Wednesday, September 13, 2017

හදිසි අනතුර 137...................තරංග අයියා පොරොන්දු වූ පරිදි සවස මා හමුවීමට පැමින සිටියේය.... උදේ පොඩි වැඩටිකක් තිබුන ඒකයි එන්න බැරිවුනේ.... උදේ නාපුඑක හොදයි අපේ විසිට් එක තිබුනෙත් උදේනෙ......මා මෙසේ පවසන විට ඔහු මා දෙස වෙනදා නොමැති විලසින් බලා සිටිනු දුටුවෙමි. මාගේ පපුව දෙස බැලූ මා.....මොකද පුදුම වෙලා වගේ.....ඇසුවෙමි.....පුදුම වෙලා නෙවෙයි ඔයා අද හරිම ලස්සනයි.....හැමදාම ඔය විදියට සාරිය අදින්නකො......කීවේය.......යන්තන් අම්මට කියල අන්ද ගත්ත.....ඉතින් හැමදාම අම්ම ළඟ නෑනෙ......මා පැවසුවෙමි.....ඉගෙන ගත්තනම් හරිනෙ......ඔව් අනේ හැමදාම අම්මට කරදර කරන්න බෑනෙ තනියම ඇදගන්න ඉගෙනගන්න ඕනැ......මා පැවසුවෙමි......ඔයා මම කීව්ව එක ගැන මොකද කියන්නෙ....අම්මට කිව්වද......අනතුරුව ඔහු ඇසුවේය......අම්මගෙනම් එච්චර කැමැත්තක් නෑ වගේ.....මා මුහුන බෙරිකරගෙන පැවසූවිට...ඇයි ඒ.....ඔහු ඇසුවේය......වටිනා කොල්ලෙක්ව අමාරුවෙ දන්න එපා කියල කිව්ව...මා සිනාමුසු මුහුනෙන් යුතුව කීවෙමි ...ඔයා හින්ද මාව කොහොමද අමාරුවෙ වැටෙන්නෙ........ඇයි අනේ....අම්ම දන්නවනෙ....ඔයා මගෙ අතීත කතාව දන්නව කියල......මට ඒ අතීතයෙන් වැඩක් නෑ......ඔයාලගෙ කැමැත්තයි ඕනෙ.........ඔහු ස්තීර සවරූපයෙන් පැවසනු මා දුටුවෙමි.......අනේ මන්ද දවසක ඇවිත් අම්ම එක්ක කතාකරන්නකො......මා පැවසූ විට........එකවරම මගේ අත අල්ලා පපුවට තුරුලුකරගත් ඔහු.....එහෙනම් ඔයා මට කැමතියි......  සතුටින්  පවසා අත සෙමින් සිපගත්තේය.......මා ලැජාවෙන් වටපිට බලන්ට වූවේ....මාගේ යෙහෙලියන් මෙය දකීවිදැයි සැකයෙනි......උන් එකෙක් හරි මේක දැක්කොත් අද මාව විනාසයි......මා අත්වලින් ඔහුගේ උනුසුම විදිමින් කල්පනාකලෙමි......කවද්ද කෙල්ලෙ.....සොරි.....තිලිනි....ඔයාගෙ අම්ම හම්බවෙන්න එන්නෙ......ඔහුගේ කලබලයට මට කෙල්ල කියා ඇමතීම ගැන සමාවගෙන ඇසුවේය......මට කෙල්ල කිව්වට කමක් නෑ අනේ.....කොහොමත් මම දැන් කෙල්ලෙක් නේ......මා ඔහු දෙස ආදරයෙන් බලා පැවසුවෙමි.......ඉතින් කියන්නකො කවද්ද එන්නෙ කියල......ඔහු මගේ අත අල්ලාගෙනම ඇසුවේය.......අයියට කැමති වෙලාවක ඒත් මම ආයෙත් ගෙදර යන්නෙ ලබන සිකුරාද හවස්වෙලා........යනකොට අපි දෙන්න එක්කම යමු.......ඔහු කීවේය......එතකොට ඔයාට තනිත් නෑනෙ.....ඔහු පැවසුවේය.......මට තනි නෑ මාත් එක්ක යාලුවො ටික එනව......ඔයත් ආවොත් උන්ටික මට වදේ ගහයි.......ඔයා සෙනසුරාද උදේ එන්න......මා කීවෙමි......ඔයා කියනවනම් එහෙමවත් කරන්නම්......ඔහු එසේ පැවසුවේ එතරම්  සතුටකින් නොවනබව මට වැටහුනි.....එහෙත් මා කිසිවක් කීවේ නැත.....
               හරි වැඩේනෙ අම්මෙ.... තරංග අයිය හෙට උදේ මෙහෙ එනව කිව්වනෙ......සිකුරාදා සවස ගෙදර ගිය මා අම්මාට පැවසුවෙමි......මේ හදිස්සියෙ.....ඒ මොකටද......ඇය ඇසුවේ පුදුමයෙන් මෙනි.......මම දන්නෙ නෑ.... අම්මත් එක්ක කතාකරන්න ඕනැ කිව්වෙ......මා පවසන විට......දන්නෙම නෑ තොත්ත බබා.......මගේ තොල්පෙති දෙක සෙමින් මිරිකා පැවසූ ඇය.......එහෙනම් ඒ ලමයට තේවත් ලෑස්ති කරන්න ඕනැනෙ........තව කවුරු එක්කද එනව කිව්වෙ දුවේ......ඇසුවාය.....දන්නෙ නෑ අම්මෙ එයා තනියම එයි මගෙ හිතේ......මා පිලිතුරු දුන්නෙමි......තාත්තටත් ඉන්න කියන්නද ......අම්මා ඇසුවාය.....එපා අම්මෙ ඉස්සෙල්ල අම්ම කතාකරල බලන්නකො පස්සෙ තාත්තට කියන්න පුලුවන්නෙ.......මා එසේ පැවසුවේ එකවරම තාත්තා මෙය දැනගත හොත් ඔහුගේ ප්‍රතිචාරය කෙසේ වේ දැයි සැකයෙනි.
                 කොල්ලට හොදට සලකන්න ඕනැනෙ දුවේ මම මල්ලිකාට කිව්ව හැලප ටිකක් හදන්න කියල....පානදර කුස්සියට ගියවිට අම්මා කීවාය ...මාත් උදව්වෙන්නම් හදමු.......මා සතුටින් කීවෙමි.......ඔව් ඉතින් බේබිත් මේ වැඩවලට කැමතිනෙ......මල්ලිකා සිනාසෙමින් කීවාය........මේ විතරක් නෙවෙයි කඩේට ගිහින් තව මොනව හරි ගේන්න ඕනැ.....අම්මා පැවසුවාය........අම්මගෙ බෑන පොඩ්ඩට හොදට සලකන්න වගේ හදන්නෙ......මා අම්මාගේ කනට කර කීවෙමි.......නැතුව පුලුවන්ද......මගේ දුවව බලාගන්න ඉන්න කෙනානෙ.......ඇය මගේ පිම්බුනු කම්මුල මිරිකා කීවාය......
                   දුවේ ඒ ලමය එනකොට ඔහොම ඉන්නෙ නැතුව ලස්සන ගවුමක් ඇදගෙන හැඩවෙලා ඉන්න......මා ගෙදරට අදින ගවුම ඇදගෙන සිටිනවිට අම්මා කීවාය.......සාරියක් ඇදගන්නද.......මා ඇසුවේ විහිලුවට මෙනි......සාරි අදින්න මගුල් තීන්දුවකට එන්නෙ නෑනෙ.....ඒව අදින්න පස්සෙ පුලුවන් දැන් ගවුමක් ඇදගෙන එන්න......අම්මා කීවාය.......මේකත් ඉතින් තීන්දුවක් වගේ තමා.....කිසිවෙකුට නොඇසෙන සේ සෙමින් මිමිනූ මා කාමරට ගියේ ඔහු පැමිනෙන විට ලෑස්තිවී සිටීමටය.........

No comments: