Monday, March 26, 2018

හදිසි අනතුර 151..........ඔයා අර ඇන්ටි හම්බවෙන්න ගියාද......දින කිහිපයකට පසු අමාදා ඇසුවාය.....නෑ අනේ.....මට හිතුන ඔය බාල්දි වලට අතගහන්න හොද නෑ කියල.....පැවසුවෙමි.......ඇති යන්තම්.....උඹටත් මොලේ ටිකක් තියෙනව කියල දැනගත්ත.....මම හිතුව මෝඩිවගේ යයි කියල......ඇය සිනාසෙමින් කීවාය.
             දින කිහිපයක් ගතවිය එදින ඉරිදා දිනයක් නිසා මා ගෙදරගොස් සිටියෙමි......ආ...කාලෙකින් පුතාට අපිව මතක් වෙලා තියෙන්නෙ......අම්මා කිසියම් පුද්ගලයෙක් සමග කතාකරන හඩ ඇසුනි......එවිට මා කුස්සියේ උයන්න්ට උදව්වෙමින් සිටියෙමි......මා වැඩකරමින් සිටින අතරතුරම සාලයට එබී බැලුවෙමි. මගේ ඇස් අදහාගත නොහැකි විය. ඇවිත් හිටියේ තරංග අයියාය. අපේ විවාහ යෝජනාව කැඩී ගියපසු තරන්ග අයියා අපේ ගෙදරට පැමිනි පලමු දිනය අද විය.......මා නැවත කුස්සියට ගොස් ඔහු පැමිනි බවක් නොදන්නාක්  මෙන් සිටියෙමි......දුවේ..... කියමින් මා අසලට පැමිනි අම්මා......අන්න තරංග ලමය ඇවිල්ල.....වෙඩින් කාඩ් එකක්වත් දෙන්නද දන්නෙ නෑ.....පැවසුවාය........දන්නෙ  නෑ අම්මෙ....කී මම.... මම මේ විදියට එයා ඉස්සරහට යන්නෙ කොහොමද......මා කුනු ගෑවුනු ගවුම පෙන්වමින් කීවෙමි........ඉක්මනට අතපය හෝදගන්න....මම ගවුමක් අරන් එන්නම්...කී අම්මා මගේ කාමරය දෙසට  ගියාය.....නාන කාමරයට ගිය මා....ඉක්මනින් අතපය සෝදාගෙන අම්මා ගෙන ආ ගවුම ඇදගත්තෙමි. මොකද දන්නෙ නෑ අද මෙහෙ ආවෙ.....මා චකිතයෙන් යුතුව ඔහු අසලට ගියෙමි......මා යනවිට අම්මා ඔහු සමග කතාකරමින් සිට........මා දෙස බලා.....මම හිතුවෙ මේ ලමය ඇවිත් තියෙන්නෙ වෙඩින් එකවත් කියන්නද කියල......දැන් බලනකොට වෙන දෙයක්නෙ.......අම්මා සතුටින් සිනාසෙමින් කීවාය.....ඒ මොකක්ද අම්මෙ....මා අසුවෙමි.....මෙයාගෙන්ම අහගන්නකො.......අයියා පෙන්වා කීවාය......මොකද අයියෙ......මා අසල පුටුවේ වාඩිවී ඇසුවෙමි......මම හිතුවෙ පරක්කු වෙනකොට මාත් එක්ක තරහ වෙලාද කියල......කුස්සියට වෙලා උයනව කියල අම්ම කිව්ව.......ඔව් අයියෙ ඒවත් කරන්න ඕනැනෙ......පිලිතුරු දුන් මා.... ආව කාරනාව කියන්නකො......ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.....ඔන්න අම්මගෙ ප්‍රශ්න  ඔක්කොම ඉවරයි.....ඔහු එකවරම පිලිතුරු දුන්නේය......ඒ කියන්නෙ.....මා ඇසුවෙමි....ඒ..කියන්නෙ... තරන්ග ලමයගෙ අම්ම දුවට කැමති වෙලාලු......ඔහු වෙනුවට අම්මා පිලිතුරු දුන්නාය.......දැන් අර ඇන්ටිගෙ ප්‍රශ්නෙ ඉවරද......ඔව් .......සිනාසෙමින් කී අයියා.....එයාල අම්මටම කියල තියෙනව......දිනිතිට වෙන එකක් බැලුව කියල.....අයියා පැවසූ අතර.....දැන් අම්මට ඕනැලු ඉක්මනින් ඔයාව බලන්න එන්න.....මම ආවෙ ඒක ගැන කතාකරගන්න......
