Saturday, March 31, 2018

 පරම්පරාව 1..........මගේ තාත්තා දක්‍ෂ වඩුකර්මාන්ත කරුවෙකි. තාත්තා පමනක් නොව ඔහුගේ අයියා වන මගේ මහප්පාද එවනිම දක්‍ෂතාවය ඇති කෙනෙකි......ඔව්න්ගේ තාත්තා වන සීයාද වඩුවෙකි. මා අසා ඇති පරිදි ඔහුගේ පියාද වඩුවෙකි. තාත්තා කියන පරිදි අපේ මුලු පරම්පරාවේ සියලුම පිරිමි අය වඩු කර්මාතයේ යෙදුන අය විය.....මා මේ වනවිට සිටින්නේ උසස්පෙල විභාගයට සූදානම් වෙමිනි......පුතේ ඔයා ඉගෙන ගෙන මොන උපාධී ගත්තත් ඔයා කරන්න ඕනෙ අපේ මේ වඩු කර්මාන්තයමයි......දිනක් තාත්තා එසේ පැවසූ විට මගේ සිත කලබලයට පත්විය......ඇයි තාත්තෙ එහෙම කියන්නෙ ඉගෙනීමට හරියන වෙන රස්සාවල් ඕනැ තරම් තියෙනවනෙ.....මා එසේ පැවසුවේ වඩු කර්මාන්තය කෙරෙහි මගේ තිබුන අසතුට නිසාය....එහෙම කියල හරියන්නෙ නෑ....මේක අපේ පරම්පරාවෙ රස්සව.....ඔහු සැරෙන් මෙන් පැවසුවේය....තාත්තට පරම්පරාවෙ රස්සාව ගෙනියන්න ඕනැනම් මගෙ අයියල දෙන්නෙක් ඉන්නෙ......ඒ දෙන්න දැනටමත් ඒ රස්සාවමනෙ කරන්නෙ..මා පැවසුවෙමි.....ඔය ලමයට ඒ පන්ඩිත කම් ඕනෙ නෑ...ඔයා මේ වඩු කර්මාන්තයම කරන්න ඕනැ....නැවතත් සැරෙන් පැවසුවේය.
                බලන්නකො අම්මෙ....මට ඉගෙනගෙන වැඩක් නෑ කියල තාත්ත කියනවනෙ....පසුදින උදෑසන අම්මාට කීවෙමි.....එ මොකද එහෙම කියන්නෙ....අම්මා ප්‍රශ්න කරන්ට වූවාය.....දන්නෙ නෑ අම්මෙ....මම උපාධී ගත්තත් වඩුවැඩම කරන්නලු..අනික මම ආසත් නෑ ඔය වැඩවලට....උපාධී අරන් වඩුවැඩ කරන්න ඕනැද අම්මෙ.. ...මා කනගාටුවෙන් ඇසුවෙමි.....ඒකනම් ඇත්ත.....තාත්තටත් ඕනැ එයාගෙ පරම්පරාවෙ ඒවම ගෙනියන්න මිසක් වෙනදෙයක් නෙවෙයිනෙ.......ඔන්නම් මම කියල බලන්නම්. ඒත් මම කිව්ව කියල වැඩක් වෙන එකක් නෑ....තාත්ත ඉතින් තීරනයක් ගත්තොත් ඒකමනෙ.....අම්මා කනගාටුවෙන් මෙන් පැවසුවේය......මේ පුතාට හොදහිතින් කියනව.....එයාට වෙන රස්සාවල් කරන්න තහනම් කියල.....කරනවනම් කරන්න ඕනැ මේකම විතරයි..අපේ පරම්පරාවෙ මේ වෙනකල් කිසිම පිරිමියෙක් වෙන රස්සාවල් කරල නෑ......පසුදින රාත්‍රියේ  .තාත්තා අම්මට තදින් කතාකරනු ඇසුනි.....තාත්තගෙ හන මිටි අදහස්නෙ. ඔය අදහස කොහොම අයින් කරන්නද මන්ද...මට මොකක් උනත් කාමක් නැ එයාට ඕනෙ එයාගෙ පරම්පරාව ගෙනියන්න.........මා කල්පනා කලෙමි.
             අම්මෙ තාත්ත මොනව කිව්වත් මම මේ වඩුවැඩනම් ඉගෙනගන්නෙ නෑ....මා දැඩිලෙස අම්මට කීවෙමි...ඒක ඉතින් පුතාගෙ කැමැත්තක්. ඒත් තාත්ත තරහ කරගන්න එකත් හරි නෑනෙ.....අම්මා අවවාද දෙන්ට වූවාය......තරහ වුනත් නැතත් මම මගේ තීරනේ වෙනස් කරන්නෙ නෑ....මා කීවිට.....ඕනැ එකක් කරගන්නව.....ඔයත් ඉතින් තාත්තගෙම පුතානෙ.....අම්මා මට සැරෙන් මන් පැවසුවේය.
