා දැන් නියම ගැහැණු ලමයෙක් කියල හදුනාගන්න ලැබුනු දෙයක් තමයි දැන් පොඩ්ඩකට ඉස්සෙල්ල සිද්දවුනේ.....ඒ මොකක්ද.....මා ඇසුවෙමි......මම වෙන ගෑනු ලමයෙක් එක්ක කතා කලා කිව්වම ඔයාට තරහ ගිය එක......සිනහසෙමින් පැවසූ ඔහු.......කෙල්ලො ඉතින් පොඩ්ඩ බැරිවෙනකොට කලබල වෙනවනෙ..කිසි දෙයක් හොයල බලන්නෙ නැතුව.......ඔයත් ඉතින් ඒ ජාතියෙම තමා......ඔහු පැවසුවේය...අනේ යනව යන්න..... මා ඇග ගස්සමින් බොරු තරහක් ගෙන කීවෙමි........තිලිනි දන්නවනෙ මම කවදාවත් ගැහැනු ලමයෙක් එක්ක යාලුවෙලා නෑ කියල......මම ඔයා ඇර වෙන කවුරුවත් හොයන්නෙ නෑ තිලිනි........ඔහු හැගීම් බරව පැවසූවිට මට ඔහු කෙරෙහි කිසි දිනක නොදැනුනු දැඩි ආදරයක් ඇතිවිය......පුතේ තේටිකක් බොමු......අම්මා ඔහුට කතාකලාය.......ඔහු තේ මේසය අසලට ගියවිට.....අද වැඩිය මොකුත් ගේන්න බැරිවුනා පුතා හදිස්සියෙමනෙ ආවෙ.....අම්මා කීවාය.....ඔය ඇති ඇන්ටි......අයියා බිස්කට් එකක් අතට ගෙන කීවේය....දුවත් මොනව හරි කන්න.....අම්මා අපි අසලින් ඉවත් වූවාය......අම්මා ගිය දෙස බැලූ අයියා එක වරම මගේ මුහුන සිපගත්තේය......ම්ගේ සිත තුල ලැජ්ජාවක් ඇතිවුවද ඔහුගේ උනුසුම් සිපගැනීම නිසා මා ප්රමෝදයට පත්වනබව දැනුනි.
මගේ යෙහෙලියන් මගේ මුහුන කෙතෙක් සිප ගෙන ඇතත් පිරිමි ලමයෙකුගෙන් මෙවැනි දෙයක් ලැබුනු පලමු දිනය අදවිය.....ඔහුගේ එම ආදරබර සිපගනීම මගේ හදවත් තුලටම කිදා බැස්සේ.....මා දැන් අන්ගසම්පූර්න ගැහැනු ලමයෙක් බවට පත්වී ඇතිබව කියාපෑමෙනි......අනේ මට හැමදාම ඒවගේ තරංග අයියගෙ උණුසුම ලබන්න ඇත්නම්......ඔහු ගිය පසු මා කාමරය වී කල්පනා කලෙමි.
No comments:
Post a Comment