හදිසි අනතුර 149................තරන්ගගෙ අම්මට දැන් කොහොමද දන්නෙ නෑ.....දින කිහිපයකට පසු........අමාදා මගෙන් ඇසුවාය........එයාට ආයෙත් අවිදින්න වෙන්නෙ නෑ අනේ.... රෝද පුටුවෙම තමයි.......මා කීවෙමි.......පවුනේද.....අමාදා කනගාටුවෙන් මෙන් කීවාය.......දවසක අපි යමුද අම්මව බලල එන්න....සම්මි.....යෝජනා කලාය......ඒකනම් හොද අදහස එය ඇසුනු දම්මි කීවාය.....තරන්ග අයියට නිවාඩු තියෙයිද දන්නෙ නෑ......මා එසේ කීවේ ඔව්න් එහෙ යන ගමන කල්දැමිම සදහාය.....අහල බලන්නකො.....දම්මි කීවාය.......එයා නැතත් අපි යමු.....මොකද තරන්ගගෙ ගදර අය අපිව අදුනනවනෙ......සම්මි කීවාය.....ඒක ඇත්ත.....පැවසූ අමාදා......කවද්ද යන්නෙ......අපෙන් ඇසුවාය......කල්දාන්න ඕනෙ නෑ ලබන ඉරිද යමු......සම්මි කීවාය.......අපි ඉරිද උදේට තිලිනිගෙ ගෙදර එකතුවෙමු......දම්මි පැවසූවිට.......අපි ටවුමට එකතුවෙමු......මා එසේ පැවසුවේ. ඔවුන් අපේ ගෙදරට පැමිණිවිට තරන්ග අයියාගේ අම්මාට සිදුවී ඇති කරදරය අපේ අම්මාට පවසාවි යන සැකයෙනි. එසේ පැවසුවහොත් අපේ අම්මාද ඇය බැලීමට අපි සමග පැමිනෙනු ඇත.අම්මලා දෙදෙන මුන ගැසී කතාකරන විට මා ගැනද කතාකලොත් ....එවිට තරන්ගගේ අම්මා මාව හදුනා ගන්නවා නොඅනුමානය. මේ අවස්තාවේදී එය විශාල ගැටලුවක් විය හැක. මෙය මට මගේ යෙහෙලියන්ට කීමට නොහැක........ඇයි එහෙම කියන්නෙ අපි ඔයාලගෙ ගෙදර එනවට අකමැතිද.....සම්මි නොසතුටෙන් කීවාය.......එහෙම එකක් නෑ අනේ.......මම කිව්වෙ ටවුමට එන එක ලේසි හින්ද..... පැවසුවෙමි.....අපිට කාලෙකින් තිලිනිගෙ අම්ම මුනගැහෙන්නත් බැරිවුනානෙ.....අපිට එයත් එක්කත් කතාකරල යන්න පුලුවන්......දම්මි කීවාය......ඒකනේ අපිට එහේ නොපුරුදු තැනක් නෙවෙයිනෙ.....දම්මි කීවාය......අපේ දිහා ආවට කමක් නෑ......තරන්ග අයියගෙ අම්ම ගැන විස්තර කියන්න එපා.එහෙ යනව කියන්නත් එපා......ඒ මොක්ද.....දම්මි පුදුමයෙන් මෙන් ඇසුවාය......අම්මත් කලබල වෙලා අපිත් එක්ක එයි.....අම්මට වැඩිය එහෙමෙහෙ යන්න හොද නෑ......කියා ගැනීමට දෙයක් නැති තැන මා එසේ කීවෙමි.....හරි හරි අපි මොකුත් කියන්නෙ නෑ....ඔව්න් එකඟ විය.
ඉරිදා උදෑසන ඔවුන් අපේ නිවසට පැමිනි විට.මාත් අම්මාත් ඔව්න්ට හොදින් සංග්‍රහ කලෙමු......මට පොරොන්දු වූ පරිදි අපි යන තැන අම්මාට නොකීම ගැන මා සතුටට පත්වුනෙමි. අපි තරන්ග අයියාගේ නිවසට ලගාවන ව්ට අපිවදුටු තරංග අයියගේ පියා අපිව සතුටින් පිලිගෙන අම්මා සිටින ස්ථානයට එක්කගෙන ගියේය. ඒ වනවිට ඇය කාමරයේ ඇදේ ඇලවී සිටියාය.....අපිව හදුනාගත් ඇය.....අනේ...මේ දූලනෙ......ඇය ඉක්මනින් නැගිටීමට උත්සාහ කරන්ට විය....නැගිටින්න ඕනැ නෑ අම්මෙ ඔහොම ඉන්න.......පැවසූ දම්මි ඇය අසලට ගියාය.......නැගිටින්න ඕනැ දුවේ.....ගොඩක් වෙලා ඇලවෙලා හිටිය......එසේ පැවසූවිට දම්මි.....ඇයට ඇදේ වාඩිවීමට උදවුකලාය.....දම්මි ඇය අසලින් ඇදේ වාඩිවූ අතර තාත්තා අපිට වාඩිවීමට පුටු කිහිපයක් තැබුවේය.......දැන් කොහොමද අම්මෙ......මා ඇසුවෙමි......කියන්නනම් දෙයක් නෑ තාම මට ඇවිදින්න තමා බැරි.....කනගාටුවෙන් මෙන් කී ඇය මේක කවදහොදවෙයිද මන්ද......කීවාය......බයවෙන්න එපා අම්මෙ ඉක්මනින් හොදවෙයි.....අමාදා කීවාය.....පුතා කෝල් කරල කිව්ව අද මාව බලන්න යාලුවො වගයක් එනව කියල......මම හිතුවෙ පිරිමි ලමයි කියල.....බලනකොට දූලනෙ......සිනා සෙමින් පැවසු ඇය.....පුතාට අද එන්න විදියක් නෑ කිව්වනෙ......කීවාය......ඔව් අම්මෙ අපිටත් කතාකරල කිව්ව සම්මි කීවාය.......අපි දෙස ටික වෙලාවක් බලා සිටි අම්මා.....දූල මාව බලන්න ආවට ....මාව රෝද පුටුවට වැටුනට පස්සෙ මගේ හොදම යාලුවොවත් මාවබලන්න දැන් එන්නෙ නෑනෙ......දුක්මුසුලෙස පැවසූ ඇය.....ඔහොම තමයි කෙනෙක් අමාරුවෙ වැටෙන්න ඕනැ යාලුවන්ගෙ හැටි තේරුම් ගන්න.....සෙමින් කීවාය......ඒ කවුද ඇන්ටි.....දම්මි ඇසුවාය........ඔයාල අදුනන්නෙ නෑ.....එයාගෙ දුව තමා අපේ පුතා බදින්න හිටියෙ.....ඇත්තද......පුදුමයෙන් මෙන් මාදෙස බලා අම්මාගෙන් ඇසූ ඇය.......තරන්ග අපිටවත් ඒවගක් කියල තිබුනෙ නෑනෙ........එයා කොහොම කියන්නද දුවේ.....මම එයාටත් මේ යෝජනාව ඉදිරිපත් කලේ ලගදිනේ......ඇය සිනාසෙමින් කීවාය.....දැන් තරන්ග ලගදි මැරිකරනවද අම්මෙ.....සම්මි ඇසුවාය........මැරි කරන්න තියා එයාල නිකමටවත් මාව බලන්න එන්න එපායැ.....මුලදි අම්මයි දුවයි දවස් දෙක තුනක් ආව......දැන් එනව තියා කෝල් කලත් කතාකරන්නෙ නෑ.......ඇය තරහෙන් මෙන් පැවසුවාය......එයාල්ට මොකක් හරි ගැටලුවක්ද දන්නෙ නෑනෙ අම්මෙ.....පස්සෙ එයි.....මා එදා රෝහලේදී පැවසූ පරිදි කීවෙමි.....මම දන්නව දැන් එයාලට තියෙන ගැටලුව මොකක්ද කියල......මාව අබ්බගාත්යෙක් විච්ච එකනෙ......ඇය දුකෙන් මෙන් කීවාය......අම්මට එහෙම වෙන්නෙ නෑ.....දම්මි ....ඇයව සනසමින් කීවාය......පුතා කවුද ගෑණු ලමයෙක් ගැන කිව්ව......ඒ සැරේ මමයි කිව්වෙ ඒව ඕනෙ නෑ චිත්‍රා ඇන්ටිගෙ දුව බදින්න කියල......මම පුතාගෙ අදහසත් වැලැක්කුව...කනගාටුවෙන් පැවසූ ඇය...කවුද දන්නෙ නෑ ඒ ගෑනු ලමය හිමින් සැරේ අහල බලන්න ඕනැ......කී ඇය.....පුතා දූලගෙ ලගම යාලුවෙක් හින්ද දූල දන්නව ඇතිනෙ ඒ ගැහැනු ලමය කවුදකියල.....පැවසූ ඇය අපි දෙන පිලුතුර ගැන විමසිල්ලෙන් සිටියාය......මා දෙස බලා මද සිනහවක් පෑ දම්මි.....
No comments:
Post a Comment