               මම මේ ඔයාගෙන් හොඳින් අහන්නෙ පුතේ......ඔයාගෙ ඔය අදහස වෙනස්කරගන්නෙම නැද්ද......තාත්තා කාරුනික ලෙස මගෙන් ඇසුවේය......නෑ තාත්තෙ නෑ....මට ඔය වැඩ හරියන්නෙ නෑ....මා තදින් කීවෙමි......එහෙනම් ඔයා කැමති නැද්ද පිරිමියෙක් විදියට දිගටම ඉන්න......ඔහු සෙමින් ඇසුවේය.....මම පිරිමියෙක් තමයි ඒක වෙනස්වෙන්නෙ නෑනෙ...මා කීවෙමි...ඔයා ඔය තීරනේ අරගෙන බැරි වෙලා හරි වෙන්ස් වුනොත්......ඔහු ඇසුවේය......මොනව වුනත් කමක් නෑ මම වඩුවැඩනම් කරන්නෙ නෑ.....එහෙනම් කමක් නෑ පස්සෙ මට එහෙම දොස් කියන්න එපා...අවසාන වසයෙන් පැවසූ ඔහු මා අසලින් ඉවත් විය.....
            පසුදින අවදිවූවිට මට මහත් අමුත්තක් දැනුනි......මා ඇදේ වාඩිවුනෙමි....දිගු කෙස්රොදක් මගේ මුහුන හරහා වැටුනි.....මේ කොහෙන්ද.... මා ඒවා ඉවතට විසි කිරීමට උත්සාහ කලෙමි......එහෙත් ඒවා මගේ හිසට ඇලී තිබෙනු දැනුනි......මා හිස අත ගෑවෙමි කොටට කපා තිබුනු හිස කෙස් ඉතාමත් දිගුවී තිබුනි......මා මුහුන අතගෑවෙමි.....මුහුනේ රැවුල් කොට කිසිවක් අතට දැනුනේ නැත ඒ වෙනුවට ඉතාමත් සිනිදු බවක් දැනුනි......මේ මොකක්ද මට වෙලා තියෙන්නෙ..... මා හිස පහත්කර සිරුර දෙස නෙත් යොමුකලෙමි. මා ඇද සිටි සරම වෙනුවට ගැහැනු ලමයි අදින රාත්‍රී ගවුමක් ඇද සිටින බව දුටුවෙමි.....මේ මොකද මේ....කවුද මේක මට ඇන්දුවෙ......එය ඉවත් කිරීමට සැරසුනු මා ඇද ගැනීමට සරම හෙවුවෙමි.....සරම පෙනෙන මානයකවත් නොතිබුනි......මම ගවුමක් ඇදගෙන ඉන්නව කියල අම්මත් දකියි.... මේක ගලවල කලිසමක් වත් ඇදගන්න ඕනැ.....ඇදෙන් නැගිට්ට මම......කලිසමක් ගැනීමට ඇදුම් රාක්කය දෙසට ගියෙමි.......පුදුමයකි....එහි එකම පිරිමි ඇදුමක් හෝ නොතිබුනි....සියලුම ඇදුම් ගැහැනු ලමුන්ගේ ඇදුම් විය.ඒවා..ගවුම්, සාය බ්ලවුස්,යටසායවල්, බ්‍රෙසියර් සහ  කාන්තා යට ඇදුම් විය.....කිසිම දිනක ගැහැනු ලමුන්ගේ ඇදුම් අතින් අල්ලා නොතිබුනු මට ඒවා ඇල්ලීමට පවා ලැජ්ජා සහගත හැගීමක් ඇතිවිය. මා මුහුන බැලීම සදහා කැඩපත අසලට ගියෙමි.....මගේ ඇස් අදහා ගත නොහැකිවිය...... ඉතාමත් රූමත් තරුනියකගේ රුවක් ඉන් පිළිබිඹු විය. මා එකවරම පිටුපස බැලුවේ තරුනියක් මා පිටුපසින් සිටිනවාදැයි පරීක්ෂා කිරීම සදහාය. එහෙත් එවැනි කෙනෙක් නොමැති බව වැටහුනු අතර මෙහි පෙනෙන්නේ මගේම රුව බව අවභෝද විය.......දුව තාම නයිට් ගවුම පිටින්ද ඉන්නෙ ගවුමක් ඇදගෙන තේ බොන්න එන්න.....මගේ අම්මා කාමරයට එබිකම් කර පවසනු ඇසුනි.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: