හදිසි අනතුර 152.........මා බියෙනුත් චකිතයෙනුත් ඒ සමගම ඇතිවූ ලැජ්ජා සහගත හැගීමෙනුත් යුක්තව අත් දෙක අබරවමින් සෙමින් සෙමින් ඔහු අසලට ගියෙමි. මොකද බයවුනාද.......මා දෙස බලා ඇසුවේය......නෑ.....ඔහුගේ ශක්තිමත් සිරුර දෙස හොරෙන් මෙන් බලා කීවෙමි....මොකද ඈතින් වාඩිවුනේ....මෙතෙනට එන්න.....මා තරමක් ඈතින් වාඩිවූවිට මාව ඔහු ලගට කතාකලේය......මා නැවත බිය මුසු හැගීමෙන් යුතුව ඔහු අසලට ගියෙමි......මගේ අතින් අල්ලාගත් ඔහු......දැන් බයවෙන්න දෙයක් නෑ තිලිනි අපි දැන් බැන්ද වගේ......මගේ සිහිදු අත සෙමින් පිරිමදිමින් කීවේය.....පහුගිය දවස් ටිකේ මම ලොකු හිතේ අමාරුවකින් හිටියෙ......මට වෙන කවුරුවත් ඕනෙ නෑ මට ඕනැ ඔයාවයි කෙල්ලෙ......කී ඔහු මගේ අත ඔහුගේ මුවට ලන්කරගෙන සිපගන්ට විය......ඔයා බයවුනාද මම ඔයාව බදා ගත්තහම......ඔහු ඇසුවේය.....අම්මෝ ආයෙත් බදාගහ්න්නනම් එපා......මා එසේ කීවත් ඔහුගේ ග්රහනයේ සීටීමට මගේ සිත තුල යම්කිසි කැමත්තක් ඇතිබව තේරුනි...ආයෙත් මෙයා මාව ඒවගේ තුරුල්කර ගන්නවනම්...මගේ සිත කියන්ට විය.......ඔයාව මගේ උකුලට වැටුනම මට ඔයාගැන පුදුම ආදරයක් ඇති වුනා ඒකයි එහෙම කලේ.....අයි ඈම් සොරි......ඔහු මගෙන් සමාව ගනිමින් කීවේය......අම්ම දකියි කියල මට බය හිතුන......මා කීවෙමි......අම්ම දකින්නෙ කොහොමද.... මම අම්ම එයි කියල බලලනෙ එහෙම කලේ.....ඔහු කීවේය.
තාත්තා ගෙදර පැමිනි විට අම්මා තරන්ග අයියා පැමිනි බවත් ඔහු පැවසූ දේත් පවසන්ට වූවාය......හරි අපි ඉක්මනට දිනයක් දාගම්මු.....පැවසූ ඔහු.....ලබන ඉරිද දුවට නිවාඩුනේද එදාට එන්න කියන්න.....තාත්තා අපිට පැවසුවේය.
මා පසුදින කොළඹ ගියේ ඉතාමත් ප්‍රීතිදායක හැගීමෙන් යුක්තවය.....අද තිලිනි හරි සතුටින් වගේ.....මාදෙස බැලූ දම්මි....කීවාය.....සතුටු නැද්ද බන් මම උඹලට හොස්ටල් එකෙදි විස්තරේ කියන්නම්කො.....මා මෙතෙක් කලක් ඔවුන්ගෙන් සගවාගෙන සිටි රහස ඔවුන්ට හෙලිකිරීමට සිතාගෙන පැවසුවෙමි.....වීක් එන්ඩ් එකේදි ලොකු දෙයක් වෙලාවගේ.....සම්මි මගේ පිම්බුනු කම්මුල මිරිකමින් කීවාය....තාම උනේ නෑ වෙන්න යන්නෙ.......මා පැවසූවිට ...මොකක්ද කියපන්කො.....අගේ කරන්නෙ නැතුව......අමාදා ඇසුවාය.....මම කිව්වනෙ හවසට විස්තර ඇතුව කියන්නම් කියල.....ඔවුන්ට කුතුහලයක් දෙමින් පැවසුවෙමි.....
එදින සවස ඔවුන් මගේ කාමරයට පැමිනියේ මෙම විස්තර දැන ගැනීම සදහාය......මා ඔවුන්ට තරන්ග අයියා ගැන සම්පූරන විස්තර පැවසුවෙමි.....උබ කොහොම හන්ගන්න හැදුවත් අපිට ඕක තේරුනානෙ......දම්මි කීවාය......ඒත් මම ඊයෙ වෙනකම් ඒගැන එච්චර බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.....ඒකයි මම කාටවත් මේ ගැන කිව්වෙ නැත්තෙ.....මා ඔවුන්ට මෙය සැගවීමට හේතුව පැහැදිලි කරමින් පැවසුවෙමි.....දැන් අපෙන් මොනවද කෙරෙන්න ඕනෙ.......අමාදා ඇසුවාය.....දැම්මනම් ඕනැ වෙන්නෙ නෑ හැබැයි වෙඩින් එකටනම් උබල ඔක්කොගෙම සපෝට් එක ඕනැ....මා කීවෙමි......හරි හරි අපි ලෑස්තියි.....ඔවුන් සැමෝම එකග විය.
මේ වනවිට උසස් පෙල සමත් වී පේරාදෙනියේ ඉංජිනේරු පීටයේ ඉගෙනුම ලබමින් සිටි මල්ලීටද මෙම ආරන්චිය පැවසුවෙමි. ඔහුද මෙයට ඉතාමත් කැමති බව ඔහුගේ සුබ පැතුම් වලින් මා තේරුම් ගත්තෙමි.
ඉරිදට මම මොකක්ද අම්මෙ අදින්නෙ.....ගවුමක් ද...මා අම්මගෙන් ඇසුවෙමි....එදාට ගවුන් ඇදල හරියනවද මම ඔයාට සාරියක් ලෑතිකරල තියෙන්නෙ.....අම්මා පැවසුවාය.මා සිකුරාදා සවස ගෙදර යනවිට මගේ යෙහෙලියන් මට සුබ අපතන්ට වූවාය.....උබල සුබ පැතුවට තාම බලන්න එනව විතරනෙ.....මා කීවෙමි.....තරන්ග උඹව බලන්න එනව කියන්නෙ බැන්ඩ් හ වගේ තමයි.....දම්මි කීවාය.
සෙනසුරාදා අපිට විවේක නොමැති දිනයක් විය....මල්ලීද පැමින සිටි බැවින් ඔහුගේද සහයෝගය අපිට ලබාගැනීමට හැකිවිය...මගේ සියලු වැඩවලට උදවුකල පුන්චි අම්මාද බාප්පා සමග පැමින සිටියාය...පසුදින උදෑසනම නාගත් මා සාරිය ඇදීමට සූදානම් වුනෙමි. මගේ මුහුනට සුලු මේකප් ටිකක් කල අම්මා සාරිය ඇන්දවීමට පටන්ගත්තාය.......මට ඔසරියක් ඇන්දවූ ඇය මගේ ගෙලට ලස්සන රත්රන් මාලයක් පැලැන්දුවාය.....දැන්නෙ දුවගෙ ලස්සන පේන්නෙ හරියට සුරන්ගනවියෙක් වගේ.....මා දෙස බැලූ පුන්චි අම්මා සතුටින් පවසන්ට වූවාය........ඇයි මගේ දුව වෙනදට ලස්සන නැද්ද......අම්මා විහිලුවට මෙන් ඇසුවාය......මෙයා වගේ ලස්සන කෙල්ලෙක් මේ පලාතෙම ඉන්නවද......පිලිතුරු දුන් පුන්චි අම්මා........අද ඊටත් වඩා ලස්සනවෙලා......කීවාය.
තරන්ග අයියා ගේ පිරිස අපේ නිවසට ලගාවනවිට නවය පමන විය........ අන්න කට්ටිය ඇවිල්ල.....මා සැරසී කාමරය තුල සිටිනවිට.....පුන්චි අම්මා දැනුම් දුන්නාය......සුලු වෙලාවකින් මා අසලට පැමිනි.....අම්මා එන්න දුව.....මේ බීම ටික එයාලට අල්ලන්න........මා අතට බීම ට්‍රේ එක දුන් අම්මා කීවාය.....මා එය රැගෙන සෙමින් සෙමින් ඔව්න් අසලට ගියේ සාරිය පටලවේවී යන බියෙනි.
No comments:
Post a Comment