පුතේ අපි දුවගෙ තාත්තට මේක කියල දිනයක් දාගම්මු.......අම්මා පැවසුවාය......පුතාට හදිස්සියක් නෑ නේද පුතා අද කෑමටිකක් කාලම යන්න......අම්මා පවසන විට  කිසිත් නොකියා සිනාසුනු අයියා  අද කෑම රස ඇති නේද.....මා දෙස බලා පැවසුවේය.......දුව කතා කරකර ඉන්නකො.....අපි කෑම ලෑස්ති කරන්නම්......අම්මා කුස්සිය දෙසට පියනගමින් කීවාය......මාත් එන්නම් අම්මේ.....මා ඇය පසු පස යෑමට පිය නැගීමට පුටුවෙන් නැගිට්ටෙමි.....එවිටම තරන්ග ඇයියා එකවරම මගේ අත අල්ලාගෙන ඔහුදෙසට .අදිනු දැනුනි......සමබර තාවය බිදීගිය මාව එක වරම ඔහුගේ උකුල මතට ඇද වැටුනි.....මොනවද අයියෙ කරන්නෙ අම්මත් දකියි.....ලැජාවට පත්වූ මා සෙමින් කීවෙමි......අම්ම දකින්නෙ නෑ ලමයො එයා දැන් කුස්සියෙ.....කී ඔහු ඔහුගේ දැඩි දෑතින් මගේ හිස බදාගෙන මුහුන කිහිපවරක් තදින් සිපගන්ට විය......අනේ අයියේ මාව අතාරින්නකෝ.....මා දැඩි වෙහෙසක් ගෙන ඔහුගෙන් මිදී කුස්සිය දෙසට දිවගියෙමි.....ඇයි දුව හදිස්සියේ මෙහාට ආවෙ....ඒ ලමය තනියමනෙ.....පවුනෙ....මම මල්ලිකත් එක්ක කෑම ටික ලෑස්තිකරල කතාකරන්නම්.....ඔයා එහෙට යන්න.....අම්මා කීවාය.... අම්මෝ ආයෙත් එහාට ගියොත් අයිය තව මට මොනව කරයිද දන්නෙ නෑ.....සිතූ මා......අයියට මගේ අතින් උයන කන්න ඕනැ කිවුවනෙ...... කැපූ අල ටික ඇතිලියට දමමින් කීවෙමි......ඔයාල කසාද බැන්දට පස්සෙ ඔයාගෙ අතින් එයාට ඕනැ තරම් උයල දෙන්න පුලුවන්නෙ......කී අම්මා දැන් යන්න.....අම්මා පැවසූ විට....මොකක්ද මන්ද අම්මටත් ඕනැ මාව අයිය ගාවට යවන්න.....අම්ම එයාගෙ හැටි දන්නෙ නැතුව ඔහොම කියන්නෙ......එයගෙ ශක්තිමත් දෑත් වල ග්‍රහණයට  මාව අහුවුනොත් මට මේ සුරුබුහුටි දුර්වල ගැහැනු ශරීරත් එක්ක මොනව කරන්නද.......සිතමින් නැවත ඔහු දෙසට ගමන් කලෙමි.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: