Thursday, March 22, 2018

හදිසි අනතුර 146..............තරංග මොකද කිව්වෙ දුවේ......සති අන්තයේ ගෙදර ගිය මගෙන් අම්මා ඇසුවාය.....අනේ මන්ද අම්මෙ එයාට එයාගෙ අම්මගෙ කැමැත්ත ගන්න බැරිලු......මා පිලිතුරු දුන්විට......ඒ මොකද.....දුවගැන මොකුත් ආරන්චියක්වත් ගිහින්ද......අම්මා සැකමුසුව ඇසුවාය......එහෙම දෙයක් නෙවෙයි අම්මෙ......කී මා....අයියා පැවසූ දිනිතිගේ කතාව කීවෙමි.......ඒකත් එහෙමද.....දිගු සුසුමක් පිටකල අම්මා......අපේ වෙලාව තමා.....දුකෙන් මෙන් පැවසුවාය......අයියනම් කියනව අම්මා අකමැති උනත් මාවබදිනව කියල.....ඒත් මම ඒකට කැමති උනෙ නෑ.....මා කීවෙමි......දුව ඒහෙම කිව්ව එක හොඳයි ....එයලගෙ අකමැත්තෙන් මේක කරන එක හොදනෑ..අම්මා කීවාය...ඔව් අම්මේ..... තාත්ත එදා කිව්ව වගේ මගෙත් අඩුපාඩුවක් තියෙනවනෙ....මා කීවෙමි......අම්මා අනුකම්පා සහගතව මා දෙස නෙත් යොමුකලාය.
               එදින සවස මේ සම්බඳයෙන් අම්මා තාත්තා සමග සාකච්චා කර තිබුනුබව තාත්තාගේ කතාවෙන් මා තේරුම්ගත්තෙමි......ඔයා ඕකට හිත නරක්කරගන්න එපා දුවේ....ඔයා ඕක අමතක කරල පාඩුවෙ හොදට ඉගෙනගන්න...අපිට පුලුවන් වෙයි ඔයාට පස්සෙ....ගැලපෙන කෙනෙක් හොයාගන්න.....තාත්තා අදහස් පලකලේය.
             තාත්තා කෙසේ කීවද මා තරංග අයියා සම්බන්ධව තව දුරටත්  බලා පොරොත්තු තබාගෙන සිටියෙමි.එහෙත් දින කිහිපයක් ගතවූ පසුවත් ඔහුගෙන් සුබදායක ආරන්චියක් නොමැතිවිය......පසුව ඉතාමත් අපහසුවෙන් බලාපොරොත්තු අත හැර දැමීමට සිදුවිය....... අම්ම අකමැති උනත් අපි බදිමු නංගි .......සති දෙකකට පමන පසුව අයියා පැවසුවේය......ඒකටනම් මම වත් මගෙ අම්ම තාත්තවත් කැමති නෑ....මා දැඩිලෙස කියාසිටියෙමි......
               මසකට පමන පසු අයියාට රත්නපුර පලාතේ රෝහලකට පත්වීම ලැබුනු බව මට දුරකතනයන් කතාකර පැවසුවේය......ඔහුට සුබපැතූ මා......අපිට එක්වීමට නොහැකිවුවද......අපගේ සහෝදර සම්බන්ධතාවය එලෙසම තබාගනිමු යයි ඔහුට පැවසුවෙමි......එහෙත් ඔහු මා සම්භන්දව අදහස නවතා නොමැති බවත් කෙසේ හෝ අම්මා කැමතිකරවා ගන්නා බවත් පැවසුවේය.
                 අවුරුද්දක් පමන ගතවිය මෙම කාලය ඇතුලත තරන්ග අයියා මාසමග විටින් විට කතාකලද විවාහ සම්භන්දයෙන් කතාකිරීමෙන් වැලකුනෙමි......දිනක්තරංග   අයියාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනි.....වෙනදා මෙන් නොව ඔහුගෙන් දුක්මුසු හඩක් ඇසුනි.....මගේ අම්ම....මගේ අම්ම.....යනුවෙන් දුක්මුසු හඩකින් පවසනු ඇසුනි......ඇයි අයියෙ..... අම්මට මොකද වුනේ......කලබලයට පත්වූ මා ඇසුවෙමි...... අම්මා ගේ ඇතුලෙ පඩිපෙල නගින්න ගිහින් වැටිල......ඔහු පැවසූ විට.....ඉතින් මොකද වෙලා තියෙන්නෙ.....මා කනගාටුවත් කලබයත් මුසුව ඇසුවෙමි.......කොළඹ හොස්පිටල් එකේ නැවැත්තුව.......අමම දැන් ඉන්නෙ වාට්ටුව ඇතුලෙ......අම්මට හුගක් අමාරුද ඇසූ මා.....ඉන්න මම ඉක්මනට එන්නම්.....මේ වනවිට හොස්ටල් එකෙහි සිටි මා.....ඉක්මනින් ඇදුමක් ඇදගත්තෙමි.
                   මා වාට්ටුවට පැමිනෙන විට ඇයට සැත්කමක් සදහා රැගෙන ගොස්තිබුනි......මා අසලට පැමිනි තරංග අයියා....අම්මට ටිකක් අමාරුයි වගේ නංගි ......දුක් මුසුව පැවසුවේය.....ගොඩක් තුවාලද.....මා ඇසුවෙමි.....මට හිතෙන්නෙ කොන්දට ඩැමේජ් වගේ.....පැවසූ ඔහු.....තාත්තේ .....මේ ඉන්නෙ මම අර කිව්ව තිලිනි නන්ගි.......මැදිවියේ කෙනෙකුට මාව පෙන්වා පැවසුවේය.....තිලිනි මේ මගේ තාත්ත.......මටද ඔහුගේ තාත්තා හදුන්වා දෙන්ට විය......ඔහු මා දෙස බලා කනගාටුවෙන් යුතුව මද සිනවකින් සංග්‍රහ  කලේය.....තාත්ත බයවෙන්න එපා අපි ඉන්නවනෙ.....අපි අම්මව හොදට බලාගන්නම්.....අම්මට මොකුත් වෙන එකක් නෑ......මා ඔහුගේ සිත සැනසෙන ලෙස කතා කලෙමි......සැත්කමෙන් පසුව අම්මා වාට්ටුවට ගෙනෙන විට රාත්‍රී  දහය පසුවී තිබුණි........මේ ව්නවිට මගේ දුරකතනයට ඇමතුමක් ලැබුනි......උඹ කොහේද බන් මේ රෑවෙලා ගියේ..අපි උඹව හැමතැනම හොයනව....අමාදාගේ කටහඩ ඇසුනි.......තරන්ග අයියගෙ අම්ම ඇක්සිඩන්ට් වෙලා ඇක්සිඩන්ට් වෝඩ් එකට ගෙනහල්ල බන්. තරන්ග අයිය කිව්ව ගමන් මම මෙහාට ආව.......ගොඩක් අමරුද....ඇසූ අමාදා......අපිත් එන්නම්.....ඇසුවාය......
Transgender body swap ගේ ඡායාරූපය

No comments: