හදිසි අනතුර 159........එදින සිට තරංග අයියාට නිවාඩුවක් ලැබුනු විගස මා සමග කොහේ හෝ යෑම පුරුද්දක් විය.එහිදී අපි කොපමන සතුටට පත්වූවද ඔහු මගේ ගරුත්වය මටත් වඩා හොදින් රැකීම ප්‍රධාන කරුනක් බව දැනගැනීමට ලැබුනේ එක් දිනක සිදුවූ සිදුවීමකිනි......අයියේ ඔයා මගෙන් ගොඩක් සතුටුවෙනව.....ඒත් මට හරි දුකයි....මම පරිස්සම් කරන දේ ඔයාට දෙන්න බැරිවුන එකට...අයිය කැමතිනම්......මා එදා එලෙස නොකියා පැවසුවේ....අයියාට මෙන් මටද උපරිම සතුටට පත්වීමට ඇතිවූ ආශාව නිසාවෙනි.......ඇයි තිලිනි ඔයා ඔහොම කියන්නෙ.....මම කොයි තරම් ආශාවෙන්ද ඉන්නෙ මගේ මනමාලි පිවිතුරු කෙල්ලෙක් කියල ලෝකයට කියන්න....මට හිතෙන්නෙ අපේ අම්මත් ඒදේ බලාපොරොත්තු වෙනව.....සැරෙන් මෙන් පැවසූ ඔහු.....මම දන්නව ඔයාට ඒක ඔප්පුකරන්න පුලුවන් බව....ඔයා උපත්තියෙන් කෙල්ලෙක් නොවුනට.....ඒ ඔක්කොම දැන් ඔයාට තියෙනවයි කියලත් මම දන්නව......ඔහු මගේ කන්‍යා භාවය ගැන දැනගත්තේ කෙසේදැයි මට මහත් පුදුමයක් විය......සමහර විට අම්ම කියන්න ඇති....මා කල්පනා කලෙමි..ගැහැනුන්ගෙ නුවණ හැදිමිටේ දිගයි කියල කියන්නෙ මේකට තමයි......මාත් දැන් ඔවුන් වගේ ගැහැනියෙක්නෙ......මටත් දැන් ඒවගෙ නුවනක් තමයි ඇත්තෙ..ඒකනෙ මාත් ඕවගෙ දේවල් කියන්නෙ....එදින මා එසේ පැවසීම ගැන හිසට ටොක්කක් ඇනගත්තෙමි. අයියා පිරිමියෙකි....පිරිමින් යනු ගැහැනුන් මෙන් පටුවට හිතන ජාතියක් නොව. ඔවුන් උඩින් නොපෙන්නුවත් දුරදිග බලා කටයුතු කරන පිරිසකි.....මා ගැහැනුකමට කෙතරම් ආශාකලද ගැහැනු වූ අපි තරංග අයියා වැනි පිරිමින්ට ගරුකල යුතුබව මගේ හැගීම විය.
මගේ අවසාන විභාගයද ලංවිය. අපි මහන්සිවී පාඩම් කිරීමට පටන්ගත්තෙමු. අයියාද මාව කොහේවත් එක්ක යෑමට උනන්දු නොවුනේ මගේ විභාග කටවුතු නිසා බව වැටහුනි......මේ අතර අම්මා අපේ විවාහ .දිනය තීන්දු කරගෙන තිබුනි......එය විභාගය පසුවී මාස තුනකට පසුව දිනයක් විය....දුවේ මට හිතුන වෙඩින් එකට ඉස්සෙල්ල දුවට වාහනයක් අරන් දෙන්න......මා ගෙදර ගිය දිනක තාත්තා පැවසුවේය.....මටත් එකක් අරන්දෙන්නකො තාත්තෙ.....එය අසාසිටි මල්ලී කීවේය......ඔයා තව කොච්චර කල් කැම්පස් එකේ ඉන්නවද.....තාත්තා ඔහුගෙන් ප්‍රශ්න කලේය......තව අවුරුදු තුනක් විතර....ඔහු කීවේය......අක්කනම් හෙට අනිද්ද අවුට් වෙනව ඔයාට තව කල් තියෙනව ඒ හින්ද ඕව කල්පනාකරන්නෙ නැතුව හොදට ඉගෙනගන්න.....ඕනකමක් උනොත් ගෙදර තියෙන වහනේ පාවිච්ච් කරන්න.....තාත්තා එසේ පැවසූ විට ඔහු නිස්සබ්ද විය.......මම වාහන එලවන්න දන්නෙ නෑනෙ තාත්තෙ....මා කීවෙමි....ඒක ඉගෙනගන්න පුලුවුඅන්නෙ....ඔහු කීවේය....මට බයයි තාත්තෙ.....මා එසේ කීවේ එදා සයිකල් අනතුර සිහිවීමෙනි.....පරිස්සමින් එලවනකොට බයවෙන්න දෙයක් නෑ..... ඔහු කීවේය....දුවට බැරි වුනාට තරංග පුතාට පුලුවන්නෙ.....පැවසූ ඔහු.....වෙලාවක දෙන්න එක්ක ගිහින් අලුත් වාහනයක් බලන්න......එයා පාවිච්චි කරන්නෙත් පොඩි එකක්නෙ.....ඒක විකුනන්න කියන්න......තාත්තා පැවසුවේය. මා මෙම විස්තර තරංග අයියාට පැවසූ පසු ඔහු ඒසදහා උනන්දු විය.සමහර වෙලාවට වාහන බැලීමට මාවද එක්ක යන්ට විය. අපි දෙදෙනාගේ කැමැත්ත පරිදි වාහනයක් තෝරාගත් අතර එයට මුලු වියදම තාත්තා දැරුවේය....
අපේ විභාගය අවසන් විය......ඒසමගම අපේ වෛද්යයවිද්යාලයේ ගතකල අවසන් දිනයද උදාවිය....පාසැල් වියේ සිට එකටම සිටි මගේ පනවැනි යෙහෙලියන්ගෙන් මිදී යෑම හිතට මහත් දුකක් ගෙනදෙන කරුනක් විය...එදා පිරිමි ලමයෙකු ලෙස සිටි මා එකවරම ගැහැනු ලමයෙකු ලෙස වෙන්ස්වූවිට ගැහැණුකම යනු කුමක් දැයි හදුනාගත්තේ ඔවුන්ගෙනි......ගැහැනු ළමයෙකු ලෙස හැසිරෙන ආකාරය. කතාකරන ආකාරය ඉගෙන ගත්තේද ඔවුන්ව අනුකරනය කිරීමෙනි. පිරිමි ජීවිතය සම්පූරනයෙන්ම මගේ සිත තුලින් අතුගා දැමීමට ඔවුන්ගේ ඇසුර ඉතාමත් උපකාරීවිය.ඒ අතර දම්මි විසේස තැනැතියක් විය. අමාදා, දම්මි, සම්මි අපි එකට එකතුවී කදුලු සලමින් අපේ දුක බෙදාගත්තෙමු.....අපි මෙහෙන් ගියාට අපේ ආස්සරේ හැමදාම තියාගම්මු.....දම්මි අපිව තුරුල්කරගනිමින් කීවාය......තිලිනිගෙ වෙඩින් එක දාට අපිට ආයෙත් එකතුවෙන්න පුලුව්න්නෙ......අමාදා කීවාය.....දවස් දෙකම උබල එන්න ඕනැ.....වෙඩින් එකයි හෝම්කමින් එකයි දෙකම උබලට කියනව......හර්සනීටත් කියනව.....මා පැවසුවෙමි. තව ස්කෝලෙ හිටිය ලගම යාලුවො කීපදෙනෙකුටත් කියන්න හිතාගෙන ඉන්නව.....මා කීවෙමි.
අපි වෙන්ව ගිය පසු මගේ යෙහෙලියන් වෙනුවෙන් කෑමක් පිලියෙල කිරීමට අම්මාට වුවමනාවිය.....මා ඔව්න්ට මෙයට ආරාධනා කලෙමි..... තරංග අයියාටද ආරාධනා කලෙමි. එදින අපිට නැවත එකතුවීමට ලැබීම ගැන මා බෙහෙවින් සතුටුවුනෙමි.....මේ අතර තාත්තා අපේ මගල්යයේ කටයුතු කොම්පැනියක් වෙත බාර දී තිබුනි.....සියලු කටවුතු ඔවන් සොයා බලා කරන්ට වූ අතර අපිට සිදුවූවේ අපේ කැමැත්ත පැවසීම පමනි.....මංගල්‍යය ට පෙර මගේ මුහුන සකස් කර ගැනීම සදහා සැලූන් එකට ගියෙමි......මගේ මුහුන දෙස බැලූ එහි අක්කා.......ඔයාට එච්චර මේකප් ඕනෙ නෑ.....ඔයාගෙ ස්වභාවික මුහුන මේකප් දාල වගේ තමා.....ඒ හින්ද වෙඩින් එකට ලන්වෙලාම එන්න.....මගේ මුහුනේන් පෙන්නුම් කරන රූමත් භාවය වර්නා කරමින් පැවසුවාය....
No comments:
Post a Comment