Thursday, March 29, 2018

හදිසි අනතුර 160............අපගේ විභාග ප්‍රතිඵල පිටවී  තිබුනු අතර  වාසනාවට මෙන් මගේ යෙහෙලියන් සියලුදෙනාම සමත්වීතිබුනි....මගේ මංගල දිනයද ළඟාවිය. මෙය කොළඹ හෝටලයක පැවැත්වීමට තාත්තා තීරනයකර තිබුනි. මගේ මිතුරියන් සියලුදෙනාටම ආරාධනා පත් දුන්නෙමි..දම්මිට සහ අමාදාට මගේ දෙවෙනි මනමාලියන් මෙන් සහභාගී වනලෙස ආරාදනා කල .අතර ඔව්න්ගේ සියලු වියදම් අපිවිසින් දැරීමට තීරනය කලෙමු.....ඒ අතර පාසැල් මිතුරියන් කිහිපදෙනෙකුටද ආරධනා කලෙමි.....ආවට කමක් නෑ ඔන්න තෑගි මොකුත් ගේන්න එපා......මා ඔවුන්ට පැවසුවේ ඔවුන්ගේ සහභාගීත්වය පමනක් බලාපොරොත්තුවෙනි....මන්ගල දිනයට පෙර කිහිපදවසක්ම...අමාදා දම්මි සහ සම්මි විටින්විට මාව මුනගැසීමට පැමිණ කලයුතු උපකාර ගැන කතාකරන්ට විය. ......අපිට කරන්න කියල ලොකු දෙයක් නෑ බන්......ඒ ඔක්කොම කොම්පැනියෙන් හොයල බලල කරනව.....මා එසේ කීවේ ඔවුන්ගේ උනන්දුව ගැන ස්තූති කරමිනි......එහෙත් දම්මිට සහ අමාදාට කලයුතු වැඩ කිහිපයක් තිබුණි. ඒ ඔවුන් දෙවෙනි මන මාලියන් ලෙස සහභාගීවන නිසාය.....
               අපේ මංගල දිනට පෙර දිනම මගේ ලගම යෙහෙලියන් අපේ ගෙදරම නැවතීම මගේ සිතට විශාල සහනයක් විය.....මාගේ මන්ගල ඇදුම් ඇන්දවීම පාන්දර තුනට පමන පටන්ගන්ට විය.....එය උඩරට ආකාරට සැරසීමක් විය......මට ඔසරිය ඇන්දවූ එම ඇන්ටී අම්මා නැකතට තැල්ල පැලදූ පසු අනිකුත් ආභරන පැලදවීමට පටන්ගත්තාය......මේ අතර මගේ යෙහෙලියන්ද ඇන්දවීමට පටන්ගත් බව දුටුවෙමි........මගේ දුව දැන් පුදුම ලස්සනයිනෙ.....මාව ඇන්දවූ පසු කාමරයට පැමිනි අම්මා සතුටින් පවසන්ට වූවාය.....
               පොටෝ ගැනීම සදහා උදේ පාන්දර පිටත්වූ අපිට තරන්ග අයියා නිලමේ ඇදුමෙන් සැරසී සිටිබව දක්නට ලැබුනි.....ඔහු දෙස බැලූ මට ඔහුගේ කඩවසම් සිරුර මෙම නිලමේ ඇදුමට තවත් කැපී පෙනෙන බව දුටුවෙමි.
               තරංග අයියාට පෙර අපි උත්සවශාලාව කරාගියෙමු......ඉන්පසු මනාලයාගේ පැනීම උඩරට නැටුමකින්  පිලිගත් බව දක්නට ලැබුනි....සුලුවේලාවකින් අපි පුලපුලා බලා සිටි පෝරුවේ චාරිත්‍ර පටන්ගත් අතර මා තරන්ග අයියාගේ වම්පසින් සිටගත්තෙමි.......මම උපදින කොට අම්ම කවදාවත් හිතන්නෙ නැතුව ඇති මාව මේ විදියට මනමාලියෙක් වෙලා පෝරුවෙ ඉන්නව බලන්න. මටත් හිතාගන්නවත් බෑ පිරිමියෙක් වෙලා උපන්න මට මේවගෙ කඩවසම් මනමාලයෙකුගෙ අතගන්න පුලුවන්වෙයි කියල. එදා අර අනතුර නොවෙන්නට මට මේ කිසිදෙයක් නොලැබෙන්ට ඉඩතිබුනා..... මාමා අශ්ඨක  කියන අතරතුර මා කල්පනා කලෙමි....මට නෑදෑයන්ට සමුදීමට වෙලාව පැමිනි විට අම්මා මාව තුරුලු කරගෙන හැඩීමට පටන්ගත්තාය. ඔවුන් අතහැර යෑම ගැන දුකට පත්වූ මාගේ දෑස්වලද කදුලු පිරුනි.....මමද අම්මා තුරුලු කරගෙන හඩන්ට වුනෙමි......කාන්තාවකට ඕනෑම ස්ථානයක  ප්‍රසිද්දියේ කදුලු පෙරාගෙන හැඩීමට අවසර තිබුනි. කාන්තාවක් බවට පත්වී සිටි මමද ගැහැනියක සතුවූ එම වරප්‍රසාදය මේ අවස්ථාවේදී හැකිතරම් භුක්තිවින්දෙමි. කදුලු පිරි දෑස්වලින් යුතු මගේ යෙහෙලියන්ද මගෙන් සමුගන්ට විය.....
                ඔන්න ඔයාගෙ අම්මයි තාත්තයි යතුර මගේ අතටම දුන්න.....මට දැන් බොඩිඑක අතගගා ඉන්න ඕනැ නෑ පැදගෙනම  යන්න පුලුවන්. කෑම කම අතර තුර මට බත් කටක් කවමින් රහසින් මෙන් පැවසුවේය.....එහෙම එකපාරට එලවන්න බෑ....කී මම....අනාගත් බත් කට ඔහුගේ මුවදෙසට ලන්කලෙමි.....ඇයි ඒ.... ඇසූ ඔහු.... මගේ බත් කට මුවතුලට දාගත්තේය....ඇයි තෙල් වතුර බලන්නෙ නැද්ද.....මා සිනාසෙමින් කීවෙමි.....ඒකත් ඇත්තනෙ එකපාරටම එලවන්න ගියාම වාහනේට ඩැමේජ් වෙන්න පුලුවන්නෙ.....ඔහු පිලිතුරු දුන්නේය.
                  අපේ උත්සව කටයුතු අවසන් විය.....අපි සැමගෙන් සමුගෙන අපේ ලෝකය කරා පිය නැගීමට මංගල රථයට ගොඩවුනෙමු. අපි ගියේ බේරුවල පෙදෙසේ මුහුද අද්දර පිහිටා තිබුනු හෝටලයකටය......කාමරය තුලට ගිය මා.....සවස මංගල සාරිය වෙනුවට අන්දාතිබුනු මංගල ගවුම ගැලවීමට පටන්ගත්තෙමි.....අයියාද නිලමේ ඇදුම වෙනුවට ඇදගත් කමිසය ගැලවුවේය......   දුහුල් ගවුමක් ඇගලාගත් මා.....නාන කාමරය තුලට ගියේ නාගැනීම සදහාය.....පොඩ්ඩක් ඉන්න මාත් එනව..... නාගන්න ඕනැ හරි මහන්සියි.....කී ඔහු මාදෙසට එන්ට විය.....එහෙනම් අයිය ඇතුලට යන්න මට පස්සෙ බැරියෑ....මා ආපසු හැරුනු විට මගේ අතින් අල්ලා ගත් ඔහු....කොහේ යන්නද දෙන්නම නානව මිසක්...ඔහු මාවත් ඇදගෙන කාමරය ඇතුලට ගොස් දොර වසා දැමුවේය....මච්චර කල් මාව පරිස්සම් කලාට දැන් ඉතින් මට බේරිල්ලක් නැතිවෙයි....මා ලැජ්ජා සහගතව කල්පනා කලෙමි.
                Transgender body swap ගේ ඡායාරූපය

No comments: